තරින්ද රත්වත්ත නැවත වතාවක් නාවික හමුදාවට හිසරදයක් වෙයි

368

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් තරගයක් අද (2) පැවැත්වුණේ ප්‍රබල CR&FC කණ්ඩායම හා නාවික හමුදා ක්‍රීඩා සමාජය සමඟයි. තරින්ද රත්වත්ත අවසන් මොහොතේ සාර්ථක කර ගත් දඬුවම් පහරත් සමඟින් ලකුණු 23-20ක් ලෙස තරගයේ ජය හිමි කර ගත්තේ CR&FC කණ්ඩායමයි. තරගය පැවැත්වුණේ කොළඹ ලොන්ඩන් පෙදෙස CR&FC ක්‍රීඩාංගණයේ දීයි.

විදෙස් ක්‍රීඩකයින් නැවතත් කරළියට

මෙවර ඩයලොග් රග්බි ලීගය ආරම්භ කර සති 9කට පසු ලැබුණු අධිකරණ නියෝගය මඟින් විදේශීය ක්‍රීඩකයින් හට නැවත මෙරට ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබුණි.

අසාර්ථක තරග කිහිපයකින් පසු CR&FC කණ්ඩායම පසුගිය සතියේ පෙරළිකාර යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කළ අතර මෙවර තරගාවලියේ අවාසනාවන්ත ලෙස දිගින් දිගටම අසාර්ථක වූ නාවික හමුදා ක්‍රීඩා සමාජයට මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ දරුණු ලෙස පරාජය වන්නට සිදු විය.

ලීග් රග්බි තරගාවලියේ අවසාන අදියර කරා ළඟා වෙද්දී ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන සඳහා මහනුවර හා හැව්ලොක් කණ්ඩායම් තියුණු සටනකට පිවිස සිටින අතර CH හා CR කණ්ඩායම් තුන්වැනි හා හතරවැනි ස්ථානවල රැඳී සිටියි. මේ තරගය CR&FC ක්‍රීඩා සමාජයට වැදගත් වූයේ මේ තරගයේ ජයග්‍රහණයෙන් ඔවුන්ට කුසලාන අංශයේ සිය අසුන පහසුවෙන් වෙන් කර ගත හැකි වූ බැවිනි.

නාවික හමුදා නායක තිළිණ වීරසිංහ ගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර CR කණ්ඩායම ඔවුන්ගේ ප්‍රබල ක්‍රීඩක තරින්ද රත්වත්ත අතිරේක ක්‍රීඩක බංකුවේ තබමින් තරගය ආරම්භ කිරීම විශේෂත්වයක්.

3 වන මිනිත්තුවේ දී CR කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර ස්ටීවන් සිවරාජ් තරගයේ ආරම්භක ලකුණු රැස් කිරීමට සමත් විය. (CR 03-00 නාවික)

CR ආක්‍රමණයට ඉතා හොඳින් පිළිතුරු ලබා දෙමින් නාවික හමුදා ක්‍රීඩකයින් පළමු මිනිත්තු 10 දී ම CR අර්ධයේ රැඳී සිටියේ ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස Line out අවස්ථාවකින් පන්දුව ලබා දෙන ගිහාන් පෙරේරා තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර නාවික හමුදා Rolling Maul ආකාරයට ඉදිරියට යද්දී CR ආරක්ෂක වළල්ලට ඔවුන් නැවැත්වීමට හැකි වූයේ නැත. තිළිණ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (CR 03-07 නාවික)

පෙරළිකාර යුධ හමුදාවට CR&FC අර්ධ ශතකයකින් සංග්‍රහ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් විශේෂ තරගයක් අද (26) CR&FC ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ පෙරළිකාර යුධ හමුදා ක්‍රීඩා සමාජය හා CR&FC…

14 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු ගැමුණු චේතිය පන්දුවත් සමඟින් ඉතා දක්ෂ ලෙස ඉදිරියට ඇදුණු අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් ඔමල්ක ගුණරත්න නාවික ක්‍රීඩකයින් බිම හෙළමින් ලකුණු වාර්තා කිරීමට සමත් විය. සිවරාජ් හට අමතර ලකුණු එකතු කිරීමට හැකි වූයේ නැත. (CR 08-07 නාවික)

16 වන මිනිත්තුවේ දී තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තිළිණ වීරසිංහ ලකුණු රැස් කළේ උණුසුම් තරගයකට දොරගුළු විවර කරමිනි. (CR 08-10 නාවික)

නාවික හමුදා ක්‍රීඩකයින් දිගින් දිගටම ප්‍රබල ආක්‍රමණයක නිරත වූ අතර නැවත වතාවක් CR ආරක්ෂක වළල්ල ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තබමින් රවින් ද සිල්වා පහසුවෙන් ධවල රේඛාව ඉක්මවා යාමට සමත් විය. තිළිණ වීරසිංහ පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (CR 08-17 නාවික)

නොසිතූ ලෙස නාවික හමුදාව පෙරමුණ ගද්දී CR කණ්ඩායම සිය ප්‍රබලතම අවිය වන තරින්ද රත්වත්ත 28 වන මිනිත්තුවේ දී කණ්ඩායමට එකතු කළේ ඔහුගේ සේවය අවශ්‍යම වූ මොහොතකදීය.

32 වන මිනිත්තුවේ දී මීටර 60ක පමණ දුරකින් හිමි වූ දඬුවම් පහරක් ලකුණු බවට පරිවර්තනය කිරීමට තිළිණ උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

ඊට මිනිත්තු දෙකකට පසුව නාවික හමුදා ක්‍රීඩකයින් අනර්ඝ පන්දු හුවමාරු කිරීම් කිහිපයකින් පසු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියත් චතුර සෙනෙවිරත්නගේ පන්දු යොමු කිරීම Forward Pass අවස්ථාවක් වූ බව විනිසුරු තීරණය කළ නිසා ඔවුන්ට ලකුණු අහිමි විය.

පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී ජොඑල් පෙරේරා පන්දුවත් සමඟින් සුපිරි ධාවනයක නිරත වුනත් උත්සාහක දිනුම් රේඛාව පෙනෙන මානයේ ඔහුගේ අතින් පන්දුව Knock On වීම අවාසනාවන්ත සිදුවීමක් විය.

කෙසේ වෙතත් සිය උත්සාහක දිගටම පවත්වා ගත් CR ක්‍රීඩකයින් පළමු අර්ධය අවසානයට පෙර තවත් වරක් ලකුණු රැස් කළේ ෂෙහාන් ඩයස්ගේ සුරතිනි. තරින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (CR 13-17 නාවික)

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 17 (2T, 1P, 2C) – 17 (2T, 1P) CR & FC ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ ද කණ්ඩායම් දෙකම අතපසුවීම් රැසක් සිදු කළ අතර CR කණ්ඩායම තුන් වරක්ම ධවල රේඛාව ආසන්නයට ගියත් ඔවුන්ට එය ඉක්මවා යාමට නොහැකි වූයේ ඔවුන්ගේම අතපසුවීම් නිසාවෙන්.

හැව්ලොක් ක්‍රීඩකයෝ ගුවන් හමුදාවේ තටු සිඳියි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වන සති අන්තයේ අවසන් තරගය අද (27) පැවැත්වුණේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා ප්‍රබල හැව්ලොක් ක්‍රීඩා සමාජය අතරයි.

කෙසේ වෙතත් 52 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ සිවරාජ් දක්ෂ ලෙස නාවික හමුදා ආරක්ෂක වළල්ල බිඳ දැමූ අතර ඊට මොහොතකට පෙර පිටියට පිවිසුණු හරිත් බණ්ඩාර කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීමට සමත් විය. තරින්ද අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (CR 20-17 නාවික)

තරගයේ ලකුණු සම කිරීමට 61 වන මිනිත්තුවේ දී නාවික හමුදාවට තවත් අවස්ථාවක් හිමි වූ අතර දඬුවම් පහරක් සාර්ථක කර ගත් තිළිණ වීරසිංහ දක්ෂ ලෙස තවත් ලකුණු තුනක් කණ්ඩායමට එකතු කර දෙන්නට සමත් විය. (CR 20-20 නාවික)

අවසන් මිනිත්තු කිහිපයේ දී ලකුණු සම වූ තරගය ඉතා උණුසුම් වූ අතර 74 වන මිනිත්තුවේදී නාවික හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයින් පන්දුව ධවල රේඛාව අසලටම රැගෙන යාමට සමත් වුනත් CR ක්‍රීඩකයින් දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කරමින් ඔවුන්ට ලකුණු ලබා දුන්නේ නැත.

76 වන මිනිත්තුවේ දී තරගයේ තීරණාත්මකම මොහොත උදා වූයේ CR කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වීමත් සමඟයි. තරින්ද අලංකාර ලෙස පන්දුව ගුවනේ පා කර හැරියේ CR කණ්ඩායමට තරගයේ ජය රැගෙන එමිනි. (CR 23-20 නාවික)  

අවසන් ලකුණු තත්වය: CR&FC කණ්ඩායම 23 (3T, 2P, 1C) – 20 (2T, 2P, 2C) නාවික හමුදා ක්‍රීඩා සමාජය

  • ThePapare.com තරගයේ වීරයා – ජොඑල් පෙරේරා (CR)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – ගිහාන් පෙරේරා (1T), රවීන් ද සිල්වා (1T), තිළිණ වීරසිංහ (2C, 2P)
  • CR&FC කණ්ඩායම – ඔමල්ක ගුණරත්න (1T), ෂෙහාන් ඩයස් (1T), සිවරාජ් (1P), හරිත් බණ්ඩාර (1T), තරින්ද රත්වත්ත (1C, 1P)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<