මුණවීර පිතිකරණයෙන් පිටිය උණුසුම් කරද්දී ජීවන්ට කඩුලු 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

2470

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (13) කොළඹ සහ කටුනායක ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.

ඩිල්ෂාන් මුණවීර (74) සහ ළහිරු මිලන්තගේ (66*) අගනා අර්ධ ශතක නිසාවෙන් Nugegoda SWC කණ්ඩායම පරදවා කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට මීගමු ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

රවිඳු සෙම්ම්බුකුට්ටිගේ පිතිකරණය (46) සහ සංජය රණවීරගේ (2/14) පන්දු යැවීම නිසාවෙන් Ace Capital ලකුණු 10කින් පරාජය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයන් සමත් වුනා.

ජීවන් මෙන්ඩිස්ගේ අගනා පන්දු යැවීම නිසාවෙන් Kaluthara TC ක්‍රීඩකයන් පරදවා කඩුලු 8ක ජයක් ලබා ගන්නට Moors ක්‍රීඩා සමාජය සමත් වුනා.

බිනුර ප්‍රනාන්දුගේ පන්දු යැවීමත් (3/22), නිශාන් මධුශංකගේ (58) පිතිකරණයත් නිසාවෙන් Saracens ක්‍රීඩකයන් පරදවා කඩුලු 6ක ජයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයන් සමත් වුනා.

එරංග රත්නායකගේ පිතිකරණය (45) සහ චලන ද සිල්වාගේ පන්දු යැවීම (4/23) නිසාවෙන් Kandy Customs ක්‍රීඩකයන් ලකුණු 24ක පරාජය කරන්නට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩකයන් සමත් වුනා.

නිපුන් හග්ගල්ලගේ අර්ධ ශතකය (57) නිසාවෙන් Lankan CC ක්‍රීඩකයන් පරදා ඩුලු 4ක ජයක් ලබා ගන්නට Bloomfield ක්‍රීඩකයන් සමත් වුනා.

Kurunagala YCC සහ පොලිස් කණ්ඩායම අතර තරගය තියුණු සටනකින් පසුව ලකුණු සමව අවසන් වුනා.

ශිරාන් ප්‍රනාන්දුගේ (4/19) සහ ප්‍රමෝද් මධුශාන්ගේ (2/15) පන්දු යැවීම නිසාවෙන් Sebastianites ක්‍රීඩකයන් පරදවා ලකුණු 49ක ජයක් ලබා ගන්නට Tamil Union කණ්ඩායම සමත් වුනා.

දිනයේ කෙටි ලකුණු සටහන,

Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – Nugegoda SWC

Nugegoda Sports & Welfare Club – 153/5 (20) – මුදිත ලක්ෂාන් 60*, ප්‍රමුද් හෙට්ටිවත්තගේ 51, රොෂාන් ප්‍රනාන්දු 2/28

Negambo Cricket Club – 154/1 (16.5) – ඩිල්ෂාන් මුණවීර 74, ළහිරු මිලන්ත 66*

Negambo කණ්ඩායමට කඩුලු 9ක ජයක් 

Group – B

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – Ace Capital CC

Air Force Sports Club – 153/8 (20) – රවිඳු සෙම්බුකුට්ටිගේ 46, පරාක්‍රම 25, සමීර ද සොයිසා 25, ඉශාන් අබේසේකර 2/24

Ace Capital Cricket Club – 143/7 (20) – ඉරෝෂ් සමරසූරිය 53, ප්‍රශාන් වික්‍රමසිංහ 27, සංජය රණවීර 2/14, අරවින්ද ප්‍රේමරත්න 2/20

ගුවන් හමුදා කණ්ඩායමට ලකුණු 10ක ජයක් 

Group – C

  • Venue – CCC Ground, Colombo
  • Toss – Kaluthara TC

Kaluthara Town Club – 74 (13.5) – තාරක වඩුගේ 23, පන්සිළු දේශාන් 21*, ජීවන් මෙන්ඩිස් 5/21

Moors Sports Club – 75/2 (8.4) – රනිත ලියනආරච්චි 39, මහේල උඩවත්ත 24*, මිතුන් ජයවික්‍රම 2/25

Moors කණ්ඩායමට කඩුලු 8ක ජයක් 

Group – D

  • Venue – NCC Ground, Colombo
  • Toss – Saracens SC

Saracens Sports Club – 116 (19.1) – සංජය චතුරංග 33, බිනුර ප්‍රනාන්දු 3/22, ඉෂාන් ජයරත්න 2/26, ජනක සම්පත් 2/18, ජනිත් ලියනගේ 2/10

Ragama Cricket Club – 120/4 (19.2) – නිශාන් මධුශංක 58, අයන සිරිවර්ධන 1/11

රාගම කණ්ඩායමට කඩුලු 6ක ජයක් 


Group – A

  • Venue – SSC Ground, Colombo
  • Toss – Galle cc

Galle Cricket Club – 145/7 (20) – එරංග රත්නායක 45, ඩිල්ෂාන් කාංචන 40, සම්පත් පෙරේරා 3/34

Kandy Customs Sports Club – 121 (19.1) – චානක විජේසිංහ 24, සසිත් මධුරංග 23, චලන ද සිල්වා 4/23, නිමේෂ් පෙරේරා 2/17

Galle CC කණ්ඩායමට ලකුණු 24ක ජයක් 

Group – B

  • Venue – Marians Cricket Ground, Katunayake
  • Toss – Lankan CC

Lankan Cricket Club – 136/4 (20) – හර්ෂ කුරේ 50*, දමිත සිල්වා 34, සංජික 28, දිලුම් ප්‍රනාන්දු 2/24

Bloomfield Cricket Club – 140/6 (19.1) – නිපුන් හග්ගල්ල 57, දමිත සිල්වා 2/20

Bloomfield කණ්ඩායමට කඩුලු 4ක් ජයක් 

Group – C

  • Venue – CCC Ground, Colombo
  • Toss – Kurunagala YCC

Kurunagala Youth Cricket Club – 155/3 (20) – ගයාන් මනීෂාන් 85, ධනුෂ්ක ධර්මසිරි 28, ළහිරු දියන්ත 2/23

Police Sports Club – 155/8 (20) – මධුරංග සොයිසා 62, අසෙල් සිගේරා 22, සුපුන් මධුශංක 21, රංදීර රණසිංහ 2/26, නිම්සර අතරගල්ල 3/27

තරගයේ ලකුණු සමයි 

Group – D

  • Venue – NCC Ground, Colombo
  • Toss – Tamil Union cc

Tamil Union Cricket Club – 141/7 (20) – සිතාර ගිම්හාන් 32, සුපුන් කාවින්ද 28, සචිත් ජයතිලක 2/19, චතුර ඔබේසේකර 2/29, තරූෂ ප්‍රනාන්දු 2/21

Sebastianites Cricket Club – 92 (20) සච් ද සිල්වා 31, විහාන් ගුණසේකර 22, ශිරාන් ප්‍රනාන්දු 4/19, ප්‍රමෝද් මධුශාන් 2/15

Tamil Union කණ්ඩායමට ලකුණු 49ක ජයක් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<