සුපිරි දක්ෂතා දැක්වූ Shreyas Iyerට ICCයෙන් ඇගයීමක්

2734
Shreyas Iyer

නැගී සුපිරි ඉන්දීය පිතිකරු Shreyas Iyer ‘ICC මාසයේ ක්‍රීඩකයා – ICCC Men’s Player of the Month’ ලෙස නම් කර තිබෙනවා. මාසයේ ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලබා තිබෙන්නේ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Amelia Kerr.

පසුගිය දා ඉන්දියාවේ දී නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ ශ්‍රී ලංකා සංචාරයේ දී දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහු පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා ලෙස නම් කිරීමට ICC තීරණය කර තිබෙනවා. ඔහුට අමතරව මේ සඳහා නිර්දේශ වූ අනෙකුත් ක්‍රීඩකයින් වූයේ UAE ක්‍රීඩක Vriitya Aravind සහ නේපාල ක්‍රීඩක Dipendra Singh.

නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් පිතිකරණයෙන් දස්කම් දැක්වූ ඔහු විස්සයි විස්ස තරග රටාවේ ද එක ලෙස දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ඉනිම් 3ක දී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 204ක්.

ඔහු ඒ සහභාගී වූ තරග තුනේ දී පිළිවෙළින් නොදැවී ලකුණු 57*(28)ක්, 47*(44)ක් සහ 73*(45) බැගින් වාර්තා කරන්නට සමත් වුනේ 4 පහර 20ක් සහ 6 පහර 7ක් සමඟින් තරගාවලියේ වීරයා බවට ද අභිෂේක ලබමිනුයි.

“එම මාසය පුරාවටම Shreyas හොඳ පාලනයක් සමඟින් හොඳින් එක ලෙස දක්ෂතා දැක්වුවා”, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ මනාප කමිටුවේ සාමාජික Russell Arnold පවසා තිබුණා.

“ඔහු පන්දු යවන්නන් සිය ග්‍රහණයට නතු කර ගනිමින් ඔවුන්ට පන්දු යැවීමේ කාර්යය අපහසු කටයුත්තක් බවට පත් කළේ පිටිය සිසාරා වර්ණවත් පිතිරණයක නිරත වෙමින්, පන්දු යවන්නන්ට නිසි රිද්මයකින් යුතුව පහර එල්ල කරමිනුයි. මට වඩාත් කැපී පෙනුණ දෙයක් තමයි ඉන්දීය කණ්ඩයමේ නිත්‍ය ස්ථානයක් සඳහා සටන් කරන අතරතුර ඔහු පවත්වා ගන්නා මනා සංයමය.”

පෙබරවාරි මාසයේ දැක්වූ දක්ෂතා එලෙසම මාර්තු මාසයට රැගෙන ආ Iyer ශ්‍රී ලංකාවට එරෙහිව බැංගලෝරයේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුනා.

ඉන්දු – ශ්‍රී ලංකා සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙසත්, ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසත් ජයග්‍රහණය කරන්නට ඉන්දියාව සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<