ජෝන් ටාබට් තරගාවලිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදලින් ආධාර

200
2018 Ritzbury Sir John Tarbat

පාසල් මලල ක්‍රීඩා පිටිය අතික්‍රමණය කරනා අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම, මලල ක්‍රීඩා පිටියෙන් ජාත්‍යන්තරය ජය ගන්නට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පන්නරය ලබා දෙන “රිට්ස්බරි සර් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය” 89 වැනි වරටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසන්.

ඉන්දුනීසියා ගිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර

18 වන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියේය…

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ නිර්දේශය සහ අධීක්ෂණය මත සංවිධානය වන මෙම තරගාවලියට අඛණ්ඩව 8 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකාවේ අංක 1 චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි ඉදිරිපත් වී සිටියි.

වයස අවුරුදු 16, 18 සහ 20න් පහළ ලෙස වයස් කාණ්ඩ තුනක් යටතේ සංවිධානය 89 වැනි ජ්‍යේෂ්ඨ සර් ජෝන් ටාබට් තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

කනිෂ්ඨ සර් ජෝන් ටාබට් තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේ අදියර තුනකින් පළාත් මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් මස 17 වැනිදා සිට 19 වැනිදා දක්වා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. කනිෂ්ඨ තරගාවලිය පැවැත්වෙන 49 වැනි අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා ශූරතාවලිය වන මෙම තරගාවලිය හරහා දේශීය මෙන්ම ජාත්‍යන්තර තලය ජය ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව අතිමහත්ය.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව බදාදා (12) කොළම දී පැවති අතර එහි දී අනුග්‍රාහක චෙක්පත් හුවමාරු කිරීමට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදුකෙරුණි.

2017 වර්ෂයේ පැවති ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතා දැක්වූ මත පදනම්ව තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට රිට්ස්බරි අනුග්‍රහයෙන් මසකට රු.5000 බැගින් වන ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරුණි. ඩී. එම්. එච්. එස්. කරුණාරත්න (වලල ඒ. රත්නායක විදුහල), එච්. එම්. බිමාෂි අස්මිකා (කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය), එච්. එස්. සඳනි කවීෂා (දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය), ඩිලාන් මදුසංක බෝගොඩ (ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, කුරුණෑගල), සඳමිනි බණ්ඩාර (කෑගල්ල සාන්ත ජෝසප් විද්‍යාලය) සහ ටී. එම්. එස්. ඩී. එස්. රත්නසිරි (මොරකැටිය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය) එම ශිෂ්‍යත්ව ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ය.

රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ…

මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ CBL ආයතනයේ අලෙවි සාමාන්‍යාධිකාරී නිලුපුල් ද සිල්වා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අඛණ්ඩව 8 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීමට ලැබීම සතුටට කරුණක් වන බවත් ඉදිරියටත් මෙම තරගාවලිය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමට සිය ආයතනය අපේක්ෂා කරන බවයි. එමෙන්ම,

අපි සෑම අවුරුද්දකම තරගාවලියේ ගුණාත්මක බව වැඩි කරන්න වැඩපිළිවෙළවල් සකස් කරනවා. තරගාවලිය සඳහා ගිලන්රථ, වෛද්‍යවරුන් සහ හෙදියන් ලබා දීම, තරගාවලියට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීම ඉන් කිහිපයක්. යැයි එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ජපාන ප්‍රේක්ෂකාගාරය හැඬවූ ශ්‍රී ලංකාවේ සොඳුරු පරාජිතයා

ඒ 1964 ග්‍රීෂ්ම ඍතුවයි. දිනය 1964 ඔක්තෝබර් 14 වැනිදාය. එදින ජපානයේ ටෝකියෝ නුවර ජාතික ක්‍රීඩාංගණය…

ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සහභාගී වන පාරමි වසන්ති අද වන විට ලෝකයේ දෙවැනි ස්ථානයට පත්වෙලා තියෙනවා. ඇය ද මෙම ක්‍රීඩා තරගාවලිය හරහා රටට දායාද වූ ක්‍රීඩිකාවක්. අද වන විට මීටර් 400 බාලක අංශයේ ලංකාවේ හොඳම ක්‍රීඩකයා ඉන්නේ අකුරම්බොඩ මහා විද්‍යාලයේ ක්‍රීඩකයෙක් (අරුණ දර්ශණ). ඉතිං එවැනි ක්‍රීඩකයින් අද බිහිවෙලා තියෙනවා ඔබ ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන මෙවැනි තරගාවලි නිසා. යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසීය.

පසුගිය ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී අපට කිසිම පදක්කමක් දිනා ගන්න බැරි වුනා. ලංකාවේ හොඳම කනිෂ්ඨ කණ්ඩායම දැන් තමයි තේරිලා ඉන්නේ. නමුත් ජාතික මට්ටමින් අපිට කිසි දෙයක් කරගන්න බැරි වුනා. පසුව මම ක්‍රීඩා අමාත්‍යතුමා සමඟින් සාකච්ඡා කළා. දැන් ඉන්න කනිෂ්ඨ කණ්ඩායම අවුරුදු 3, 4 නිවැරදි පුහුණුවකට ගෙනිච්චොත් අපිට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන්, දක්ෂතා තියෙන ක්‍රීඩකයින් ඉදිරියට ගෙන යන්න වගේම ආරක්ෂා කර ගැනීම තුලින් අපිට ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන්, යැයි ජයවීර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙම මධ්‍ය හමුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදේශක සුනිල් ජයවීර, පාසල් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් නෙවිල් රුද්‍රිගෝ, උප සභාපති කේ. ජී. ප්‍රනාන්දු, CBL ආයතනයේ සාමාන්‍යාධිකාරී අලෙවි නිලුපුල් ද සිල්වා, පාසල් ගුරුවරුන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සහභාගී විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<