සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු දෙදින පුහුණු තරගය අද (30) පළමු දිනයට කොළඹ එන්. සී. සී. පිටියේ දී අවසන් වූයේ ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 392ක් ලබා සිටිය දී ය.
එංගලන්තයට අභියෝගයක් වන ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය නම් කරයි
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වැනිදා ආරම්භ වේ
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පිටියට පිවිසි අතර ක්‍රීඩකයෝ සිව්දෙනෙක් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. ඒ කෞෂාල් සිල්වා, සධීර සමරවික්‍රම, අශාන් ප්‍රියන්ජන් සහ මනෝජ් සරත්චන්ද්‍ර ය.
ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි ලහිරු තිරිමාන්න සහ කෞෂාල් සිල්වා අතර එක් වූ ලකුණු සබඳතාව 99කි. කෞෂාල් සිල්වා පන්දු 82ක දී හතරේ පහර 9ක් සමගින් ලකුණු 62ක් ලබා සිටියට දී පිටියෙන් ඉවත් වෙමින් සධීර සමරවික්‍රමට පන්දුවට පහර දෙන ලෙසින් ආරාධනා කළේය.
ලහිරු තිරිමාන්න සහ සධීර සමරවික්‍රම ඉනිම ගොඩනගමින් සිටිය දී තිරිමාන්න පන්දු 120ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවකට දැවී ගියේ ය.
සධීර ද පන්දු 66ක දී හතරේ පහර 11ක් සම ලකුණු 58ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 204ක් ආ විගස සධීර ද තම ඉනිම නොදැවී හැර ගියේ ය.
ඉනිම් අතහැර ගිය අනෙක් ක්‍රීඩකයා වූයේ අශාන් ප්‍රියන්ජන් ය. ඔහු පන්දු 86කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේ ය.
මාලිංග A කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙස වෙන්දේසි වේ
6 වැනි වරටත් පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (BPL) ක්‍රීඩක වෙන්දේසිය ඊයේ
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ද අද තරගයේ දී ලකුණු 45ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 38කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කර ගෙන සිටියේ ය.
අඩු ලකුණු ප්‍රමාණයකට පළමුවෙන්ම දැවී ගියේ චරිත් අසලංක ය. පන්දු 8කට පමණක් මුහුණ දුන් ක්‍රිස් වොක්ර්ස්ගේ පන්දුවකට අතිරේක ක්‍රීඩක ඔලි පොප් අතට උඩ පන්දුවක් දී දැවී යද්දී හතරේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියේ ය.
කමිඳු මෙන්ඩිස් ලකුණු 20කට ද, රොෂේන් සිල්වා ලකුණු 11කට ද දැවී යද්දී පැතුම් නිස්සංක පන්දු 44ක දී ලකුණු 29ක් ලබා ගත්තේ ය.
දිනය අවසන් වෙන විට මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 56කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා සිටියේ ය. පන්දුවට පහර දීමට පැමිණීමට නියමිතව සිටියේ ශෙහාන් මධුශංක ය.
පන්දු යවන්නෝ 8 දෙනෙක් උපයෝගි කර ගැනීමට එංගලන්ත නායකයා කටයුතු කළ ද ඔවුන්ට ඉනිමේ දැවී ගිය කඩුලු 9න් හිමි වූයේ කඩුලු 6ක් පමණි. කඩුලු 3ක් ඉනිම් හැර ගිය වූවෝ වූහ.
ඒ අනුව මොයින් අලි කඩුලු 2ක් ද, ජේම්ස් ඇන්ඩර්සන්, ක්‍රිස් වෝකර්ස්, අඩිල් රෂීඩ් සහ ජෝ ඩෙන්ලි කඩුල්ල බැගින් ද දවා ගත්හ.
තරගය හෙට (31) දිනයේත් ක්‍රියාත්මක වෙන අතර හෙට තරගයේ අවසාන දිනයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම; කඩුලු 9ක් දැවී 392 (89.5): ලහිරු තිරිමාන්න 45, කෞෂාල් සිල්වා 62, සධීර සමරවික්‍රම 58, ඇන්ජලෝ මැතිව්ස් 45, අශාන් ප්‍රියන්ජන් 50, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 59, මොයින් අලී 2/64,
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















