Warneගේ මරණයට හේතුව සනාථ වෙයි

4197
Autopsy report reveals Shane Warne's reason for death
(TheGuardian)

සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Shane Warne පසුගිය දා හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඒ තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටි අතරතුර දීයි.

හදිසි හෘදයාබාධයක් නිසා Warne ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැක කෙරුණා. කෙසේ වෙතත් ඊයේ (7) නිකුත් වූ මරණ පරීක්ෂණ වාර්තාවේ ද දැක්වුණේ ඔහු ස්වාභාවික හේතු මත ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අද පරීක්ෂණ කරන නිලධාරීන්ට මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණා. එහි මරණයට හේතුව ස්වාභාවික බව දක්වා තිබුණා”, තායිලන්තයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක Kissana Phathanacharoen, Channel News Asia වෙත පවසා තිබුණා. පරීක්ෂකයින් මරණ පරීක්ෂණ වාර්තාව නියමිත කාලයේ දී උසාවියට ඉදිරිපත් කරයි.”

මේ අතර ආරක්ෂක වළල්ලෙන් මිදී Warneගේ දේහය තබා තිබුණු ගිලන් රථය වෙත අනවසරයෙන් ඇතුළු වූ කාන්තාවක් ගැන ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඇය ජර්මන් කාන්තාවක් බවයි වාර්තා වෙන්නේ. මල් කලඹක් සමඟ ගිලන් රථයට ඇතුළු වූ ඇය මිනිත්තු එකහමාරක් පමණ එහි රැඳී සිට තිබෙනවා. ඇය සමඟ තවත් තායිලන්ත කාන්තාවක් ද සිටි බවයි වාර්තා වෙන්නේ.

Fox Sports පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙම කාන්තාව Warneව පෞද්ගලිකව දැන සිටි බවට තායිලන්ත පොලිසිය පවසා සිටි බවයි.

Shane Warneගේ අභාවය පිළිබඳව වැදගත් තොරතුරු කිහිපයක් ඉකුත් 6 වැනිදා තායි පොලිසිය විසින් මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණා. තායිලන්තයේ Koh Samui හි සංචාරක නිවහනක සිහිසුන්ව සිටි Warneව ඔහුගේ මිතුරන් විසින් පසුගිය 4 වැනිදා සොයාගෙන තිබුණු අතර පසුව ඔහුගේ කළමනාකරු විසින් නිවේදනය කළේ Shane Warne හෘදයාබාධයක් නිසා මියගොස් තිබෙන බවට සැක කර බවයි.

සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවක දී පොලිසිය පවසා තිබුණේ හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා ඔහුගේ මරණයට පෙරත් කිහිවතාවක්ම පපුවේ වේදනාත්මක තත්වයන් පිළිබඳව පවසා සිටි බවත්, ඔහුට මීට පෙරත් හදවතේ දුර්වලතා හා ඇස්මා රෝගී තත්වයෙන් පෙළුණු බවත්ය.

Bo Phut පොලිස් ස්ථානයේ නිලධාරියෙක් වන Yuttana Sirisombat මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණා. Warne මීට පෙරත් හදවතේ දුර්වලතා සම්බන්ධයෙන් වෛද්‍යවරු හමුවී තිබුණා. ඔහුගේ සිරුරෙන් කිසිදු ආගන්තුක බෙහෙතක් හෝ ද්‍රව්‍යයක් හමුව නැහැ.”

කෙසේ වෙතත් The Bangkok Post පුවත්පත පවසා තිබුණේ Warne රැඳී සිටි කාමරයේ තුවා හා කොට්ට උර වල ලේ බිඳිති දක්නට ලැබුණු බවයි. Surat Thani ප්‍රාදේශීය පොලිසියේ පොලිස් මේජර් ජෙනරාල් Satit Polpinit, Matichon පුවත්පතකට පවසා තිබුණේ Warne හට ප්‍රථමාධාර දීම අරඹන අවස්ථාව වන විටත් ඔහුගේ මුඛයෙන් රුධිරය පිටව තිබුණු බවයි.

Shane මාස තුනක විවේකයක් ගන්නට හිටියේ. මේක තමා එහි ආරම්භය වෙන්නට නියමිතව තිබුණේ”,  Warne ගේ කළමනාකරු James Erskine, FOX Cricket වෙත පවසා තිබුණා.

“ඔවුන් ඊට පෙර දිනයේ රාත්‍රියේ පැමිණියේ. ඔවුන් සවස 5 එකිනෙකා හමුවෙන්නට නියමිතව තිබුණා. ඔහුගේ මිතුරෙක් (Neophitou) Warne පමා වූ නිසා 5.15ට පමණ ඔහුගේ කාමරයේ දොරට තට්ටු කර තිබුණා. ඔහු අවබෝධ කරගෙන තිබුණා යමක් දෙයක් සිදු වී ඇති බවට.”

HindustanTimes ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<