දිමුත්ගේ ශතකයත් සමඟින් ජය මහනුවරට

270
SLC Inter District cricket March 21st roundup

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නවතම මුහුණුවරකින් සංවිධානය කරනු ලබන අන්තර් දිස්ත්‍රික් එක්දින තරගාවලියේ තවත් උණුසුම් තරග කිහිපයක්ම අද (21)  පැවැත්විය. අද අවසන් වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර හා අනුරාධපුර කණ්ඩායම් සමත් වූ අතර, දිමුත් කරුණාරත්න වාර්තා කල ශතකය ද දිනය තුල කැපීපෙනින.

නාලන්ද බළකොටු බිදලූ තර්ස්ටන් අවසන් තරගයට

සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තරග කිහිපය අද (21) පටන් ආරම්භ වන අතර, එහි සීමිත පන්දුවාර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ…

මහනුවර හා නුවරඑළිය

මහනුවර කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහර දුන් මෙම තරගය කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්විය. මෙම තරගයෙන් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කලේ ලකුණු 96කිනි.

මහනුවර කණ්ඩායම ලකුණු 208ක් දක්වා ගිය ගමන තුල තම වගකීම නිසි ලෙස ඉටුකල දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 110*ක් රැස්කර ගන්නා ලදි. ඔහුට තරමක් හෝ සහය වුනු දසුන් ශානක ලකුණු 33ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී නිලංක සඳකැන් කඩුලු 3ක් දවාලමින් දස්කම් දැක්විය.

දෙවනුව පිතිකරණයේ නිරත වුනු නුවරඑළිය කණ්ඩායමට ප්‍රමෝද් මදුවන්ත ලකුණු 36ක් එක් කරන විට, අනෙක් පිතිකරුවන්ට ඒ සීමාව පසුකරලීමට කසුන් මදුසංක ඇතුළු මහනුවර පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

කසුන් මදුසංක කඩුලු 6ක් දවාලන විට, නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

මහනුවර – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 43): දිමුත් කරුණාරත්න 110*, දසුන් ශානක 33, මිනෝද් භානුක 24, රුවිදු ගුණසේකර 4/37, නිලංක සඳකැන් 3/28

නුවරඑළිය – සියල්ලන්ම දැවී ලකුණු 113 (පන්දුවාර 38): ප්‍රමෝද් මදුවන්ත 36, කසුන් මදුසංක 6/32, නුවන් ප්‍රදීප් 2/20


අනුරාධපුර හා පොළොන්නරුව

අනුරාධපුර කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පිතිකරණයට අවස්ථාව ලබා ගන්නා ලදි. මෙම තරගයෙන් ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අනුරාධපුර කණ්ඩායමට හැකිවිය.

බ්ලුම්ෆීල්ඩ් පිටියට පළමුව පිතිකරණය සඳහා පැමිණි අනුරාධපුර කණ්ඩායම වෙනුවෙන් ලහිරු ජයකොඩි අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 62ක් රැස්කර ගන්නා ලදි. ඔහුට හොඳ සවියක් ලබා දෙමින් අනෙක් අන්තයෙන් සවියක් වුනු නිපුන් කරුණානායක ලකුණු 61ක් රැස් කළ අතර, එම සබඳතාවය සඳහා දැකුම්කළු පහර කිහිපයක්ම අන්තර්ගත කිරීමට ඔවුන් දෙපල සමත් විය. පන්දු යැවීමේ දී යොහාන් ද සිල්වා හා සුරේෂ් පීරිස් කඩුලු 3 බැගින් දවාලන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ පොළොන්නරුව කණ්ඩායම සාර්ථක ආරම්භක සබඳතාවයක් ලබා ගත්ත ද අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 235ක් පමණක් වන අතර, එයින් ලකුණු 64ක්ම තරිදු සිරිවර්ධනගේ ගිණුමට බැර විය. ලකුණු 49ක් ලබාගෙන සිටි සුලාන් ජයවර්ධන අර්ධ ශතකය පෙනි පෙනී දැවී යන විට, ක්‍රිශාන් අපෝන්සු ලකුණු 30ක් ලබා ගැනීමට සමත් විය. මලිත් ද සිල්වා පොළොන්නරුව කණ්ඩායමේ මැදපෙළ බිදලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අතර ඔහු ලකුණු 31කට කඩුලු 4ක් දවාලන ලදි. ඊට අමතරව ඉම්රාන් කාන් හා අදීශ නානායක්කාර කඩුලු 3 බැගින් දවාලමින් දවා ගැනීමට සමත් විය.

අනුරාධපුර – සියල්ලන්ම දැවී ලකුණු 266 (පන්දුවාර 50): ලහිරු ජයකොඩි 62, නිපුන් කරුණානායක 61, නිසල් ෆැන්සිස්කෝ 43, අකීල් ඉන්හාම් 35, යොහාන් ද සිල්වා 3/37, සුරේෂ් පීරිස් 3/70

පොළොන්නරුව – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 50): තරිදු සිරිවර්ධන  64, සුලාන් ජයවර්ධන 49, ක්‍රිශේන් අපෝන්සු 30, නිපුන ගමගේ 25, මලිත් ද සිල්වා 4/31, ඉම්රාන් කාන් 3/25, අදීශ නානායක්කාර  2/45

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට