අම්බලන්ගොඩ සහෝදරවරුන්ගේ සටන දෙවැනි වරටත්

237
Devapathiraja take on inexperienced

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් ද්විත්වයක් වන රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලය අතර දෙවන වරටත් පැවැත්වෙන “සහෝදරවරුන්ගේ මහා ක්‍රිකට් තරගය” හෙට (6) සහ අනිද්දා (7) මාදම්පගම විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මහා සටනට සියල්ල සූදානම්

ශ්‍රී ජයවර්ධනපුර මහා සටන නමින් ප්‍රසිද්ධියට පත් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය…

තරග ඉතිහාසය

2017 වර්ෂයේ දී මෙම පාසල් අතර පළමු වරට පාසල් මහා ක්‍රිකට් තරගයක් පැවැත්වූ අතර එය රත්ගම දේවපතිරාජ විද්‍යාලය ජයග්‍රහණය කරන ලදි. එම නිසා ඔවුන් මෙවර තරගයට අවතීර්ණ වන්නේ වැඩි තරග වාසියක් ද සහිතවයි.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය

රත්ගම දේවපතිරාජ විද්‍යාලය මෙවර තරගයට අවතීර්ණ වන්නේ පැතුම් මදුසංකගේ නායකත්වය යටතේ වන අතර එම කණ්ඩායමේ උප නායකයා ලෙස තිසර ඩිල්ශාන් කටයුතු කරනු ඇත.

2017/18 අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවන පෙළ නියෝජනය කරනු ලබන දේවපතිරාජ විද්‍යාලය මෙවර දෙදින ක්‍රිකට් තරග වාරයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන ඇත. ඔවුන් මෙවර තරග වාරය තුල තරග 14කට සහභාගී වී ඉන් තරග 4 පූර්ණ ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ තරග 2ක් පරාජය වෙමිනි. අනෙකුත් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව නිමා වී ඇත. එසේම  දේවපතිරාජ විද්‍යාලය සීමිත පන්දුවාර තරගාවලියේ ද අවසන් 8 දෙනා අතුරට තේරී පත්ව ඇත.

පසුගිය වසරේ නායකත්වය දරන ලද වමතින් පිත්ත හසුරුවන රවීන් යසස් මෙවර තරග වාරය තුල ලකුණු 1200කට වඩා ලබාගෙන ඇති අතර එම ලකුණු අතරට ද්විත්ව ශතක දෙකක් ද ඇතුලත්ව ඇත. එසේම දෙවන පෙළ තරග කාණ්ඩයේ වැඩිම ලකුණු ලාභියා ද වන්නේ ඔහුයි. මීට අමතරව වත්මන් නායක පැතුම් ලකුණු 700 ඉක්මවා ගොස් ඇත්තේ කඩුලු 69ක් ද දවා ගනිමිනි. සුධීර වීරරත්න හා පවන් සංදේශ් පිළිවෙළින් ලකුණු 600ක් හා ලකුණු 450ක් ඉක්මවා ලකුණු ලබාගෙන ඇත.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය: පැතුම් මදුසංක (නායක), තිසර ඩිල්ශාන් (උප නායක), රවින් යසස්, සුධීර වීරරත්න, කල්ප චේතිය ගිම්හාන, චාමික සඳරුවන්, පවන් සංදේශ්, ජිවක ෂෙහාන්, ෂෙහාන් හසරංග, සසංක නිර්මාල්, තරිඳු රුක්ෂාන්, රවිඳු රන්දික, ඉරුෂික තිමිර, හරින් අචින්ත, දිනිත ප්‍රබංක, සඳරු තීක්ෂණ, චමින්ද සඳරුවන්, පැතුම් සඳරුවන්,  මතිෂ සාරංග, චානුක සුලක්ෂණ.

නිලධාරීන්: එම්. ඩබ්. ආර්. අල්විස් මහතා (විදුහල්පති), වයි. නිශාන්ත කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), රංජන් ලසන්ත මහතා (පුහුණුකරු).

මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලය

මෙවර පාසල් මහා ක්‍රිකට් තරගයේ දී මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උදේශ් චතුරංග මෙන්ඩිස් හට පැවරී ඇති අතර ඔහුගේ සහය පිණිස කණ්ඩායමේ උප නායකත්වය කවිඳු සුරේෂණ විසින් දරනු ඇත.

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවන පෙළ නියෝජනය කරනු ලබන මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලය මෙම වර්ෂයේ දී තරග 7කට සහභාගී වී ඉන් එක තරගයක් පමණක් ජයග්‍රාහීව අවසන් කර ඇති අතර අනෙක් තරග සියල්ලම ඔවුන්ට අවාසි සහගත ලෙස නිමා වී තිබේ.

නීල හරිත සීමිත පන්දුවාර තරගයේ ජය ලුම්බිණියන්ට

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර අද (04) අවසන් වූ..

ඔවුන්ගේ විද්‍යාල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ කවිඳු ද සොයිසා වන අතර ඔහු ලකුණු 200 ඉක්මවා ලකුණු රැස්කරගෙන ඇත. එසේම මල්ෂ තරුපති සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 150ක් හා කඩුලු 28ක් දවා ගැනීමට සමත්ව ඇත.

මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලය: උදේශ් චතුරංග මෙන්ඩිස් (නායක), කවිඳු සුරේෂණ (උප නායක), මල්ෂ තරුපති , ධනුක මදුරංග, සෙනෙත් මදුරංග,දිල්ක ඉශාන්, කවිඳු විදුරංග, චමෝද් දිල්හාර,පසිඳු ලක්ෂාන්, පසිඳු ලක්ෂාන්, තවිඳු නිම්ශාන්, රශ්මික ගුරුසිංහ, සසිඳු නිමේෂ්, සචින් දිල්හාර, රවිඳු ඉරෝෂ්, කවිඳු විරාජ්, චමිඳු අචින්ත, කවිෂ්ක ඩිල්ෂාන්.

නිලධාරීන්: කේ. ජී. සරත් මහතා (විදුහල්පති), එන්.ජී. සුදත් කුමාර මහතා (නියෝජ්‍ය විදුහල්පති හා ක්‍රිකට් භාර ආචාර්ය), පරාක්‍රම වීරසිංහ මහතා (පුහුණුකරු).

2 වන වරටත් පැවැත්වෙන “සහෝදරවරුන්ගේ මහා ක්‍රිකට් සටනේ” තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<