කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
අකලංකගෙන් සුපිරි කඩුලු දඩයමක්

36 හැවිරිදි දකුණතින් මඳ වේගපන්දු යවන අකලංක ගනේගම ද්‍රවිඩ සංගම් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහු ඒ වෙනුවෙන් වැය කරනු ලැබුවේ පන්දු වාර 16ක් පමණි.
ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (44.5) ජීවන් මෙන්ඩිස් 32, ශාලික කරුණානායක 25, චමින්ද බණ්ඩාර 2/34, අකලංක ගනේගම 5/35, චානක කොමසාරු 2/37
ශ්‍රී ලංකා වරාය අධිකාරිය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 169 (41.0) එන්. ආර්. ඩී. කැම්ප්ටන් 56, ගයාන් මනීශාන් නොදැවී 43, ගිහාන් රූපසිංහ නොදැවී 38, දිනුක් වික්‍රමනායක 4/16
සම්පූර්ණ වාර්තාව: අකලංක සහ ලසිත්ගෙන් දක්ෂතා
ගාල්ලට වැඩි වාසිය

එහි දී ගාලු ක්‍රිකට් සමාජයේ ගයාන් සිරිසෝම හා ලසිත් ප්‍රනාන්දු කඩුලු 5 බැගින් දවා ගනිමින් පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම සුනු විසුනු කළේ තරගයේ පළමු දිනය තුළ වැඩි වාසිය සිය යටතට නතු කර ගනිමිනි.
පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉනිම – 95/10 (27.3): සමිත් දුෂ්‍යන්ත 23, ගයාන් සිරිසෝම 5/29, ලසිත් ප්‍රනාන්දු 5/49.
ගාලු ක්‍රිකට් සමාජ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) -193/4 (68): ලසිත් ප්‍රනාන්දු 64, දමිත හුණුකුඹුර 53.
සම්පූර්ණ වාර්තාව: තරගයේ පළමු දිනය තුලම ගාලු ක්‍රිකට් සමාජයෙන් පෙරළියක්
ධර්මපාල විදුහලට පූර්ණ ජයක්

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 139/10 (43.4): පෘතුවි රූසර 62, දිල්ශාන් ද සිල්වා 3/19, දුලාජ් එගොඩගේ 3/29, චමිඳු සමරසිංහ 3/51.
ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – 94/10 (33.3): කුශංක පිරිස් 25, යුශාන් මලිත් 3/25.
ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම – 90/10 (32): ඉමන්ත ශෙහාන් 27, දිල්ශාන් ද සිල්වා 4/20.
ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 138/6 (29): අවිශ්ක හසරිඳු 40, මලිත් සඳකැලුම් 38, නුවන් චානක 2/24, යුශාන් මලිත් 2/40.
සම්පූර්ණ වාර්තාව: ධර්මපාල විද්‍යාලය හමුවේ ගුරුකුල මවිත වෙයි






















