මහනුවර, CR සටනට විදෙස් සහය පතයි!

63

අපරාජිතයින්ගේ සටනට පණ පොවමින් හෙට (4) දිනයේ දී ක්‍රියාත්මක වීමට නියමිත තීරණාත්මක මහනුවර ක්‍රීඩා සමාජය සහ CR&FC අතර තරගය සඳහා හොංකොං ජාතික විනිසුරුවරයෙකු සහය ලබා ගැනීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

මහනුවර – CR සටන! තරගාවලියේ පළමු පරාජය කාට ද?

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ………….

පළමු වටයේ මෙතෙක් පැවති තරග 4ම ජයග්‍රහණය කරමින් මෙවර තරග වාරය සඳහා මේ වන විටත් ප්‍රබල අඩිතාලමක් සකසා ගැනීමට මහනුවර සහ CR&FC කණ්ඩායම් දෙක සමත්ව ඇති අතර ශූරතාව ඩැහැගැනීම සඳහා වන තරගකාරී ගමන් මාවතේ දිශානතිය වෙනස් කිරීම සඳහා මෙම තරගයේ තීරණය බෙහෙවින්ම බලපානු ඇති බව අනුමාන කෙරේ.

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තීරණාත්මක  තරගයන් විනිශ්චය කිරීමේ කාර්‍යභරය විදේශීය විනිසුරුවන් හට භාර කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව ඒ අනුව තරගාවලි සංවිධායක කමිටුව වැඩිදුරටත් සදහන්කොට සිටී.

හොංකොං ජාතික ජොනතන් මාර්කොවිට්ස් මහතා CR&FC සහ මහනුවර තරගයට අමතරව අද (3) දිනයේ දී දියත් කිරීමට නියමිත පොලිස් සහ CH&FC සමාජ අතර තරගය ද ඔහුගේ පාලනය යටතට ගැනීමට සූදානමින් පසුවේ.

සුපිරි ක්‍රිකට් තරු දෙකකට All Blacks වරම්

රග්බි පිටියේ දී පමණක් නොව ක්‍රිකට් තරග බිමේ දී ද………

පසුගිය වතාවේ දී පලිහ ශූරයන් බවට පත්වෙමින් මෙවර තරග වාරය සඳහා හොඳින් පෙර පුහුණු වූ පෙරළිකාර පොලිස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමිකර ගනිමින් ප්‍රබල නම් දැරූ කණ්ඩායමවලට පවා දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්කම් දක්වා තිබේ.

අදින් ආරම්භ වන මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත සියළුම තරග තරගාවලියේ ඉදිරි සහ අවසන් ලකුණු සටහන සඳහා සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කෙරේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<