Home Sinhala උතුරු සටනේ වැඩි වාසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට

උතුරු සටනේ වැඩි වාසි සාන්ත ජෝන්ස් ක්‍රීඩකයන්ට

117th Battle of the North

62
117th Battle of the North

යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවැත්වෙන් 117 වැනි “උතුරු සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (08) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී නිමා වූවා.

තුන් දිනක් පුරා ක්‍රියාත්මක මෙම තරගයේ මේ වෙද්දී තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රතිවාදී යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලයීය කණ්ඩායමට වඩා ලකුණු 69ක් ඉදිරියෙන් සිටිනවා. නමුත් ඔවුන් සතුව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණක් වන අතර ප්‍රතිවාදීන්ට තවත් ඉනිමක් සම්පූර්ණයෙන් ම ඉතිරි ව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් යාපනය මධ්‍ය මහා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමයට සියලුම දෙනා දැවී ලකුණු 157ක් ලබා ගත්තේ උප නායක Sagathevan Sayanthan විසින් ලබා ගන්නා ලද අර්ධ ශතකයක් ද සමඟයි. ඔහු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.

එම ඉනිම පාලන කිරීමේ දී Arulseelan Kavishan ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත්තා.

ප්‍රතිවාදී ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත ජෝන්ස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 228ක් ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සබඳතාවක් එක් කිරීමට Uthayanan Abijoyshanth සහ Anderson Sachin Kanabathi සමත් වූවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණේ Uthayanan Abijoyshanth දැවී යෑමත් සමඟයි. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

අනතුරු ව 2 වැනි කඩුල්ලට ද ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට Anderson Sachin Kanabathi සහ Mahendran Kinthushan සමත් වූවා. Mahendran Kinthushan පන්දු 59ක දී ලකුණු 22ක් ලබා සිටිය දී දැවී ගිය අතර ඊට පසුව පිටියට පිවිසියේ නායක Nesakumar Ebenzer Jezial.

ඔහු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා. ඔහු පිටියේ රැදී සිටිය දී එතෙක් වේලා ප්‍රතිවාදීන්ට හිසරදයක් වෙමින් සිට Anderson Sachin Kanabathi පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී පිටිය හැර ගියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව නායක Nesakumar Ebenzer Jezial තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් සාන්ත ජෝන්ස් ඉනිම ලකුණු 200 සීමාව ඉක්මවා රැගෙන ගියා.

7 වැනි කඩුල්ල ලෙසින් ඔහු දැවී යෑමෙන් අනතුරුව ඉතිරි කඩුලු 3 ලකුණු 25කට සීමා කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වූවා.

කඩුලු දවා ගැනීමේ දී Thakuthas Abilash ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Murali Thison ද ලකුණු 64කට කඩුලු 4ක් දවා ගත් අතර  Sutharshan Anushanth කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 71ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ඔවුන් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 140ක් ලබා ගත් අතර ඒ අනුව ඔවුන් මේ වෙද්දී ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 69ක් ඉදිරියෙන් සිටිනවා.

ඔවුන්ගේ පළමු කඩුලු 2, 9 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2ක දී දවා ගනිමින් ප්‍රතිවාදී සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ තරගයට කදිම ආරම්භයක් ලබා ගත්තා.

එතැන් සිට එම රිද්මය ආරක්ෂා කරගනිමින් පන්දු යැවීමට සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ සමත් වෙද්දී එම ඉනිම වෙනුවෙන් නායක Nishanthan Ajay පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු Sathakaran Similton පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 21 ද සහ Sutharshan Anushanth පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Kirupananthan Kajakarnan, Jeyachandran Ashnath සහ Stanley Jesunesan Samson කඩුලු 2 බැගින් දවා ගනිද්දී Kugathas Mathulan සහ Murfin Randyo කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

යාපනය මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (56.5) Ranjith Kumar Akshayan 24, Sathakaran Similton 22, Sagathevan Sayanthan 55, Kugathas Mathulan 3/52,  Arulseelan Kavishan 5/34

සාන්ත ජෝන්ස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 228 (70.4) Ranjith Kumar Akshayan 24, Sathakaran Similton 22, Sagathevan Sayanthan 55, Mahendran Kinthushan 22, Nesakumar Ebenzer Jezial 52, Murfin Randyo 22, Sutharshan Anushanth 2/24, Murali Thison 4/64, Thakuthas Abilash 4/24

යාපනය මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 140 (70.4) Sathakaran Similton 21, Sutharshan Anushanth 20, Nishanthan Ajay 23, Kirupananthan Kajakarnan 2/27, Jeyachandran Ashnath 2/30, Stanley Jesunesan Samson 2/18

Result


Jaffna Central College
157/10 (56.5) & 149/10 (57.1)

St. John’s College, Jaffna
228/10 (70.4) & 81/0 (15)

Batsmen R B 4s 6s SR
Rajithkumar Newton lbw b Kugathas Mathulan 24 19 1 2 126.32
Arumaithural Sinthujan c Sangeeth Smith b Arulseelan Kavishan 0 25 0 0 0.00
Kevin Derixsan b Arulseelan Kavishan 15 16 3 0 93.75
Sathakaran Similtan c Mahendran Kinthushan b Arulseelan Kavishan 22 58 3 0 37.93
Antanreshan Abishek c Sangeeth Smith b Murfin Randyo 10 38 0 1 26.32
Shakadevan Sayanthan c Nesakumar Ebenezer Jezial b Mahendran Kinthushan 55 117 6 0 47.01
Nisanthan Ajay c Jeyachandran Ashnath b Arulseelan Kavishan 2 7 0 0 28.57
Thakuthash Abilash c Jeyachandran Ashnath b Arulseelan Kavishan 1 4 0 0 25.00
Sutharsan Anusanth c Jeyachandran Ashnath b Kugathas Mathulan 11 34 1 0 32.35
Vikneswaran Paruthi b Kugathas Mathulan 0 9 0 0 0.00
S. Thison not out 4 16 1 0 25.00


