තිවංක රණසිංහටත් පදක්කමක්

2151
sportswithharitha.com

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම දිගින් දිගටම පුවත් මවන අතරේ කිලෝග්‍රෑම් 49 බරපන්තියෙන් තරග වදින තිවංක රණසිංහ අද (10) අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වී වැනුවාටු දේශයේ බෙරී නම්රි පරාජය කරන්නට සමත් විය. ඒ විනිසුරු මඩුල්ලේ 5-0ක පිරිසිදු බහුතරය දිනා ගනිමිනි.

ඉෂාන්, දිනිඳු අර්ධ අවසන් වටයට

ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩකයන් වන ඉෂාන් බණ්ඩාර සහ දිනිඳු සපරමාදු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ …

ඒ අනුව ශ්‍රී ලංකාවට 1950 වර්ෂයෙන් පසුව පිරිමි බොක්සිං පදක්කමක් ලබා දුන් ක්‍රීඩකයා බවට තිවංක පත්වන අතරම ඔහුගේ මීළඟ තරගය (අවසන් පූර්ව) ජයගතහොත් රන් හෝ රිදී පදක්කමක් වෙත යෑමේ අවස්ථාව ඔහුට හිමි වේ. දැනට ලෝකඩ පදක්කම ඔහුට හිමි ය.

පළමු තරගයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩක සියබුලේලා ෆොන්ගොෂි පරාජය කොට ජය ගත් ඔහු මේ තරගය ජය ගත්තේ අති බහුතර විනිසුරු තීරණයකිනි.

තරගය ඇරඹී පළමු වටය ආරම්භ වන විටම දෙදෙනා වේගයෙන් ක්‍රීඩා කරන්නට විය. ශරීර වෙත එල්ල කරන ලද පහරවල් මෙහි දී විශේෂ විය. එහි දී තිවංකගේ වම් ඇහිබැමට ඉහළින් පැලීමක් සිදු වූ නමුදු එය අනතුරුදායක එකක් නොවන බවට විනිසුරු තීරණය කිරීමෙන් පසු තරගය ඉදිරියට ක්‍රියාත්මක විය.  

දෙවන වටය ආරම්භයේ දී ම තිවංකට වේගවත් ප්‍රහාරයකට ලක්වන්නට සිදු විය. එහෙත් තිවංක උත්සාහ කළේය, කෙමෙන් පහරවල් එල්ල කළේය.

තෙවන වටයේ දී නම්රිගේ වේගය බොහෝසෙයින් අඩුවී තිබුණි. 25 හැවිරිදි තිවංක, 19 හැවිරිදි නම්රිව දැඩි වෙහෙසකට පත්කරමින් පැහැදිලි ප්‍රහාර එල්ල කරන්නට වූයේ ඉන් පසුවයි. ඒ අනුව විනිසුරුවන්ගේ විශ්වාසය ඔහුට හිමි විය.

ඔහු සහභාගී වන අවසන් පූර්ව තරගය මීළඟ 13 වැනිදා මෙරට වේලාවෙන් 8.30ට පැවැත්වේ. ඔහුගේ ප්‍රතිවාදියා මෙතෙක් තීරණය වී නැත. ඔහුට සුබ පතන ශ්‍රී ලාංකික ඔබට ThePapare.com අපගේ සතුට ද ප්‍රකාශ කරන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<