Home Sinhala මොරටු රන් කුසලානය නැවත සාන්ත සෙබස්තියන් විද්‍යාලයට

මොරටු රන් කුසලානය නැවත සාන්ත සෙබස්තියන් විද්‍යාලයට

74th Battle of the Golds

98
74th Battle of the Golds

මොරටුව සාන්න සෙබස්තියන් විද්‍යාලය සහ වේල්ස් කුමාර විද්‍යාලය අතර 74 වැනි වරටත් පැවැති “මොරටු රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (09) සමත් වූවා.

මේ සමඟින් වසර 74ක් ඉපැරිණි මොරටු රන් සටන් ඉතිහාසයට විසඳුමක් සහිත තවත් තරගයක් එක් වූවා. මෙම ඉතිහාසයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අවස්ථා 7ක දී සහ වේල්ස් කුමාර විද්‍යාලය අවස්ථා 3ක දී ද රන් සටන් කුසලානය දිනා තිබෙනවා.

අවසන් වරට මොරටු රන් සටනේ විසඳුමක් ලැබුණේ 2011 වසරේ දී වූ අතර එවර ද ජයග්‍රාහකයන් වූයේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

74th Battle of the Golds, මොරටුව, 08-09 පෙබරවාරි 2024

o කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව

තරගයේ 2 වැනි දිනය වූ අද දවස ආරම්භ වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමෙනුයි. ඔවුන් පළමු දිනයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 139ක් ලබා සිටියා. ඒ ප්‍රතිවාදී වේල්ස් කුමාර විද්‍යාලය තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු 219ට පිළිතුරු ලෙසයි.

පෙර දින නොදැවී ලකුණු 46ක් ලබා ගනිමින් පිටියේ රැදී සිටි අදීශ් අල්මේදා අද තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තා. ඔහුත් සමඟ පෙර දින කිසිඳු ලකුණක් නොලබා නොදැවී පිටියේ රැදී සිටි තරිඳු දිලංක ද අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනා.

ඔවුන් දෙදෙනා එක් ව ඉනිමේ සිව් වැනි කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් එක් කළා. එම සබඳතාව බිඳී ගියේ අදීශ් අල්මේදා, ප්‍රතිවාදී නායක අචල පෙරේරාගේ පන්දුවක් කෙලින් ම කඩුල්ලේ ගැටීමෙන් දැවී යෑමත් සමඟයි. අදීශ් අල්මේදා පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

අනතුරු ව තරිඳු දිලංක, වේලස් කුමාර විද්‍යාලයීය ලකුණු පුවරුව පසුකර යන තුරු පිටියේ රැදී සිටිමින් තම කණ්ඩායමට අගනා මෙහෙවරක් කළා. ඔහු දැවී යන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු ලකුණු 235ක් ව තිබූ අතර ඒ වෙද්දී ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් පසුව සාන්ත සෙබස්තියන් ඉනිමට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් එක් කළේ නදීෂ ප්‍රනාන්දු. ඔහු පන්දු 14කට පමණක් මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් සාන්ත සෙබසිතියන් විද්‍යාලයට පළමු ඉනිමේ හිමි පන්දුවාර 60.0 අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 288ක් ලබා ගැනීමට සමත් ව සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී නායක අචල පෙරේරා සහ නවීන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත් අතර රිවිත් ජයසූරිය, රුසඳු සිල්වා සහ උනෙත් පීරිස් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ලකුණු 69ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ වේල්ස් කුමාර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එවර එතරම් ස්ථාවර ඉනිමක් ගොඩනැගීමට හැකි වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 13 දී දැවී ගිය අතර ඉන් අනතුරුව ලකුණු 42 සිට ලකුණු 57 දක්වා වූ ලකුණු 15 දී කඩුලු 4ක් දැවී ගියා.

නැවතත් ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 10ක් තුළ දවා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත් වූවා.

කෙසේ වෙතත් එම කඩා වැටෙමින් පැවැති ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට පසන් කුරේ සමත් වූවා. ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. ඉන් නොනැවතුණ ඔහු ඔෂාන් ද සිල්වා සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 97ක සබඳතාවක් එක් කළා.

ඔෂාන් ද සිල්වා පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඊට අමතර ව ආරම්භක පිතිකරු රිවිත් ජයසූරිය පන්දු 58ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නායක මනුජ චන්තුක ලකුණු 73කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව මලින්ත ද සිල්වා කඩුලු 2ක් දවා ගත් අතර යශින් ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 96ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ක්‍රීඩකයෝ පන්දු 87ක් තුළ දී කඩුලු 6ක් අහිමි කර ගනිමින් එම ඉලක්කය සපුරා ගත්තා.

එම ඉනිමේ පළමු පන්දුවේ දී ම කඩුල්ලක් දවා ගනිමින් වේල්ස් කුමාර විද්‍යාලයීය පන්දු යවන්නෝ තරගයට පිවිසිය ද එය දිගින් දිගට ම පවත්වා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් ලකුණු 52 සිට ලකුණු 62 දක්වා වූ ලකුණු 10 දී කඩුලු 3ක් දවා ගනිමින් නැවත තරගයට පිවිසීමට ඔවුන් සමත් වූව ද සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිතිකරුවන්ට ලබා දුන් අඩු ලකුණු ප්‍රමාණයකින් යුත් අභියෝගය කිසිසේත් ම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තරගය ඔවුන්ගේ පාලනයෙන් මඟ හැරී ගියා.

කඩුලු දවා ගැනීමේ දී උනෙත් පීරිස් ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් අතර නායක අචල පෙරේරා කඩුලු 2ක් ද සහ රසිඳු ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.

