විදෙස් ක්‍රීඩකයින් නැවතත් කරළියට

552

මෙවර ඩයලොග් රග්බි ලීගය ආරම්භ කර සති 9කට පසු ලැබුණු අධිකරණ නියෝගය මඟින් විදේශීය ක්‍රීඩකයින් හට නැවත මෙරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබුණි. ඒ අනුව ඩයලොග් රග්බි ලීගයේ මේ වන විට අවසන් ස්ථාන තුන හිමි යුධ හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජයන්හි විදෙස් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ හැකියාව හිමි විය.

උසාවි නියෝගයකින් විදෙස් ක්‍රීඩකයින්ට තහනමක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය වෙත අද (23) උසාවි නියෝගයක් නිකුත් කෙරුණි.

එම අධිකරණ නියෝගයත් සමඟ මෙම සතියේ සිට විදෙස් ක්‍රීඩකයින් නැවත මෙරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කිරීමට නියමිතයි.

පසුගිය වසරේ (2018) නොවැම්බර් මාසයේ දී CH&FC කණ්ඩායම විසින් ගොනුකරන ලද පැමිණිල්ල සැලකිල්ලට ගෙන පරීක්ෂණ පවත්වා අධිකරණය විසින් තීරණය කරන තුරු සියලුම විදෙස් ක්‍රීඩකයින්ට තාවකාලිකව ඩයලොග් රග්බි ලීගය තහනම් කරනු ලැබීය.

තරගාවලියේ නීතිය අනුව අවසන් ස්ථාන 4 හි සිටි CR&FC කණ්ඩායම, යුධ හමුදා ක්‍රීඩා සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයට විදෙස් ක්‍රීඩකයින් තම කණ්ඩායමට ක්‍රීඩා කරවීමේ හැකියාව හිමිවී තිබුණි.

කෙසේ නමුත් අවසන් අධිකරණ තීන්දුවට අනුව යුධ හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩා කිරීමට විදෙස් ක්‍රීඩකයින්ට අවස්ථාව හිමිවන අතර CR&FC කණ්ඩායමට එම අවස්ථාව අහිමි වී තිබේ.

පොලිස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන Emosi Vunivosa

මෙම තත්ත්වය පිළිබඳව CR&FC කණ්ඩායමේ ජීවන් ගුණතිලක මෙසේ අදහස් දැක්වීය.

“CH&FC කණ්ඩායම විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනය හරහා විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ක්‍රීඩා කළ හැකි දැයි අපෙන් ඉල්ලා සිටියා. ඉතින් අපි ක්‍රීඩාවේ ජීව ගුණයට හානියක් නොවන ලෙස විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ක්‍රීඩා කළා. අවසානයේ අප කළ යුතු වන්නේ රග්බි ක්‍රීඩාව වෙත අවධානය යොමු කිරීම මිස අධිකරණ තීන්දු පිළිබඳ අවධානය යොමු කිරීම නොවේ.”

මෙම සතියේ පැවැත්වීමට නියමිත යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මෙන්ම පොලිස් ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ද විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ඇත. මෙවර ඩයලොග් රග්බි ලීගයේ අවසන් වරට විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ලැබුවේ දෙවන සතියේ දීය.

යුධ හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජයන්හි ක්‍රීඩා කළ විදෙස් ක්‍රීඩකයින් තහනම පැවති කාලයේ දී ද මෙරට තුළ රැඳී සිටිය අතර අවසානයේ ඔවුන්ට මෙවර ඩයලොග් රග්බි ලීගයේ ක්‍රීඩා කිරීමේ වරම් හිමි විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<