මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 15 වැනි වරටත් පැවැති රන් සිංහ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පවත්වනු ලැබූ එක්දින සීමිත පන්දුවාර කුසලානයත් තමන් සතු කර ගැනීමට රාහුල විද්‍යාලය සමත් වෙනවා.
දෙවිදුහල් අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 23ක ජයග්‍රහණයක් වාර්තා කළ ඔවුන් මෙම තරගයේ දී ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී (7) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාහුල විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා.
කණ්ඩායම් ද්විත්වය ම මෙම තරගයේ දී වාර්ෂික මහා ක්‍රිකට් තරගය නියෝජනය කළ ක්‍රීඩකයන් 2ක් බැගින් වෙනස් කර තිබූ අතර ඒ අනුව රාහුල විද්‍යාලය ඉශන්ත ගිම්හාන සහ ලිතුම් සෙයුනිත වෙනුවට ඒශල උත්තිය සහ පවන් බණ්ඩාරනායක ද, ධර්මපාල විද්‍යාලය යොමාල් ඩැනියෙල් සහ අනුහස් මිහිරාන් වෙනුවට නිසල් අදීප සහ විහඟ නිම්සර ද එක් කර තිබුණා.
රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
නදිල් සංදේශ් (නායක), ප්‍රමුදිත නවාංජන, පවර පබසර (කඩුලු රකින්නා), ජනිරු විජයවර්ධන, ආයු කවිරාජ්, හිරුන් මන්යුග, චතුම් ගීනාත්, නවිරු නේත්වාන්, ඒශල උත්තිය, පවන් බණ්ඩාරනායක සහ සෙනුක් දෙව්දිත.
ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මෙනුෂ පබසර (නායක), සිතික කටුගම්පොළ (කඩුලු රකින්නා), බිසාර අංජන, නුලාන් සෙනෙවිරත්න, නිම්නත් වින්සර, නිසලිත සංදිව්, රමිරු මන්දීප, සනුග දුල්මික, නිසල් අදීප, දිනුර නෙත්විඳු සහ විහඟ නිම්සර.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාහුල විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හිරුන් මන්යුග. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගන්නවා.
ඔහු 6 වැනි කඩුල්ලට චතුම් ගීනාත් සමඟ එක් වෙමින් ලකුණු 68ක සබඳතාවක් ද ගොඩ නැගිමට දායක වෙනවා. චතුම් ගීනාත් 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
ඔවුන්ට අමතර ව ආයු කවිරාජ් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සනුග දුල්මික ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොදම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මෙනුෂ පබසර සහ දිනුර නෙත්විඳු කඩුලු ද්විත්වය බැගින් ද නිසලිත සංදිව් සහ විහඟ නිම්සර කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- රාහුල විද්‍යාලය මංගල ජයග්‍රහණය ලබා ගනී
- 19න් පහළ යොවුන් තරගාවලිය 12 වැනිදා සිට
- 2026 LPL තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින්ගෙන් ඉහළ තරගයක්
- 2026 LPL වෙනුවෙන් ගාල්ල වෙනස් මුහුණුවරකින්
- Showdown විස්සයි විස්ස ශූරතාව SLIIT විශ්වවිද්‍යාලයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයන් ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 164ක් පමණයි. එම ඉනිමේ තවත් පන්දු 34ක් ද ඉතිරි ව තිබිය දී නතර වෙද්දී නුලාන් සෙනෙවිරත්න පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.
ඊට අමතර ව සනුග දුල්මික පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නවිරු නෙත්වාන් ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නදිල් සංදේශ්, හිරුන් මන්යුග සහ පවන් බණ්ඩාරනායක කඩුලු ද්විත්වය බැගින් ද සහ සෙනුක් දෙව්දිත කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- රාහුල විද්‍යාලය – කඩුලු 9ක් දැවී 187 (50.0)ආයු කවිරාජ් 32, හිරුන් මන්යුග 54, චතුම් ගීනාත් 35, සනුග දුල්මික 3/38, දිනුර නෙත්විඳු 2/34, මෙනුශ පබසර 2/32
- ධර්මපාල විද්‍යාලය – සියලුම දෙනා දැවී 164 (44.2)නුලාන් සෙනෙවිරත්න 48, සනුග දුල්මික 21, පවන් බණ්ඩාරනායක 2/36, හිරුන් මන්යුග 2/24, නවිරු නෙත්වාන් 3/44, නදිල් සංදේශ් 2/18
රාහුල විද්‍යාලයට ලකුණු 23ක ජයක්.
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















