2019 අසියානු බර එසවීමේ ශූරතාවයට යන සංචිතය මෙන්න

128

ආසියානු බර එසවීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ  2019 ආසියානු බර එසවීමේ ශූරතාවය අප්‍රේල් මස 18 වැනිදා චීනයේ නින්ග්බෝ හිදී පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් බර එසවීමේ ඉසව්වට තේරීම සඳහා අවස්ථා 3ක් සම්පූර්ණ කළ යුතු අතර මෙය ද ඉන් එක අවස්ථාවක් ලෙස සැලකේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට 2019 ආසියානු බර එසවීමේ ශූරතාවය, ඔලිම්පික් සහභාගිත්වය සම්පූර්ණ කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් වනු ඇත. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6ක් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යෞවනයෝ රිදී 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනති

3 වැනි වරටත් පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 3ක් සමඟින් තරගාවලිය…

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන් සහභාගී වන බර පන්ති

පිරිමි

  • වයි. ඩී. අයි. කුමාර – 55kg
  • ඩබ්. කේ. පලඟසිංහ – 61kg
  • අයි. සී. දිසානායක – 73kg
  • සී. ඩී. විදානගේ – 81kg

කාන්තා

  • ඩී. එච්. ගෝමස් – 49kg
  • සී. එම්. වර්ණකුලසූරිය – 55kg       

නිලධාරීන්

  • කළමනාකරු – ඩී. එස්. එස්. වැලිකල
  • ප්‍රධාන පුහුණුකරු – ආර්. බී. වික්‍රමසිංහ
  • සහය පුහුණුකරු – කේ. එන්. දයාන්  
  • සම්බාහක – එම්. බී. ජයතිලක

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<