2018 IAAF ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. මෙවර සමාන උළෙල ප්‍රංශයේ මොනාකෝ හිදී පැවැත්වෙන අතර මේ වසර පුරා මලල ක්‍රීඩා පිටියේ සුපිරි දස්කම් දැක්වූවන් එහි දී අගය කෙරෙනු ඇත. IAAF විසින් වසරේ හොඳම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ලැයිස්තු ගත කර තිබුණි.
ආකාර තුනක ඡන්ද විමසීමකින් මෙම අවසන් තරගකරුවන් තෝරා තිබුණි. IAAF කවුන්සිලය හා IAAF Family සිය මනාපයන් විද්‍යුත් තැපෑල මගින් පල කර තිබුණි. IAAF සමාජ ජාල මධ්‍ය ඔස්සේ රසිකයින් සිය මනාප පල කර තිබුණි. IAAF කවුන්සිලයේ මනාපයන් මුළු මනාපයෙන් 50%ටත්, IAAF Family හී මනාපයන් හා රසිකයින්ගේ මනාප 25%ක් බැගිනුත් අවසන් ප්‍රතිඵලය සඳහා යොදා ගැනිණි. නොවැම්බර් 13 වැනිදා මනාප පල කිරීම අවසන් කෙරිණි.
Video – “අභියෝගවලට මුහුණ දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරගන්න ඕන”
ඕනෑම දෙයක් ජයග්‍රහණය කිරීමට හොඳ සැලැස්මක් අවශ්‍ය වෙනවා. එළඹෙන 2019 වසරේ පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලිවලින් ජයග්‍රහණ…
ක්‍රිස්ටියන් කෝල්මන් – 100m

එළිමහන් තරගාවලි කාල සීමාව ආරම්භයේ දී කෝල්මන් හට ආබාධයක් නිසා බාධා සිදු වූ නමුත් ඔහු IAAF ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අවස්ථා තුනක දී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. බ්‍රසල්ස් හී පැවති අවසන් මහා තරගයේ දී ඔහු සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කළේ තත්පර 9.79.4කිනි.
අර්මාන්ඩ් ඩුප්ලැන්ටිස් – රිටි පැනීම

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ දායක ආරංචියක්
මීට මාස කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ ලෝක ශ්‍රේණිගත කිරීම් පදනම් කර ගත් නව සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය අතහැර නැවත පරණ…
18 හැවිරිදි අර්මාන්ඩ් Tampere හිදී වයස අවුරුදු 20න් පහළ ශූරතාව දිනා ගත් අතර බර්ලින් හිදී පැවති යුරෝපීය ශූරතාවලියේ දී තමන්ගේම වයස අවුරුදු 20න් පහළ වාර්තාව 6.05mකින් බිඳ දැමීමට ඔහු සමත් විය.
එලියුඩ් කිප්චෝගේ – මැරතන්

එය මේ කෙන්යානු ජාතික විශිෂ්ඨයාගේ මේ වසරේ දෙවන මැරතන් ජය වූ අතර ලන්ඩන් හි අප්‍රේල් මස පැවති ලන්ඩන් මැරතන් තරගයේ ජය ද ඔහු සතු විය. ලන්ඩන් මැරතන් තරගයේ දී කිප්චෝගේ 2:04:17ක කාලයක් වාර්තා කළ අතර ඒ ලන්ඩන් මැරතන් තරගය නිමා කළ දෙවන හොඳම කාලයයි.
කෙවින් මයර් – දස ප්‍රයාම

යුරෝපීය ශූරතාවලියේ දී ඔහු එතරම් වාසනාවන්ත නොවූ නමුත් ටලෙන්ස් හිදී ලකුණු 9126කින් දස ප්‍රයාම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙලන්නට ඔහු සමත් විය.
අබ්දෙර්රහ්මාන් සම්බා – මීටර 400 කඩුලු මතින් දිවීම

23 හැවිරිදි සම්බා ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 400 කඩුලු මතින් දිවීමේ හා මීටර 400X4 යන ඉසව්වල රන් පදක්කම් දිනූ අතර IAAF Continental Cup Ostrava හිදී ද ඔහු ජය වාර්තා කිරීමට සමත් විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















