හේෂාන් යුද හමුදාව අවසන් පූර්ව වටයට රැගෙන යද්දී; NCC තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

1139
16th March Major Club T20 2021

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (16) දින කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා

ලසිත් අබේරත්නගේ (54) සහ අශාන් ප්‍රියන්ජන්ගේ (41) පිතිකරණය සහ මලින්ද පුෂ්පකුමාරගේ අගනා පන්දු යැවීම (4/20) නිසාවෙන් රාගම ක්‍රිකට් කණ්ඩායම ලකුණු 57කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට CCC ක්‍රීඩකයන් සමත් වුනා. 

ප්‍රබාත් ජයසූරියගේ සුපිරි පන්දු යැවීම (4/16) සහ නුවනිදු ප්‍රනාන්දුගේ පිතිකරණය (41) නිසා Colts කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයේ අසුනක් වෙන්කර ගැනීමට SSC ක්‍රීඩකයන් සමත් වුනා. 

ගයාන් මනීෂාන් (53) සහ සමීර සඳමල්ගේ (48) පිතිකරණය සහ නවීන් ගුණවර්ධන (3/14), රංදීර රණසිංහ 2/07 සහ රුවින් පීරිස්ගේ (2/20) පන්දු යැවීම නිසාවෙන් අපරාජිත NCC ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවතට දමමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට Kurunegala Youth ක්‍රීඩකයන් සමත් වුනා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න

හේෂාන් හෙට්ටිආරච්චිගේ (5/38) අගනා පන්දු යැවීම නිසා තියුණු සටනකින් පසු මීගමුව ක්‍රීඩකයන් ලකුණු 06කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයන් සමත් වුනා. මීගමුව කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර සහ මාධව වර්ණපුර අර්ධ ශතක රැස්කළා. 

දිනයේ කෙටි ලකුණු සටහන

Quarter Final 

  • Venue – P Sara Oval, Colombo 
  • Toss – Ragama CC 

Colombo Cricket Club – 150/5 (20): ලසිත් අබේරත්න 54, අශාන් ප්‍රියන්ජන් 41, අමිල අපෝන්සු 2/16, බිනුර ප්‍රනාන්දු 2/29. 

Ragama Cricket Club – 93 (17): ජනිත් ලියනගේ 29, නිශාන් මධුශංක 24, මලින්ද පුෂ්පකුමාර 4/20, නුවන් තුෂාර 2/15, අශාන් ප්‍රියන්ජන් 2/16. 

CCC කණ්ඩායමට ලකුණු 57ක ජයක්.  

Quarter Final 

  • Venue – CCC Ground, Colombo 
  • Toss – SSC 

Colombo Colts Cricket Club – 117 (19.4): සංගීත් කුරේ 26, කවිශ්ක අංජුල 25, ජෙහාන් ඩැනියල් 21, ප්‍රබාත් ජයසූරිය 4/16, කළණ පෙරේරා 2/01. 

Sinhalese Sports Club – 118/4 (17.4): නුවනිදු ප්‍රනාන්දු 41, සංගීත් කුරේ 2/18. 

SSC කණ්ඩායමට කඩුලු 6ක ජයක්  

Quarter Final 

  • Venue – P Sara Oval, Colombo 
  • Toss – KYSC 

Kurunegala Youth CC – 155/5 (20): ගයාන් මනීෂාන් 56, සමීර සඳමල් 48, ධනුෂ්ක ධර්මසිරි 26, ළහිරු කුමාර 4/17. 

Nondescripts Cricket Club – 92 (14.4): ඇන්ජලෝ පෙරේරා 27, හසිත බොයගොඩ 21, නවීන් ගුණවර්ධන 3/14, රංදීර රණසිංහ 2/07, රුවින් පීරිස් 2/20. 

Kurunegala Youth කණ්ඩායමට ලකුණු 63ක ජයක් 

Quarter Final 

  • Venue – CCC Ground, Colombo 
  • Toss – Army CC 

Army Cricket Club – 164/5 (20): තුලින ඩිල්ෂාන් 39, හිමාෂ ලියනගේ 33*, සීක්කුගේ ප්‍රසන්න 24, ඩිල්ෂාන් මුණවීර 2/10, රොස්කෝ තටිල් 2/34. 

Negombo Cricket Club – 158/9 (20): ඩිල්ෂාන් මුණවීර 59, මාධව වර්ණපුර 55, හේෂාන් හෙට්ටිආරච්චි 5/38, සීක්කුගේ ප්‍රසන්න 2/23. 

යුද හමුදා කණ්ඩායමට ලකුණු 6ක ජයක්  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<