ජයග්‍රාහී සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පළමු ඉනිමේ දී ද දක්ෂතා දැක් වූ අදීශ් අල්මේදා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. ඊට අමතර ව විමත් දින්සර (18) සහ නවෝද් ප්‍රනාන්දු (16) ද ලකුණු අතරට පිවිසෙමින් තම කණ්ඩායම ජයග්‍රහණ කරා ගෙන ගියා.

කෙසේ වෙතත් මෙම ලකුණු පුවරුවට දඬුවම් ලකුණු 5ක වාසියක් ද ඔවුන් වෙත ප්‍රදානය කෙරුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • වේල්ස් කුමාර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (60.0)සුවහස් ප්‍රනාන්දු 52, ඔෂාන් ද සිල්වා 37, නවීන් ප්‍රනාන්දු 30, උනෙත් පීරිස් 37, අදීශ අල්මේදා 2/27, මනුජ චන්තුක 2/82, මලින්ත ද සිල්වා 3/70
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 288(60.0) ජනක සිල්වා 30, විමත් දින්සර 51, අදීශ් අල්මේදා 59, තරිඳු දිලංක 59, නදීශ ප්‍රනාන්දු නොදැවී 22, අචල පෙරේරා 2/43, නවීන් ප්‍රනාන්දු 2/49
  • වේල්ස් කුමාර විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 164 (55.3)රිවිත් ජයසූරිය 32, පසන් කුරේ 58, ඔෂාන් ද සිල්වා 42, මනුජ චන්තුක 6/73, මලින්ත ද සිල්වා 2/13
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 96 (14.3)විමත් දින්සර 18, අදීෂ් අල්මේදා 26, නවෝද් ප්‍රනාන්දු 16, උනෙත් පීරිස් 3/31, අචල පෙරේරා 2/22

Result


St. Sebastian’s College
265/10 (49.2)

Prince of Wales’ College
245/10 (47.3)

Batsmen R B 4s 6s SR
Janaka Silva b Suwahas Fernando 65 86 10 0 75.58
Ryan Dissanayake c Uneth Peiris b RIVITH JAYASURIYA 21 12 4 0 175.00
Vimukthi De Mel lbw b Suwahas Fernando 44 74 3 0 59.46
Adeesh Almeida c & b Achala Perera 32 46 3 0 69.57
Tharindu Dilanka b Prince Fernando 40 41 7 0 97.56
Nadeesh Fernando b Uneth Peiris 26 20 3 0 130.00
Malintha Silva c Pasan Cooray b Achala Perera 1 2 0 0 50.00
Manuja Chanthuka c Pasan Cooray b Uneth Peiris 15 12 0 1 125.00
Koshendra Fernando run out (Achala Perera) 1 2 0 0 50.00
Navod Fernando c Suwahas Fernando b Naveen Fernando 1 2 0 0 50.00
Akash Dissanayake not out 1 1 0 0 100.00


Extras 18 (b 1 , lb 2 , nb 0, w 15, pen 0)
Total 265/10 (49.2 Overs, RR: 5.37)
Bowling O M R W Econ
Uneth Peiris 5 0 37 2 7.40
Rasindu Fernando 2 0 23 0 11.50
Rusandu Silva 4 0 27 0 6.75
RIVITH JAYASURIYA 10 0 28 1 2.80
Achala Perera 10 0 48 2 4.80
Prince Fernando 7 0 48 1 6.86
Suwahas Fernando 10 1 41 2 4.10
Naveen Fernando 1.2 0 10 1 8.33


Batsmen R B 4s 6s SR
Rivith Jayasooriya c Tharindu Dilanka b Nadeesh Fernando 57 61 5 2 93.44
Rusandu Silva run out (Adeesh Almeida) 41 51 2 3 80.39
Sachith Pushpakumara run out (Janaka Silva) 38 64 4 1 59.38
Suwas Fernando b Koshendra Fernando 14 28 1 0 50.00
Oshan Maneesha c Adeesh Almeida b Koshendra Fernando 3 8 0 0 37.50
Pasan Cooray b Manuja Chanthuka 13 25 0 0 52.00
Achala Perera c Ryan Dissanayake b Malintha Silva 31 13 4 2 238.46
Naveen Fernando c Akash Dissanayake b Adeesh Almeida 0 2 0 0 0.00
Uneth Peiris c Manuja Chanthuka b Malintha Silva 30 25 4 1 120.00
Prince Fernando c Tharindu Dilanka b Adeesh Almeida 8 10 1 0 80.00
Rasindu Fernando not out 1 2 0 0 50.00


Extras 9 (b 3 , lb 1 , nb 1, w 4, pen 0)
Total 245/10 (47.3 Overs, RR: 5.16)
Bowling O M R W Econ
Akash Dissanayake 2 0 19 0 9.50
Adeesh Almeida 7 0 61 2 8.71
Manuja Chanthuka 10 0 54 1 5.40
Malintha Silva 8.3 0 39 2 4.70
Nadeesh Fernando 10 1 29 1 2.90
Koshendra Fernando 10 0 39 2 3.90



සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – පසන් කුරේ (වේල්ස් කුමාර විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – මලින්ත ද සිල්වා (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – අදීශ අල්මේදා (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
  • තරගයේ විරයා – මනුජ චන්තුක (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)

දෙවිදුහල් අතර 39 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 10 වැනිදා පැවැත්වෙන අතර එම තරගය ඔබ වෙත සමීප කිරීමට ThePapare.com බලාපොරොත්තු වෙනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<