Extras 13 (b 8 , lb 1 , nb 2, w 2, pen 0)
Total 157/10 (56.5 Overs, RR: 2.76)
Bowling O M R W Econ
Murfin Randyo 4 0 4 1 1.00
Kugathas Mathulan 15 3 52 3 3.47
Arulseelan Kavishan 13 4 34 5 2.62
Kirupananthan Kajakarnan 4 1 3 0 0.75
Stanley Samson 12 2 25 0 2.08
Jeyachandran Ashnath 7 0 23 0 3.29
Mahendran Kinthushan 1.5 0 7 1 4.67
Batsmen R B 4s 6s SR
Uthayanan Abijoyshanth b S. Thison 39 38 3 2 102.63
Anderson Sachin Kanapathi c Kevin Derixsan b Sutharsan Anusanth 40 119 4 0 33.61
Mahendran Kinthushan c Nisanthan Ajay b Sutharsan Anusanth 22 59 0 0 37.29
Nesakumar Ebenezer Jezial c Nisanthan Ajay b Thakuthash Abilash 52 99 7 0 52.53
Murfin Randyo lbw b Thakuthash Abilash 22 65 3 0 33.85
Sangeeth Smith lbw b Thakuthash Abilash 0 1 0 0 0.00
Arulseelan Kavishan c Thakuthash Abilash b S. Thison 3 17 0 0 17.65
Jeyachandran Ashnath c Nisanthan Ajay b Thakuthash Abilash 11 9 1 1 122.22
Kirupananthan Kajakarnan not out 4 15 0 0 26.67
Kugathas Mathulan c Sathakaran Similtan b S. Thison 5 8 1 0 62.50
Stanley Samson c Thakuthash Abilash b S. Thison 0 2 0 0 0.00


Extras 30 (b 9 , lb 4 , nb 8, w 4, pen 5)
Total 228/10 (70.4 Overs, RR: 3.23)
Bowling O M R W Econ
Rajithkumar Newton 16 1 54 0 3.38
Sutharsan Anusanth 11 2 24 2 2.18
S. Thison 24.4 6 64 4 2.62
Vikneswaran Paruthi 10 0 39 0 3.90
Thakuthash Abilash 8 2 24 4 3.00
Arumaithural Sinthujan 1 0 5 0 5.00
Batsmen R B 4s 6s SR
Arumaithural Sinthujan run out (Kirupananthan Kajakarnan) 4 32 0 0 12.50
Sathakaran Similtan c Nesakumar Ebenezer Jezial b Kirupananthan Kajakarnan 21 64 3 0 32.81
Kevin Derixsan c Sangeeth Smith b Kirupananthan Kajakarnan 0 1 0 0 0.00
Sutharsan Anusanth lbw b Kirupananthan Kajakarnan 20 19 3 0 105.26
Rajithkumar Newton c Nesakumar Ebenezer Jezial b Jeyachandran Ashnath 17 24 2 0 70.83
Shakadevan Sayanthan st Sangeeth Smith b Stanley Samson 16 30 2 0 53.33
Nishan Sathakaran c Jeyachandran Ashnath b Stanley Samson 23 34 3 1 67.65
Thakuthash Abilash b Kugathas Mathulan 11 16 0 1 68.75
Antanreshan Abishek c Uthayanan Abijoyshanth b Jeyachandran Ashnath 1 7 0 0 14.29
Vikneswaran Paruthi lbw b Mahendran Kinthushan 20 64 3 0 31.25
S. Thison not out 5 54 0 0 9.26


Extras 11 (b 7 , lb 1 , nb 2, w 1, pen 0)
Total 149/10 (57.1 Overs, RR: 2.61)
Bowling O M R W Econ
Kugathas Mathulan 12 1 34 1 2.83
Arulseelan Kavishan 6 2 10 0 1.67
Kirupananthan Kajakarnan 16 9 28 2 1.75
Murfin Randyo 6 1 20 1 3.33
Jeyachandran Ashnath 9 1 30 2 3.33
Stanley Samson 8 2 19 2 2.38
Mahendran Kinthushan 0.1 0 0 1 0.00


Batsmen R B 4s 6s SR
Uthayanan Abijoyshanth not out 50 49 10 0 102.04
Anderson Sachin Kanapathi not out 30 42 3 1 71.43


Extras 1 (b 0 , lb 0 , nb 1, w 0, pen 0)
Total 81/0 (15 Overs, RR: 5.4)
Bowling O M R W Econ
Sutharsan Anusanth 5 0 25 0 5.00
S. Thison 2 0 12 0 6.00
Rajithkumar Newton 3 1 5 0 1.67
Thakuthash Abilash 4 0 26 0 6.50
Vikneswaran Paruthi 1 0 13 0 13.00



තරගය හෙට (09) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි.

දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ උණුසුම ඒ ආකාරයෙන් ම ඔබ වෙත ThePapare.com මගින් සමීප කරනවා. ඒ අනුව පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<