ජෝන් කීල්ස් සහ යුනිලීවර් ජයග්‍රහණ ලබා ගනිති

162

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (27) පැවති තරගවල දී ජෝන් කීල්ස් සහ යුනිලීවර් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කළහ.

ඩිමෝ සහ MAS Silueta අවසන් මහා තරගයට

සිංගර් වෙළඳසේවා කුසලාන A කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයත් උපයෝගී…

සිංගර් ශ්‍රී ලංකා සහ ජෝන් කීල්ස් අතර තරගය

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිංගර් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා  දැවී ලබා ගත්තේ ලකුණු 84ක් පමණි. එහි දී හර්ෂ මධුරංග පමණක් ලකුණු 24ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී සචින්ත ජයතිලක ලකුණු 12කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ඊට අමතරව මාලිංග අමරසිංහ සහ අක්තාබ් කාදර් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 85ක් ලබා ගත්හ. එහි දී මාලිංග මධුරංග ලකුණු 36ක් ලබා ගත් අතර සචින්ත ජයතිලක නොදැවී ලකුණු 27ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී දේවින් විජේන්ද්‍ර ලකුණු 29කට කඩුලු 2ක දවා ගත්තේ ය.

සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායම; සියලුම දෙනා දැවී 84 (32) හර්ෂ මධුරංග 24, සචින්ත ජයතිලක 5/12, මාලිංග අමරසිංහ 2/12, අක්තාබ් කාදර් 2/19

ජෝන් කීල්ස් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 85 (10.3) මාලිංග මධුරංග 36, සචින්ත ජයතිලක නොදැවී 27, දෙවින් විජේන්ද්‍ර 2/29

කමිඳුට ජාත්‍යන්තර වරම්; ශ්‍රී ලංකාව පන්දුව අතට ගනී

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-1ක් ලෙස අවසන්…


කොමර්ෂල් ක්‍රෙඩිට් සහ යුනිලීවර් ශ්‍රී ලංකා අතර තරගය

කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පරාජය කරමින් යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 208ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි යුනිලීවර් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 209ක් ලබා ගනිමින් ඉනිම ජයග්‍රහණය කළහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ 40 වැනි පන්දුවාරයේ දී තම ඉලක්කය සපුරා ගත් හ. එම ඉනිමේ දී මිලින්ද වීරසිංහ ලකුණු 69ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව ඩිලාන් සුරවීර, ගයාන් රූපසිංහ සහ යොමේෂ් රණසිංහ ද ලකුණු අතරට පිවිසිය හ.

කඩුලු ලබා ගැනීමේ දී අරවින්ද වර්ණකුලසූරිය ලකුණු 36කට කඩුලු 3යි.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; 208 (37.4) අදීශ තිලාංචන 77, සඳකැන් පතිරණ 61, සනිත් ද මෙල් 25, අනුර ඩයස් 23, ගිහාන් ද සොයිසා 3/53, යොමේශ් රණසිංහ 3/29

යුනිලීවර් ශ්‍රී ලංකා කණ්ඩායම; කඩුලු 9ක් දැවී 209 (31.2) මිලින්ද වීරසිංහ 69, ඩිලාන් සුරවීර 32, ගයාන් රූපසිංහ 28, යොමේෂ් රණසිංහ 25, හරිශාන්ත් රජින්ද්‍ර 22, අනුර ඩයස් 3/61, අරවින්ද වර්ණකුලසූරිය 3/26

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<