යුධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භය

526
19th Sri Lanka Army Para Games Athletics day 01

වර්ෂ 1991දී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලද යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ 15 වන තරගාවලිය ඊයේ (12) ආරම්භ වූයේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදීයි. ඊයේ දිනයේදී තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් යුද හමුදා පැරා ක්‍රීඩා සංගමයේ ජේෂ්ඨතම ක්‍රීඩා භාර නිලධාරී බ්‍රිගේඩියර් පෙරමුණගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලිය ආරම්භ කෙරුණි.

පසුගිය ලිපි: යුධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය අදින් ඇරඹේ

සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ධජය එසවීමෙන් අනතුරුව යුද හමුදාවේ රෙජිමේන්තු ධජයන් එම රෙජිමේන්තු භාර නිලධාරීන් විසින් ඔසවනු ලැබීය. ඉන් අනතුරුව පැරා තරගාවලි පහන දැල්වීමෙන් අනතුරුව තරගාවලිය නිල වශයෙන්ම ආරම්භය කෙරිනි.

  • ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
  • කාලතුවක්කු රෙජිමේන්තුව
  • ශ්‍රී ලංකා සංඥා බලකාය
  • ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
  • ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව
  • ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
  • ශ්‍රී ලංකා ගැමුණු හේවා බලඇණිය
  • ගජබා රෙජිමේන්තුව
  • විජයබා රෙජිමේන්තුව
  • කොමාන්ඩෝ රෙජිමේන්තුව
  • විශේෂ කාර්යය බලකා රෙජිමේන්තුව
  • ආරක්ෂක බලසේනා රෙජිමේන්තුව

ආදී යුද හමුදාවේ සියලූම පාබල රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 400ක අධික සහභාගීත්වයෙන් මෙම තරගාවලිය දින තුනක් පුරවට පවත්වනු ලැබේ.

“අපි මේ තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ යුද්ධ කාලයේදී අබාධිත තත්වයට පත් වන යුද හමුදා සෙබළුන්ගේ චිත්තධෛරයය වර්ධනය කරවීම සදහාත්, ඔවුන්ට යම් කිසි ආකාරයක පුනරුත්තාපන කටයුතු සඳහා තමයි මොවුන්ව අපි මෙයට යොමු කළේ. අපි බලාපොරොත්තු වුණේ නෑ ජාත්‍යන්තරය දක්වා යන්න අපේ ක්‍රීඩකයින්ට හැකි වෙයි කියලා. නමුත් මේ ක්‍රීඩකයින් මෙම තරගාවලියෙන් ලබන පන්නරයෙන් පැරා ඔලිම්පික් තරග පවා ජයග්‍රහණය කිරීමේ මට්ටමකට ගෙන ඒමට අපිට හැකිවෙලා තිබෙනවා” යැයි මෙම යුද හමුදා පැරා ක්‍රීඩා කමිටුවේ ලේකම් කර්නල් දීපාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේ පැවති තරගයන්හි ප්‍රතිඵල සටහන පහත පරිදි වේ –

දුර පැනීම ( දෑත් ආබාධිත )

  • රන් පදක්කම – කෝප්‍රල් කේ. ඒ. ඒ. කුමාර. (කොමාන්ඩෝ රෙජිමේන්තුව)
  • රිදී පදක්කම – එච්. ටී. පී. එස්. කෝප්‍රල් පුශ්පකුමාර (ගජබා රෙජිමේන්තුව)
  • ලෝකඩ පදක්කම – බලලත් නිලධාරී යූ. පී. පී. සන්ජය (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

මීටර 1500 ධාවන (දෑත් අබාධිත)

  • රන් පදක්කම – සාමාන්‍ය සෙබළ එන්. එම්. පී. සී. නවරත්න (ගජබා රෙජිමේන්තුව)
  • රිදී පදක්කම – ලාන්ස් කෝප්‍රල් රුවන් කුමාර (ගැමුණු හේවා බලකාය)
  • ලෝකඩ පදක්කම -කෝප්‍රල් සමන් කුමාර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව)

යගුලිය (දණහිසින් පහළ ආබාධිත)

  • රන් පදක්කම – එස්. එස්. සාජන් කුමාර (ශ්‍රී ලංකා පාබළ හමුදාව)
  • රිදී පදක්කම – එච්. එස්. සී. එස් සාජන් හෙට්ටියාර්ච්චි (විජයබා  රෙජිමේන්තුව)
  • ලෝකඩ පදක්කම -ලාන්ස් කෝප්‍රල් ඉන්දික (ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක රෙජිමේන්තුව)

යගුලිය (අර්ධ වශයෙන් දුර දක්නා හා අර්ධ වශයෙන් අන්ධ)

  • රන් පදක්කම – කෝප්‍රල් කුමාර (ගජබා රෙජිමෙන්තුව)
  • රිදී පදක්කම – සාජන් ප්‍රියදර්ශන (ශ්‍රී ලංකා පාබල හමුදාව)
  • ලෝකඩ පදක්කම – සාමාන්‍ය සෙබළ සදරුවන් (විජයබා රෙජිමේන්තුව)

මීටර 100 (රෝද පුටු පළමු පන්තිය)

  • රන් පදක්කම – කෝප්‍රල් ජයකොඩි (විශේෂ බලකා රෙජිමේන්තුව)
  • රිදී පදක්කම – කෝප්‍රල් රත්නායක (ශ්‍රී ලංකා පාබල හමුදාව)
  • ලෝකඩ පදක්කම – කෝප්‍රල් ධනන්ජය (ශ්‍රී ලංකා පාබළ හමුදාව)

මීටර 100 (අර්ධ වශයෙන් අන්ධ හා දුර පෙනෙන)

  • රන් පදක්කම – කෝප්‍රල් සිල්වා (ගැමුණු හේවා බලකාය)
  • රිදී පදක්කම – ලාන්ස් කෝප්‍රල් තෙන්නකෝන් (විජයබා රෙජිමේන්තුව)
  • ලෝකඩ පදක්කම – කෝප්‍රල් දිසානායක (ගජබා රෙජිමෙන්තුව)

හෙල්ල විසිකිරීම (පාදයක් අහිමි හෝ ආබාධිත)

  • රන් පදක්කම – ලාන්ස් කෝප්‍රල් පියසිරි (විජයබා රෙජිමේන්තුව)
  • රිදී පදක්කම – බලලත් නිලධාරී ප්‍රනාන්දූ (ශ්‍රී ලංකා පාබළ හමුදාව)
  • ලෝකඩ පදක්කම – කෝප්‍රල් ගමගේ (ශ්‍රී ලංකා පාබල හමුදාව)

තරගයේ දෙවැනි දිනයටත් අද ක්‍රියාත්මකයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට