ධර්මපාල විද්‍යාලය හමුවේ ගුරුකුල මවිත වෙයි

307

ගුරුකුල විද්‍යාලය හමුවේ ධර්මපාල විද්‍යාලය දක්ෂ ලෙස ක්‍රීඩා කළ අද (5) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම පැවැත්වූ අතර ඒ අතුරෙන් රිච්මන්ඩ් විද්‍යාලය හා ධර්මපාල විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

 

සාන්ත ජෝසප් ලකුණු පුවරුවට ශතක දෙකක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම අද (5) ආරම්භ විය. ඒ අතුරෙන් ………….

මරදාන සහිරා විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

තරගයේ පළමු දිනය අවසානයේ සහිරා විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූ අතර, නොදැවී ක්‍රීඩා කරමිනි සිටි චතුර දිල්රුක්ශන ලකුණු 30*ක් ලබාගෙන සිටියේය.

චතුර අද දිනය තුල සහිරා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 52ක් එක් කළේ සහිරා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. එම ඉනිම සුනුවිසුනු කළ මනෝහරන් පවිත්රන් කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් අතරට පිවිසෙන ලදි. අවසානයේ සහිරා පළමු ඉනිම ලකුණු 162කට සීමා විය.

ඔවුන්ගේ දෙවන ඉනිමට මොහොමඩ් ශමාස් ශතකයක් එක් කරන විට දිල්සර ශමින්ද ලකුණු 43ක් ලබාගෙන සහිරා ඉනිම ඔසවා තබන ලදි. අවසානයේ සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට පන්දුවාර කිහිපයක් තුළ ලකුණු 130ක ඉලක්කයක් ලබා ගැනීමට නියමිතව තිබුණි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ අවිඳු හේරත් වේගවත් අර්ධ ශතකයක්  සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිමට එක කළ ද, අවසානයේ ඔවුන්ට පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත් වීමට සිදු විය.

මෙම තරගය G කාණ්ඩයේ තරගයක් ලෙස පල්ලෙකැලේ බන්ධනාගාර පිටියේ දී පැවැත්විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 301/8 d (75): නදීර බාලසූරිය 75, මන්ජිත් රාජපක්ෂ 46, සී. හිරොශන් 41, ලසිත් නිර්මාල් 3/63, රිද්මික නිමේෂ් 3/70.

සහිරා විද්‍යාලය පළමු ඉනිම –  162/10 (46.1): චතුර දිල්රුක්ශන 52, මොහොමඩ් ශහදුල්ලා 32, මනෝහරන් පවිත්රන් 6/46.

සහිරා විද්‍යාලය දෙවන ඉනිම – 268/10 (59.4): මොහොමඩ් ශමාස් 113, දිල්සර ශමින්ද  43, මොහොමඩ් ශහදුල්ල 26, මනෝහරන් පවිත්රන් 4/107.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම –  69/0 (4): අවිඳු හේරත් 50*.

ප්‍රතිඵලය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ජයග්‍රහණය මහානාම, මහින්ද හා සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට

සිංගර් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ කාණ්ඩය යටතේ අද (4) දිනය තුල අවසන් වූ ක්‍රිකට් තරග…..


කොළඹ ලුම්බිණි විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

තරගයේ පළමු දිනය අවසන් වන විට ද මැසනොඩ් විද්‍යාලය ලුම්බිණි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 226ක් පසුපසින් සිටි මෙම තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස අද අවසන් විය.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කරන ද මැසනොඩ් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 88ක් ලබාගෙන සිටියේ මිතිල ගීත්ගේ නොදැවුණු ලකුණු 30* සවියක් කරගෙනයි. අනතුරුව ඔවුන්ගේ පළමු ඉනිමටම සවියක් වීමට මිතිල සමත් වූයේ වැදගත් ලකුණු 77ක් ලබා ගෙනයි. ඔහුට සවියක් වූ ශෙමිල් ගුණවර්ධන ලකුණු 47කට දැවී ගිය අතර වමතින් දඟපන්දු යවන ක්‍රීඩක  විමුක්ති කුලතුංග කඩුලු 6ක් දවා ගන්නා ලදි.

පළමු ඉනිම පහසුවෙන්ම ජය ගත් ලුම්බිණි විද්‍යාලය එම ජය දෙගුණ තෙගුණ කර ගැනීමේ අරමුණින් නැවතත් ද මැසනොඩ් විද්‍යාලයට පිතිකරණයේ නිරත වීමට ආරාධනා කරන ලදි. නමුත් පළමු ඉනිමේ වූ අඩුපාඩු මඟ හරවා ගෙන ද මැසනොඩ් විද්‍යාලය සිය දෙවන ඉනිම දියත් කළ නිසා ලුම්බිණි බලාපොරොත්තු බිඳ වැටුණි. එහි දී සාලිය ජූඩ් ලකුණු 111ක් ලබා ගත්තේය. මිතිල ලකුණු 78යි. පන්දු යැවීමේ දී විමුක්ති කඩුලු 3යි.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 314/10 (66.3): රන්මල් ප්‍රනාන්දු 96, ලකිඳු උපේන්ද්‍ර 53, සඳුනිල් සංකල්ප 33, ධනංජය දාබරේ 30, රොමාල් ප්‍රනාන්දු 6/91.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 193/10 (54.2): මිතිල ගීත් 77, ශෙමිල් ගුණවර්ධන 47, විමුක්ති කුලතුංග 6/57, කවීන් කෙත්මින 3/47.

