කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කාසියේ වාසිය කොදෙව්වන්ට

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – 236/4 (76.1) – සුනිල් අම්බ්‍රිස් – 62*, විශාල් සිං – 58*, ජෝන් කැම්බල් – 56, මාලින්ද පුෂ්පකුමාර – 2/62, ෂෙහාන් ජයසූරිය – 1/39
සම්පූර්ණ වාර්තාව: කොදෙව්වන් පිත්තෙන් වැඩ පෙන්වූ පළමු දිනය
කොදෙව් කාන්තාවෝ ප්‍රථම තරගය ජය ගනිති

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 136/10 (49.4): යසෝදා මෙන්ඩිස් 34, ඩිලානි මනෝදරා 28*, චමරි අතපත්තු 25, හේලි මැතිව්ස් 3/18, ස්ටැෆනි ටේලර් 3/24, ඇෆී ෆෙලෙචර් 3/42.
කොදෙව් කාන්තා කණ්ඩායම – 138/4 (39): මෙරීසා ඇගියුලේරියා 32*, චීඩීන් නැටියන් 24, දේනද්‍ර ඩොටින් 22, හේලි මැතිව්ස් 22, ඉනෝකා රණවීර 2/27.
සම්පූර්ණ වාර්තාව: හේලි හා මෙරීසා ලංකාවට එරෙහි වෙයි
වැස්ස මැද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දස්කම් දක්වති

තරග ඉසව් පැවැත්වෙන වයස අවුරුදු 12න්, 14න්, 16න්, 18න් සහ 20න් පහළ වයස් කාණ්ඩ වල බාලක සහ බාලිකා අංශ දෙකේම ජයග්‍රාහකයින් සහ අනුශූරතාවය දිනා ගන්නා තරගකරුවන් සහ තරගකාරිනියන් සඳහා මෙහි දී කේවල ශූරතා කුසලාන පිරිනැමෙනු ඇත. පෙර අවුරුදුවල දී බාලක සහ බාලිකා අංශ සඳහා වෙන වෙනම ලබා දුන් ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ සමස්ත ශූරතාවලට අමතරව මෙම වසරේ දී තවත් නව අභියෝගතා ශූරතාවයක් හඳුන්වා දෙන්නට සංවිධායකයින් තීරණය කර ඇති අතර ඒ අනුව තරගාවලියේ ඉහළම දක්‍ෂතා දක්වන මිශ්‍ර පාසලට ද මෙම වසරේ දී අභියෝගතා ශූරතාවයක් පිරිනැමෙනු ඇත. මේ හරහා මිශ්‍ර පාසල්වලට ද තරගාවලියේ දී ඉහළ ස්ථානයක් හිමිකර ගැනීමට හැකියාව ලැබේ.
සම්පූර්ණ වාර්තාව: සමස්ත ලංකා පාසල් තරගාවලියට වර්ෂාවෙන් බාධා






















