යුධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය අදින් ඇරඹේ

232
19th Sri Lanka Army Para Games Athletics

19 වන වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකා යුධ හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලිය අද සිට පුරා දින 3 (ඔක්තෝම්බර් මස 12 වනදා සිට 14 වනදා දක්වා) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පසුගිය ලිපි: පාසල් මට්ටමින් ශූරයින් සොයා යන සමස්ත ලංකා තරගාවලිය

ශ්‍රී ලංකා යුද හමුදාවට 1991 වසරේදී පැරා ක්‍රීඩා තරග හදුන්වා දුන් අතර යුධ භූමිය තුලදී තුවාල ලබා අබාධිත වූ නිලධාරීන් හා සොල්දාදුවන් නැවත සවිබල ගන්වා පුනරුත්ථාපනය කිරීම මෙහි ප්‍රධාන අභිප්‍රාය විය. පසුගිය වසර ගණනාවක් පුරා නොනැවතී ශක්තිමත් ගමනක් පැමිණි මෙම පැරා ක්‍රීඩා තරග හරහා 2016 පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කල තරගකරුවන් 9 දෙනෙකුගෙන් 8 දෙනෙකුම ජාතියට දායාද කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සමත්විය.

ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී 400m T46 ලෝකඩ පදක්කම් ලාභී ප්‍රදීප් සංජය හා 2016 රියෝ ඔලිම්පික් තරගාවලියේදී හෙල්ල විසිකිරීම F46 අවසන් තරගයේදී ලෝකඩ පදක්කම් ලාභී දිනේෂ් හේරත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ අද්විතීය පුහුණුව යට‍තේ යුධ හමුදාවට මෙන්ම සිය මව්රටට ද නොමැකෙන කීර්ති නාමයක් අත්කර දීමට සමත්වූ ක්‍රීඩකයින් වේ.

ඡායාරූප ඇල්බමය

වාර්ෂිකව පවත්වනු ලබන මෙම යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර්ජාතික කීර්තියකට ඔසවා තැබීමට උපකාරී වන වේදිකාවක් බවට මේ වනවිට පත් වී ඇත. එහි සමාරම්භය 2016 අප්‍රේල් මස ක්‍රීඩා අංශ 12කින් හා 1000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමුහයකින් ආරම්භ වූ අතර නිමාව දැකීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දශක දෙකක් පුරා යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය හා අත්වැල් බැද සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා සමාගම ක්‍රීඩක ක්‍රීඩිකාවන් බල ගන්වමින් ඔවුන්ව ජාතික හා අන්තර්ජාතික තලයන්ට ඔසවා තැබීමට උරදෙමින් අසමසම ජයග්‍රහණයන් සවිබල ගැන්වීමට යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලියට මෙවරද අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී සිටී.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට