6 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වන ස්ථානය දක්වා පසු බැස තිබූ අතර සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගන්නට සමත් ව සිටියි. එංගලන්තය දෙවන ස්ථානයේත්, ඉන්දියාව තෙවැනි ස්ථානයේත් පසුවේ.
5 වන දිනයේ ගිලිහුණු ජැමෙයිකානු ආධිපත්‍ය
5 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 21 වන ස්ථානය දක්වා පසු බැස තිබූ…
තිවංක පදක්කම් ලාභීන් අතරට
පිරිමි කිලෝ ග්‍රෑම් 46 – 49 බර පන්තිය යටතේ බොක්සිං තරග බිමට එක්වූ තිවංක රණසිංහ ශ්‍රී ලංකාවේ පදක්කම් එකතුව තවත් ඉහළ නංවන්නට සමත් විය. ඒ අදාළ බර පන්තියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබමින්. තිවංක ඊයේ (10) මෙම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ දී තරග වැදුණේ වනවාටු ක්‍රීඩක බැරී නම්රි සමගයි.

පිරිමි කිලෝ ග්‍රෑම් 46 – 49 බර පන්තියේ අවසන් පූර්ව තරග අනිද්දා (13) පැවැත්වීමට නියමිත අතර එම වටයේ පරාජය ලබන ක්‍රීඩකයන් දෙදෙනා හටම ලෝකඩ පදක්කම් පිරිනැමෙන බැවින් තිවංක හට අවම වශයෙන් ලෝකඩ පදක්කමක් හෝ හිමිවන බව සහතික කළ හැකිය. කෙසේ නමුත් අවම ජයග්‍රහණයෙන් නොනැවතී ලක් මව රනින් සරසවන්නට හැකි වේවායි අපි තිවංකට සුබ පතමු.
තිවංක රණසිංහටත් පදක්කමක්
2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දිගින් දිගටම…
තවත් පදක්කම් බලාපොරොත්තු දෙකක් ගිලිහෙයි.

කාන්තා කිලෝ ග්‍රෑම් 57 බර පන්තියෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි කේශානි හංසිකාගේ එම වටයේ අභියෝගය බවට පත් වුණේ නවසීලන්ත ක්‍රීඩිකා ඇලෙක්සිස් ප්‍රිචාඩ් ක්‍රීඩිකාවයි. කේශානි පරදවා විනිසුරුවන් 5 දෙනාගේම තීරණ තම වාසියට හිමි කර ගන්නට ඇලෙක්සිස් සමත් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොක්සිං පදක්කමක් දිනා ගත් දෙවන ක්‍රීඩිකාව බවට පත් වන්නට කේශානිට තිබූ අවස්ථාව අහිමි කරමින්.
ශ්‍රී ලංකාවේ තෙවැනි බොක්සිං පදක්කම දිනිඳු අතින් ගිලිහෙයි
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාකාරීව සිටින සාර්ථකම බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන කි.ග්‍රෑම් 64..
රුමේෂිකා අවසන් පූර්ව වටයට
කාන්තා මීටර් 200 ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගී වූ රුමේෂිකා රත්නායක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය. මූලික වටයේ දෙවන තරගය දෙවැන්නා ලෙස අවසන් කළ ඇය එහි දී වාර්තා කළ කාලය සටහන් වුණේ තත්පර 23.43ක් ලෙසින්. මෙම දක්ෂතාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් 24 දෙනා ගේ දස්කම් අතර 13 වන හොඳම කාලය ලෙස සටහන්ව තිබේ.
කාන්තා මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව තරග අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර තරග තුනකින් සමන්විත එම වටයේ පළමු තරගයට රුමේෂිකා සහභාගී වේ.
රුමේෂිකා සහ ජනක අර්ධ අවසන් සහ අවසන් වටවලට
විස්එක් වැනි වරටත් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය..
ජනක අවසන් තරගයට පනී
පිරිමි දුර පැනීමේ ඉසව්වේ මූලික වටය සඳහා ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ජනක ප්‍රසාද් තම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ මීටර් 7.84 ක දක්ෂතාවක් සටහන් කරමින්. සමස්ත ප්‍රතිඵල සටහන අනුව ඔහුගේ දක්ෂතාව 10 වන ස්ථානයට සටහන් වී තිබේ. පිරිමි දුර පැනීමේ ඉසව්වේ අවසන් තරගය ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
මේස පන්දු සහ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සතුටුදායක දිනයක්.
පොදුරාජ්‍ය මණ්ඩලීය කෙළිබිමේ 6 වන දිනයේ සාර්ථක දක්ෂතා පෙන්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
බැඩ්මින්ටන් ඉසව්වේ පිරිමි කේවල ඉසව්වේ දී නිලූක කරුණාරත්න, දිනුක කරුණාරත්න සහ බුවනෙක ගුණතිලක අවසන් ක්‍රීඩකයන් 32 අතරට පිවිසෙන්නට සමත් විය. කාන්තා කේවල ඉසව්වට සහභාගී වූ හසිනි අම්බලන්ගොඩගේ ද අවසන් ක්‍රීඩිකාව 32 අතරට පිවිසෙන්නට සමත් විය.

මේ අතර මේස පන්දු කේවල ඉසව් සඳහා අදාළ මූලික වටයේ තරග කිහිපයකට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරග ජයග්‍රාහීව අවසන් කරන්නට සමත් විය.
හත්වැනි දිනයේ සංක්ෂිප්ත වාර්තාවක් සමඟින් හෙට (12) හමුවෙමු. එකෙත් ඔබට ක්‍රීඩාශීලි දවසක්!
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















