සුපර් ලීග් චෙස් ශුරතාවය පෝල් මර්ෆි කණ්ඩායමට

301

ශ‍්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ සුපර් ලීග්  චෙස් තරගාවලිය දිවයිනේ සියළුම ක්‍රීඩා සමාජ නියෝජනය වන පරිදි  ක්‍රිඩකයින් රැසකගේ සහභාගිත්වයෙන් යුතුව  පසුගියදා  කොළඹ රාජකීය විදුහල කේන්ද්‍ර කොටගෙන පැවැත්විණ.

තරගාවලියේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට පෝල් මර්ෆි චෙස් සමාජය සමත්විය. ඒ ප්‍රසාද ලකුණු 11ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගනිමින්‍ ය. ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු  10බැගින් ලැබු නාවික හමුදාවට සහ ෆිෂර් චෙස් සමාජයට සම අනුශුරතාවය හිමිවිය.

ජාතික චෙස් ශූරයකු වු  දුලාන් එදිරිසිංහ,  නදිත අමරකෝන්, ඒ.බී.අතුකෝරළ, නිරංග කන්දෙආරච්චි, දුමිදු බණ්ඩාර, ආර්.අතාවන්, රසික බණ්ඩාර, චතුර රාජපක්‍ෂ සහ  යන ජාතික මට්ටමේ   ක්‍රිඩකයින් රැසක් තරගාවලිය සදහා සහභාගි වි තිබුණි.