ශ්‍රී දේවානන්ද විද්‍යාලයට SF වෙතින් අත හිත

223

ලොව ප්‍රකට ක්‍රිකට් සන්නාමයක් වන ඉන්දියාවේ නිෂ්පාදිත SF (Stanford Cricket) ආයතනය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම වෙත වසරක කාලයක් දක්වා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටී.

  • ලබාදුන් ක්‍රීඩා භාණ්ඩ
  • ඉන්දියාවේ නිෂ්පාදිත SF (Stanford Cricket) ආයතනය මගින් ප්‍රදානය කෙරුණ අනුග්‍රාහක ක්‍රීඩා භාණ්ඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයී්‍ය විදුහල්පති එස්. සූරියාරච්චි මහතා වෙත SF ක්‍රිකට් උපකරණ මෙරට අලෙවි නියෝජිත අම්බලන්ගොඩ ගිත්මි ස්පෝට්ස් ගුඩ්ස් අධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය අනුරලාල් අලගියාවඩු මහතා සංඛේතවත්ව ප්‍රදානය කළ අයුරු. මෙම අවස්ථාවට සහභාගී වූ පුහුණුකරු පී. මිල්ටන් මහතා, ක්‍රිකට් භාර ආචාර්ය රෝහණ චන්ද්‍රකාන්ත ද සිල්වා මහතා සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් නායක සොහාන් ද ලිවේරා යන මෙහි වෙති.
  • ඉන්දියාවේ නිෂ්පාදිත SF (Stanford Cricket) ආයතනය මගින් ප්‍රදානය කෙරුණ අනුග්‍රාහක ක්‍රීඩා භාණ්ඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයී්‍ය ක්‍රිකට් නායක සොහාන් ද ලිවේරා වෙත SF ක්‍රිකට් උපකරණ මෙරට අලෙවි නියෝජිත අම්බලන්ගොඩ ගිත්මි ස්පෝට්ස් ගුඩ්ස් අධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය අනුරලාල් අලගියාවඩු මහතා සංඛේතවත්ව ප්‍රදානය කළ අයුරු. මෙම අවස්ථාවට සහභාගී වූ විද්‍යාලයීය විදුහල්පති එස්. සූරියාරච්චි මහතා, පී. මිල්ටන් මහතා, ක්‍රිකට් භාර ආචාර්ය රෝහණ චන්ද්‍රකාන්ත ද සිල්වා මහතා සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් පදනමේ උප සභාපති කසුන් ධනංජය ද සිල්වා මහතා ද මෙහි වෙති.
  • ලැබුණ ක්‍රීඩා භාණ්ඩ සමග ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම
  • ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමහ සහභාගී ආරාධිතයන්

ඒ අනුව ලැබුණ අනුග්‍රාහක ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය පසුගිය දා රත්ගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැතිණි. ඒ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර පැවති තරගය අතරතුර දී ය.

ලක්ෂිත සහ අවිශ්කගෙන් දැවැන්ත ඉනිමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….

ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් පදනමේ ඉල්ලීමක් පරිදි සිදු කෙරුණ මෙම ප්‍රදානයේ දී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් ක්‍රිකට් උපකරණ විද්‍යාලය වෙත හිමි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ නායක සොහාන් ද ලිවේරා “අපි ගැන සොයා බලමින් අපිට උදව් කිරීම සම්බන්ධයෙන් විද්‍යාලයීය ක්‍රිකට් පදනම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපිට පසුගිය වසරේත්, මේ වසරේදීත් අපේ ආදි ශිෂ්‍යයෙක් වන අනුරලාල් මහතාගේ සම්බන්ධ වීම මත මේ උපකරණ ලබා දීම ගැනත් ස්තූතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි වැනි අඩු පහසුකම් සහිත පාසල් කණ්ඩායමකට මේ උපකරණ ප්‍රදානය විශාල ශක්තියක්.” යැයි පැවසීය.