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම – 317/9 (67): සාලිය ජූඩ් 111, මිතිල ගීත් 78,  ප්‍රවීන් ෆොන්සේකා 56, විමුක්ති කුලතුංග 3/78.

ප්‍රතිඵලය – ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත පිටියේ කාසියේ වාසිය දිනාගත් රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 199ක් ලබා ගන්නා ලදි. එහි දී ආධිත්‍ය සිරිවර්ධන හා ආකාශ් කාවින්ද අර්ධ ශතක ලබා ගත්තේය.

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාල පිතිකරුවන් හට සඳුන් මෙන්ඩිස්ගේ පන්දුව හැසිරෙන ආකාරය හඳුනා ගැනීමට වෑයම් කළ කාලය තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 67ක් පමණි. වොෂිත අමරසිංහ ලකුණු 20යි.

ඉනිමක පාරජයක අවදානම ද සහිතව සිය දෙවන ඉනිම දියත් කළ සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිමට ලබාගත් ලකුණු ප්‍රමාණයට වඩා වැඩිපුර තවත් ලකුණු 3ක් ලබාගෙන සිය ඉනිම අවසන් කරගත්තේය. ඒ  සඳුන් ඇතුළු රිච්මන්ඩ් විද්‍යාලයේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. මෙම තරගය පුරාවට දස්කම් දැක්වූ සඳුන් කඩුලු 10ක් දවා ගන්නා ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – 199/10 (61.2): ආධිත්‍ය සිරිවර්ධන 57, ආකාශ් කාවින්ද 55, ගිශාන්තික ජයවීර 3/34.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම –  67/10 (46.1): වොෂිත අමරසිංහ 20, සඳුන් මෙන්ඩිස් 6/13.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම – 70/10 (38.4): තරුෂ කාවින්ද 26, සඳුන් මෙන්ඩිස් 4/21, තවිෂ අභිෂේක් 4/26.

ප්‍රතිඵලය – රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 62ක ජයක්.

අතීතකාමාවර්ජනය – ලසිත් මාලිංග

ඔහු ක්‍රිකට් පිටියට පිවිසි මුල් සමය අපට මතකය. රත්ගම ප්‍රදේශයේ තරුණයෙකු විදුලි සැර වන් පන්දු යවන බැව් එකල මාධ්‍ය විසින් ……


කැලණිය ගුරුකුල විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රීඩා පිටියේ දී අවසන් වූ මෙම තරගය තුළ වාර්තා වූයේ එක් අර්ධ ශතකයක් පමණි.

කාසියේ වාසිය දිනූ  ධර්මපාල විද්‍යාලයේ ඇරයුමින් සිය පළමු ඉනිම දියත් කළ ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පෘතුවි රූසර ලකුණු 62ක් ලබා ගත්තේය. අවසානයේ ගුරුකුල විද්‍යාල පළමු ඉනිම ලකුණු 139කට සීමා කිරීමට දිල්ශාන් ද සිල්වා, දුලාජ් එගොඩගේ හා චමිඳු සමරසිංහ සමත් වූයේ කඩුලු 3 බැගින් දවා ගනිමිනි.

පසුව යුශාන් මලිත් ඇතුළු ගුරුකුල විද්‍යාල ක්‍රීඩකයින් ධර්මපාල විද්‍යාල පළමු ඉනිම ලකුණු 94කට සීමා කළේ පළමු ඉනිමේ ජය ලබාගෙනයි. එයින් නොසැලුණු ධර්මපාල විද්‍යාල ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදී ගුරුකුල පළමු ඉනිම ලකුණු 90ක් වැනි අවම ලකුණකට සීමා කරමින් ගුරුකුල විද්‍යාලය මවිත කරවන ලදි. අවසානයේ අවිශ්ක හසරිඳු හා මලිත් සඳකැලුම් ලකුණු අතරට පිවිසෙමින් ධර්මපාල විද්‍යාලයේ ජය මාවත විවර කළේය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 139/10 (43.4): පෘතුවි රූසර 62, දිල්ශාන් ද සිල්වා 3/19, දුලාජ් එගොඩගේ 3/29, චමිඳු සමරසිංහ 3/51.

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – 94/10 (33.3): කුශංක පිරිස් 25, යුශාන් මලිත් 3/25.

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම – 90/10 (32): ඉමන්ත ශෙහාන් 27, දිල්ශාන් ද සිල්වා 4/20.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉනිම – 138/6 (29): අවිශ්ක හසරිඳු 40, මලිත් සඳකැලුම් 38, නුවන් චානක 2/24, යුශාන් මලිත් 2/40.

ප්‍රතිඵලය – ධර්මපාල විද්‍යාලයට කඩුලු 6ක් ජයක්

 

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න