DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාව 2019

313

මෙරට පාසල් මට්ටමේ වැඩි අවධානයක් දිනා ගත් තරගාවලියක් වන “DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාව” මේ වසරේ දී (2019) ද අඛණ්ඩව 19 වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, පාසල් වොලිබෝල් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන මෙම තරගාවලියට DSI සමාගම පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

Photo Album : DSI Supersport School Volleyball Championship 2019 | Press Conference

මෙරට දක්ෂ පාසල් වොලිබෝල් ක්‍රීඩකයින්ට තම දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ හැකි ජාතික මට්ටමේ තරගාවලියක් වන මෙම තරගාවලිය වර්ෂ 1999 දී ප්‍රථම වරට පැවැත්විය. ප්‍රථම තරගාවලිය පාසල් 198ක සහභාගීත්වයෙන් පැවති අතර මෙවර තරගාවලිය සඳහා පාසල් 5000ක පමණ සහභාගීත්වයක් අපේක්ෂා කරන බව සංවිධායක මඩුල්ල පවසා සිටියි.  

මෙවර තරගාවලිය දිස්ත්‍රික් මට්ටම සහ ජාතික මට්ටම ලෙස අදියර දෙකකින් පැවැත්වෙන අතර දිස්ත්‍රික් මට්ටමේ තරග අප්‍රේල් මස 27 වැනිදා සිට මැයි මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ජාතික මට්ටමේ තරග ජූලි මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මහා තරග ජූලි මස 27 සහ 28 යන දෙදින පුරා පැවැත්වීමට තීරණය කර ඇත. වයස අවුරුදු 11න් පහළ, වයස අවුරුදු 13න් පහළ, වයස අවුරුදු 15න් පහළ, වයස අවුරුදු 17න් පහළ සහ වයස අවුරුදු 19න් පහළ යන වයස් කාණ්ඩ ඔස්සේ බාලක සහ බාලිකා අංශ ද්විත්වයෙන්ම මෙවර තරගාවලිය පැවැත්වේ.

රන් කුසලානයේ 22න් පහළ ශූරතා කෑගල්ලට සහ නාත්තන්ඩියට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරනු ලැබූ …

මෙම තරගාවලිය සඳහා වන අයදුම්පත් මෙම මස (පෙබරවාරි) 28 වැනිදායින් පසු දිවයින පුරා පිහිටි DSI ප්‍රදර්ශනාගාරවලින් සහ අදාළ පාසල් මඟින් ලබාගත හැක. සම්පූර්ණ කරන ලද අයදුම්පත් මාර්තු මස 29 වැනිදාට ප්‍රථම ඕනෑම DSI ප්‍රදර්ශනාගාරයකට භාර දීම හෝ අංක 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයේ පිහිටි DSI අලෙවි අංශය වෙත යොමු කළ හැක.


>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<