මහින්ද විද්‍යාලය ලකුණු 169කට දැවී යයි

119th Battle of the Lovers

53
119th Battle of the Lovers

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර 119 වැනි වරටත් පැවැත්වෙන් “ආදරවන්තයන්ගේ සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූවා.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 169ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය අවසන් වන විට රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 66ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ වාසිය ලබා ගැනීමට නම් හෙට දිනයේ දී තවත් ලකුණු 103ක් ලබා ගත යුතු අතර ඒ සඳහා කඩුලු 7ක් ඉතිරි ව තිබෙනවා.  

Battle of the Lovers, ගාල්ල, 15-16 මාර්තු 2024

ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගාල්ල

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය

මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: දිනුර කළුපහන (නායක), තරුෂ ඩිල්ශාන්, දුල්සිත් දර්ශන, ප්‍රමේෂ් මධුභාෂණ, හරීන් අචින්ත, චන්දූප ද සිල්වා, දෙනෙත් කෞෂල්‍ය, සෙනුක දංගමුව, අරෝෂ උදයංග, කවීන් රුක්ෂාන්, සදෙව් නෙත්මිණ.

රිච්මන්ඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: මල්ෂ තරුපති (නායක), චෙහාන් සුබසිංහ (කඩුලු රකින්නා), නිකිල් ජයවීර, තමිඳු ප්‍රදීප්ත, සෙනෙත් සෙසාන්, ෂැරොන් අභිශේක්, සිහත් රාමනායක, යූරි කොත්තිගොඩ, කවීෂ ඉඳුවර, ෂෙහාන් මධුශංක, මලිත් මිහිරංග.

කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහින්ද විද්‍යාලය ලකුණු 169කට සීමා වූවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ චන්දූප ද සිල්වා. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක දිනුර කළුපහන පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂ ඉඳුවර ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව සිහත් රාමනායක, නායක මල්ෂ තරුපති සහ ෂැරෝන් අභිශේක්  කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 66ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු චෙහාන් සුබසිංහ පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැදී සිටිනවා. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් පිටියේ රැදී සිටින්නේ සිහත් රාමනායක (03) යි.

කඩුලු ලබා ගැනීමේ දී තරූෂ ඩිල්ශාන් ලකුණු 08කට කඩුලු 2ක් දවා ගත් අතර දිනුර කළුපහන කඩුල්ලක් දවා ගත්තා.

 තරගයේ කෙටි ලකුණු පුවරුව

මහින්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 169 (75.0) දිනුර කළුපහන 38,  චන්දූප ද සිල්වා 41, කවීෂ ඉඳුවර 3/37, සිහත් රාමනායක 2/19, ෂැරෝන් අභිශේක් 2/45, මල්ෂ තරුපති 2/38

රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 66 (25.0) චෙහාන් සුබසිංහ නොදැවී 30, තරුෂ ඩිල්ශාන් 2/08

තරගය හෙට (16) දෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

119 වැනි ආදරවන්තයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<