යාපනය “රන් සටනේ” වැඩි ගෞරවය පන්දු යවන්නන්ට

107th Battle of the Golds

80

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලය සහ යාපනය විද්‍යාලය අතර 107 වැනි වරටත් පැවැති උතුරු සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව පසුගියදා (02) අවසන් වූවා.  

යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයීය Deogupillai ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී පන්දු යවන්නන්ගේ දක්ෂතා වඩාත් ඉස්මතුව දැක් වුණා. ඒ අතුරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා වූයේ යාපනය විද්‍යාලයේ Vasuthevan Vishnugoban. ඔහු පළමු ඉනිමේ දී ලබා ගන්නා ලද කඩුලු 6ක් ද ඇතුළු ව තරගයේ දී ලකුණු 57කට කඩුලු 9ක් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතා දැක් වූවා.  

ඊට අමතර ව සාන්ත පැට්‍රික් විද්‍යාලයේ Kumanathasan Sarushan ප්‍රතිවාදී කණ්ඩායමේ 2 වැනි ඉනිමේ දී ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

Battle of the Golds, යාපනය, 01-02, මාර්තු 2024 

  • කාසියේ වාසිය – සාන්ත ප්‍රැටික් විද්‍යාලය  
  • ක්‍රීඩාංගණය – Deogupillai ක්‍රීඩාංගණය, සාන්ත පැට්‍රික් විද්‍යාලය. 

යාපනය විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Sithamparalingam Narthanan (නායක), Robinson Johnson, Emayamalai Emaxshan (කඩුලු රකින්නා), Pratheepan Abinaash, Sithamparalingam Mathusan, Tharmakumaran Demian, Vasuthevan Vishnugoban, Roice Jenshon, Hamish Harmishon, Vijayakumar Harikaran, Kugendran Puvinajan 

සාන්ත පැට්‍රික් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: Sivanathan Shehaan (කඩුලු රකින්නා), Arulthasan Abishek, Robisan Shiyanson, David Abilash, Harin Adrian, Vincent Priyankan, Patkunam Mathusan, Kumanathasan Sarushan, Premanayakam Mathushan, Vijayakumar Evon, Kollins Kishanth.  

කාසියේ වාසිය දිනා ගත් සානත් පැට්‍රික් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගන්නවා. 

ඊට අර්ධ ශතක ඉනිමකින් දායක වීමට ආරම්භක පිතිකරු Robinson Johnson සමත් වෙනවා. ඔහු පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා. ඊට අමතර ව Roice Jenshon පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා.  

පන්දු යැවීමේ දී David Abilash සහ Sivanathan Shehaan කඩුලු 3 බැගින් දවා ගන්නා ලද අතර Patkunam Mathusan කඩුලු 2ක් ද, Premanayakam Mathushan සහ Vincent Priyankan කඩුල්ල බැගින් දවා ගන්නවා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 146ක් පමණයි. පළමු දිනයට තරගය නතර කරන විට ද ඔවුන්ගේ ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 45ක් ලෙසයි.  

කෙසේ වෙතත් සාන්ත පැට්‍රික් විද්‍යාලයිය ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට Premanayakam Mathushan සමත් වූවා.  

ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඔහු Kumanathasan Sarushan සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවක් එක් කරනවා.  

Kumanathasan Sarushan පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගන්නවා.  

පන්දු යැවීමේ දී Vasuthevan Vishnugoban ලකුණු 49කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. ඊට අමතර ව Sithamparalingam Mathusan කඩුලු 2ක් ද, Sithamparalingam Narthanan සහ Roice Jenshon කඩුල්ල බැගින් ද බෙදා ගන්නවා.  

ලකුණු 43ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ යාපනය විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 93ක් ලබා සිටිය දී තම ඉනිම අත්හිටුවනවා. එම ඉනිමේ දී Vasuthevan Vishnugoban පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද සහ Roice Jenshon පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගන්නවා.  

ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 51ක්.  

කඩුලු දවා ගැනීමේ දී Kumanathasan Sarushan  ලකුණු 30කට කඩුලු 5ක් දවා ගන්නවා. ඊට අමතර ව Patkunam Mathusan කඩුල්ලක් දවා ගන්නවා.  

ජයග්‍රහණය සඳහා ලකුණු 137ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි සාන්ත පැට්‍රික් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 24ක් ලබා සිටියා.  

එම ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී Vasuthevan Vishnugoban ලකුණු 8කට කඩුලු 3ක් ලබා සිටියා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 57කට කඩුලු 9ක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • යාපනය විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (80.2) Robinson Johnson 63, Roice Jenshon 25, Patkunam Mathusan 2/17, David Abilash 3/30, Sivanathan Shehaan 3/30
  • සාන්ත ප්‍රැටික් විද්‍යාලය පළමු ඉනිම සියලුම දෙනා දැවී 146 (60.2) Premanayakam Mathushan 39, Kumanathasan Sarushan 34, Vasuthevan Vishnugoban 6/49, Sithamparalingam Mathusan 2/26 
  • යාපනය විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 93 (41.0) Roice Jenshon 22, Vasuthevan Vishnugoban නොදැවී 30, Kumanathasan Sarushan 5/30
  • සාන්ත පැට්‍රික් විද්‍යාලය – දෙවැනි ඉනිම  කඩුලු 5ක් දැවී 24 (13.0) Arulthasan Abishek 14, Vasuthevan Vishnugoban 3/08

තරගයේ විසඳුමක් නෑ. (යාපනය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<