වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති පුටුවට ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර විනිසුරු

244

ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (06) දිනයේ දී පවත්වනු ලැබූ අතර එහිදී එහි ගරු සභාපති ධුරයට තේරී පත්වීමට විමල් අමරසිංහ මහතා සමත් විය. 

එම අදාළ නිලවරණය ඊයේ දිනයේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු කෙරුනු අතර එහි සභාපති ධුරය සඳහා විමල් අමරසිංහ සහ ටී.සී. හේවා යන අය තරග කරනු ලැබීය. එහිදී පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ඡන්ද 98ක් හිමිකර ගත් අමරසිංහ මහතා වැඩි ඡන්ද 11කින් සංගමයේ මීළඟ සභාපති ධුරය සඳහා තේරී පත්විය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ජාත්‍යන්තර වොලිබෝල් විනිශ්චයකාරවරයා වන ඔහු, ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනයයේහි (FIVB) විනිසුරු උපදේශකවරයකු ලෙස සහ සබරගමු පළාත් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.

අනතුරුව මෙහිදී සංගමයේ උප සභාපති තනතුරු 03ක් සඳහා ද ඡන්ද විමසීමක් පවත්වනු ලැබූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින් 8 දෙනා අතුරින් වැඩිම ඡන්ද හිමිකර ගත් ප්‍රභාත් ඉන්දික, ප්‍රියන්ත සෙනෙවිරත්න සහ එච්. ජී. සුමතිපාල යන මහත්වරුන් එම ධුර සඳහා තේරී පත්විය.

තවත් කියවන්න:

සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය සඳහා කපිල බන්නැහැක මහතා නිතරගයෙන් තේරී පත්වන භාණ්ඩාගාරික තනතුර සඳහා පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් ආර්. එන්. පී. ලෙනෝරා එම ධුරය සඳහා තේරී පත්වීමට සමත් විය.

ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේ දී තීරණය වූ තනතුරු සියල්ල පහත පරිදි වේ.

ගරු සභාපති

  • විමල් අමරසිංහ මහතා

උප සභාපති ධුර

  • ප්‍රභාත් ඉන්දික මහතා
  • ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා
  • එච්. ජී. සුමතිපාල මහතා

ප්‍රධාන ලේකම්

  • කපිල බන්නැහැක මහතා

භාණ්ඩාගාරික 

  • ආර්. එන්. පී. ලෙනෝරා

නියෝජ්‍ය ලේකම් ධුර 

  • ඩබ්. කේ. එන්. ආර්. ජයසේකර
  • ඩබ්. පී. කේ. මනෝදරගෙදර

ජාත්‍යන්තර සම්බන්ධීකරණ නිලධාරී

  • ඒ. එන්. ජී. ඩබ්. අමරනාත්

විධායක කමිටු සාමාජිකයින් 

  • ලහිරු දිල්ශාන් ලියනආරච්චි
  • බී. වී. කේෂර පංචාල චතුරංග බෙනරගම
  • සී. පී. කේ. ජාපාවත්ත
  • එන්. ඒ. පී. ඒ. නෙත්තසිංහ
  • එස්. කේ. ක්‍රිස්ටෝපර්
  • ආර්. එම්. එස්. කේ. රණතුංග
  • ආර්. එම්. එල්. ඩබ්. සී. ජේ. බී. ලබුතල
  • එන්. සුතේෂ් කුමාර්
  • එන්. වික්‍රමරත්න
  • කේ. ජී. ශාන්ත
  • එල්. ජී. සුජිත්
  • ජේ. ඒ. රවීන්ද්‍ර
  • සුජීව සුදත්තානන්ද කිරිමැටියාන

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<