“මම දන්නව අපේ පාසල් ක්‍රීඩකයන් කෙතරම් අඩු-පාඩුකම් සහිතව ද ක්‍රීඩා කරන්නේ කියලා. විශේෂයෙන්ම මේ වෙනුවෙන් මගේ අවධානය යොමු වෙන්නේ විද්‍යාලයීය ක්‍රිකට් පදනමේ සහෝදරයන් කළ ඉල්ලීමක් අනුව. මේ ප්‍රදානය හෙට දවසේ අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට රුකුලක් වෙනව නම් එතැන දී වැඩියෙන්ම සතුටු වෙන්නෙ මම. මට මතකයි අපි පාසල් යන දවස්වල අපේ සහෝදරයන් ක්‍රිකට් ක්‍රීඩා කළේ කොහොමද කියලා. නමුත් දැන් ඒ තත්ත්වයෙන් ක්‍රීඩා කරන්න බැහැ. අළුත් අළුත් උපකරණ ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඊට මේ තරමින් හෝ මට උදව් වෙන්න ලැබීම ගැන සතුටුයි. ඒ වගේම මගේ ඉල්ලීම අනුව SF ආයතනය දැක්වූ අනුග්‍රහයට එම ආයතනයේ හිමිකරු අනිල් සරීන් (Anil Sareen) මහතාට මගේ ස්තූතිය හිමි වෙනවා.”

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස නම් කෙරේ

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ටෙස්ට් ….

මෙම අවස්ථාවට සහභාගී වූ ඉන්දියාවේ නිෂ්පාදිත SF ක්‍රිකට් උපකරණ මෙරට අලෙවි නියෝජිත අම්බලන්ගොඩ ගිත්මි ස්පෝට්ස් ගුඩ්ස් අධිපති විද්‍යාලයීය ආදි ශිෂ්‍ය අනුරලාල් අලගියාවඩු මහතා පැවසුවේය.

විද්‍යාලයීය ක්‍රිකට් පදනමේ උප සභාපති කසුන් ධනංජය ද සිල්වා මහතා “අපි වගේම වර්තමාන කණ්ඩායමේ ක්‍රීඩකයනුත් ක්‍රීඩා කරන්නේ ඉතාම අඩු පහසුකම් සහිතව. මේ නිසා දක්ෂතා දක්වන අපේ සමහර ක්‍රීඩකයන් වෙනත් පාසල් කරා ඇදී යාමේ තත්ත්වයක් ද තිබෙනවා. එහෙම යෑම එක් අතකින් ඔහුට සුභදායි වූවත් අපේ කණ්ඩායමට විශාල හානියක්. ඒ නිසා අපේ බලාපොරොත්තුව වෙන්නේ අපේ ක්‍රීඩකයන්ට අපිට හැකි අයුරින් උපරිම අනුග්‍රහයන් දක්වමින් රැක ගැනීමයි. එහි එක් පියවරක් තමයි මේ. ඒ සඳහා මැදිහත් වූ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය අනුරලාල් මහතාට මා අප සංගමය වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.” යැයි පැවසුවේය.

තව දුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවැසුවේ ය.

“අනික් අඩු-පාඩුත් සමඟ අපිට ක්‍රීඩා කරන්න තවමත් අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය පිළිසකර නොවීමත් විශාල අඩුවක්ව පවතිනවා. ලබන වසර වෙද්දී හෝ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු සිදුවී අපේ ක්‍රීඩකයන්ට ප්‍රයෝජනයක් ගත හැකි පරිදි ක්‍රීඩාංගණය ලැබෙනවා නම් ඒක විශාල ශක්තියක්. ඒ වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත් ලෙසත් අපි දකිනවා.”

මෙම අවස්ථාවට ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය විදුහල්පති එස්. සූරියාරච්චි, නියෝජ්‍ය විදුහල්පති අතුල ප්‍රබෝධන, විද්‍යාලයීය ක්‍රිකට් භාර ආචාර්ය රෝහණ චන්ද්‍රකාන්ත ද සිල්වා, විද්‍යාලයීය ප්‍රධාන පුහුණුකරු පී. මිල්ටන් සහ සහාය පුහුණුකරු සාගර ධනංජය යන මහත්වරුන් ද සහභාගී වූහ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<