ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (03) කොළඹ පී සරා ඕවල් පිටියේ දී පැවැත්විය.
එහි දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 157කින් ලබාගත් ලකුණු 123ට අභියෝග කරමින් ඕස්ට්‍රේලියානු පිතිකරු සෑම් ෆැනින්ග් පන්දු 94කින් ලබාගත් ලකුණු 108 නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට කඩුලු 7ක පරාජයක් උරුම වූයේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම තරගාවලිය තුල 1-0ක් ලෙස පෙරමුණේ තබමිනි.
ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා යොවුන් එක්දින තරග ඉතිහාසයේ සුවිශේෂී මතක සටහන්
ඕස්ට්‍රේලියාව කවදත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ප්‍රබල ක්‍රීඩකයන් දායාද කළ රටක්. එම නිසාම ඕස්ට්‍රේලියානුවන්
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය මුලින්ම පන්දුවට පහර දීමට ගත් තීරණයට සාධාරණයක් ඉටු කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ කමිල් මිෂාර සහ නවෝද් පරණවිතාන ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 171කින් ලකුණු 126ක සබඳතාවයක් ගොඩනැගුවේ ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා යොවුන් එක්දින තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සඳහා වාර්තා වූ පළමු ශතක සබඳතාවය වාර්තා කරමිනි.
එලෙස ගොඩනැගුණු වටිනා සබඳතාවයට නැවතීමේ තිත තැබූ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක ජැරොඩ් ෆ්රීමන් පරණවිතානව ලකුණු 45කට දවා ගත්තත් එයින් සෑහීමකට පත්නොවූ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයන් මොහොමඩ් සමාස්ව ද ලකුණු 3කට දවා ගත්තේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 30ක් අවසානයේ දී 131/2ක් බවට පත් කරමිනි.
Photos: Australia U19 Team Tour to Sri Lanka 2019 – 1st ODI
ඉන්පසු පිටියේ එක්වූ කමිල් මිෂාර සහ නායක නිපුන් ධනංජය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නන්ව මනාව පාලනය කරමින් පන්දු 96කින් ගොඩනැගූ වේගවත් ලකුණු 98ක සබඳතාවය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ප්‍රබල තැනකට ගෙන ආවත්, එවන්ස් විසින් පන්දු 157ක දී හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 123ක් ලබා සිටි දවා ගැනීමත් සමඟ නැවතත් තරගය දෙපිලටම විවෘත විය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
කමිල්ගේ දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු රැස්කිරීම සඳහා තවත් පන්දුවාර 4ක් ඉතිරිව තිබුණු අතර එම පන්දුවාර ප්‍රමාණයේ දී උපරිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අභියෝගය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එල්ල විය.
නමුත් 49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජෝෂ් කෑන්ගේ පන්දුවක් හමුවේ පන්දු 44කින් ලකුණු 47ක් ලබා සිටි නායක නිපුන් දැවී යාමත් සමඟ අඩපණ වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමිනි.
ලකුණු 263ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ සෑම් ෆැනින්ග් සහ කොරේ හන්ටර් මුල සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට කිසිදු ගරුසරුවකින් තොරව පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා පන්දු 116කින් ලකුණු 114ක් ලබා ගත්තේ ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමක ආරම්භක පිතිකරුවන් දෙදෙනෙකු එක්දින තරගයක දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ මුල්ම ශතක සබඳතාවය ගොඩනගමිනි.
කලකට පසුව ලොකු කුසල් පිත්තෙන් වැඩ පෙන්වයි
කුසල් පෙරේරාගේ සටන්කාමී ඉනිමට සහයෝගයක් දැක්වීමට අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවෝ අසමත් වීම හේතුවෙන්
රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ හන්ටර්ගේ ඉනිම නිමා වුවත් සිය ප්‍රචණ්ඩකාරී පිතිහරඹය නතර නොකළ ෆැනින්ග් පන්දු 94කින් හතරේ පහර 14ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තේ ඔහුගේ මංගල යොවුන් එක්දින තරගයේ දී ම ශතකයක් වාර්තා කරමිනි. ෆැනින්ග් එලෙස ක්‍රියාත්මක කළ අගනා ඉනිම ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කළ අතර ඔහු දැවී යන විට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 104කින් ලකුණු 89ක් පමණි.
ෆැනින්ග්ස්ගේ නික්ම යාමෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තවත් කඩුල්ලක් ඉක්මනින් දැවී යාම නිසා ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව 195/3ක් බවට පත්වුවද නායක විල් සදර්ලන්ඩ්ට එකතු වූ ඔලිවර් ඩේවිස් ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ලකුණු 68ක නොබිදුණු සබඳතාවයක් ගොඩනගමිනි.
හැදෙන්න දුන් කාලය අවසානයි, දැන් වැඩ පෙන්වන්න – ලසිත් මාලිංග
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, සියලු දෙනා කණ්ඩායම වෙනුවෙන් නැගී සිට තමන්ගේ දක්ෂතා දැක්විය
එහි දී නායක සදර්ලන්ඩ් පන්දු 32කින් ලකුණු 25ක් ලබා ගන්නා විට වඩාත් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ඩේවිස් හයේ පහර 4ක් සමඟින් පන්දු 44ක දී ලබා ගත් ලකුණු 50 ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කර දැමීය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 262 (50): කමිල් මිෂාර 123, නිපුන් ධනංජය 47, නවෝද් පරණවිතාන 45, ජෝෂ් කෑන් 2/27, සැක් එවනස් 2/53,
ඕස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 263 (47.5): සෑම් ෆැනින්ග් 108, ඔලිවර් ඩේවිස් (නොදැවී) 50, කොරේ හන්ටර් 47, නවෝද් පරණවිතාණ 1/40, රොහාන් සංජය 1/45,රවීන් ද සිල්වා 1/58
මව්බිමේ දී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම හමුවේ එක්දින තරගාවලියක් පරාජය වී නොමැති ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජනවාරි 5 වැනි සෙනසුරාදා පී සරා ඕවල් පිටියේ දී ම පැවැත්වෙන දෙවන එක්දින තරගය ජය ගැනීම අනිවාර්ය වේ.
තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට දිගටම රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<