තවත් වසරක් ගෙවී යාමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ගෙවුණු වසරේ ශ්‍රී ලාංකීය රග්බි පිටියේ මොකද වුණේ? මේ සූදානම රග්බි පිටියේ මතකයන් යළිත් අලුත් කර ගන්නයි.
ගෙවුණු වසර ජාතික රග්බි පිටියට නම් එතරම් සුබදායක වුණේ නැහැ. සැලකිය යුතු දක්ෂතා අතරට පිවිසීමට ජාතික තලයේ ක්‍රීඩකයින් අසමත් වුනත් ක්‍රීඩා සමාජ හා පාසල් රග්බි තරගාවලි වල නම් සුපුරුදු උණුසුම නොඅඩුවම තිබුණා.
- සුපිරි ක්‍රීඩක මරීජා පිටියට සමුදෙයි

32 හැවිරිදි ෆාසිල් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසුණු අතර ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ ඔහුගේ අවසන් තරගය ඉතා විශේෂ වුනා. ඒ හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ නිත්තවෙල දී පැවති තරගයෙන් ජය ගත් මහනුවර කණ්ඩායම අඛණ්ඩව සිය සිව්වැනි ඩයලොග් අන්තර් සමාජ ලීග් කිරුළත් දිනා ගත් නිසයි. එම අවස්ථාව වර්ණවත් කරමින් හා අමතක නොවන මොහොතක් බවට පත් කරමින් ෆාසිල් මරීජා උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළේ තරගය අවසානයේ ප්‍රේක්ෂකයින්ගේ කර මතින් පිටියෙන් ඉවතට යමිනි.
මරිජාගේ සවියෙන් සවිමත් වුණු මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆොර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ද ජය ගත්තේ 2017-18 තරග වාරයේ ප්‍රධාන තරගාවලි ද්විත්වයම මහනුවරට ගෙන යමිනි.
ඔහුගේ නමින් මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ද නම් කරනු ලැබුවා. ෆ්ලයි හාෆ් ස්ථානයේ මරීජාගේ හපන්කම්, ඔහුගේ තැනට සුදුසු නුවණ මහනුවර ක්‍රීඩා සමාජයට මෙන්ම ජාතික තලයට අහිමි වීම හෙට දිනයේ විශාල පාඩුවක් වනු නොඅනුමානයි.
2. රාජකීයයෝ රජ කරති

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග කාලසටහන නිකුත් වෙයි
පසුගිය සති අන්තයේ දී (23) සාර්ථකව නිමාවට පත්වූ ඩයලොග් රග්බි ලීගයේ….
2017 වසරේ දී මෙන්ම 2018 වසරේදී ද කොළඹ රාජකීයයින් පාසල් රග්බි පිටිය සිය අණසකට ගත්තේ අඛණ්ඩව දෙවන වතාවටත් පාසල් ලීග් රග්බි කිරුල දිනා ගනිමිනි. දුශාන්ත් ලෙව්කේ මහතාගේ පුහුණුකාරිත්වයෙන් තරග වැදුණු එක කණ්ඩායම මෙහෙය වූයේ සාබිත් ෆෙරෝස්. ජනිදු දිල්ශාන්, ඉෆාම් ෆරීඩ්, හිමන්ත හිරුශාන්, මලීශ මධුමෙවන් වැනි ක්‍රීඩකයින් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා මහත් වෙහෙසක් දැරුවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින් 74 වන බ්‍රැඩ්බි පලිහ ද ඔවුන් දිනා ගත්තේ පළමු අදියර ලකුණු 39-07ක් හා දෙවන අදියරේ 27-19ක් ලෙස ජය වාර්තා කරමිනි.
ලීග් රග්බි තරගාවලියේ ඔවුන් සහභාගී වූ තරග 9ම ජය ගනිමින් අපරාජිතව ලීග් කිරුල දිනා ගත්තේ සිය ආධිපත්‍ය 2017 වසරේ සිට 2018 වසර දක්වා රැගෙන එමින්.
3. ”බම්බා බලකාය” අණසක පතුරුවයි

අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ඔවුන්ගේ ආත්මගත ප්‍රතිමල්ලවයින් වූ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයයි. වඩා විශේෂම කරුණ නම් ලීග් රග්බි තරගාවලියේ දී සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය වූයේ රාජකීය විද්‍යාලයට පමණක් වීමයි.
ප්‍රවීණ පුහුණුකරු සනත් මාටිස් මහතාගේ පුහුණුකාරිත්වයෙන් තරග වැදුණු සාන්ත පීතර ක්‍රීඩකයෝ අවසන් මොහොතේ දී ලකුණු 20-22ක් ලෙස කෙනත් විමලදාසගේ සුරතින් ජය වාර්තා කළේ පාසල් රග්බි පිටිය හොල්ලමිනි.
පළමු අර්ධය අවසානයේ ලකුණු 17-05ක් ලෙස පෙරමුණේ සිටි සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට නොසිතූ ප්‍රහාරයක් එල්ල කළ සාන්ත පීතරයෝ සිය සයවැනි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජය ගත්තේ 2018 වසර රන් අකුරින් ඉතිහාසයේ ලියමිනි.
4. දෙවරක් බිඳුණු බලාපොරොත්තු තෙවන වර සාර්ථක වේ

කෙසේ වෙතත් බලාපොරොත්තු අත් නොහළ ඔවුන් අන්තර් පාසල් සත් සාමාජික කිරුල දිනා ගත්තේ ඔවුන්ට ලැබිය යුතුවම තිබූ ශූරතාවයක් දිනා ගනිමිනි. ඒ ඔවුන් සත් සාමාජික රග්බි කිරුළක් දිනා ගත් පළමු අවස්ථාවයි.
රාජකීය විද්‍යාලය හමුවේ පළිගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගත් ජෝසප් ක්‍රීඩකයින් අවසන් මහා තරගය ජය ගත්තේ ලකුණු 21-12 ක් ලෙසයි. ජෝසප් ඉතිහාසයේ සාර්ථකම වසරක් ලෙස මේ වසර හුවා දැක්විය හැකි අතර ඒ පසුපස සිටි නියමුවා වූයේ ප්‍රවීණ පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතායි.
5. හොංකොං ගිය 20න් පහළ සත් සාමාජික ක්‍රීඩකයින් තුන්වැනි ස්ථානයට
බලාපොරොත්තු රැසක් සමඟින් නවීන් හේනකන්කානම්ගේ ගේ නායකත්වයෙන් ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නැවත දිවයිනට පැමිණියේ තෙවන ස්ථානයත් සමඟයි. ඔවුන් තෙවන ස්ථානය සඳහා වූ තරගයේ දී ලකුණු 26-12ක් ලෙස සිංගප්පූරුව පරාජය කිරීමට සමත් විය.
CR&FC ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට
වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු මෙන්ම වර්තමාන CR&FC කණ්ඩායමේ ප්‍රබල….
ඔවුන් අවසන් පූර්ව වටය දක්වා පිවිසුණේ අපරාජිතව වීම විශේෂත්වයක්.
2016 වසරේ ආසියානු කනිෂ්ඨ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී එහි අනුශූරයින් වන්නට සමත් විය.
6. ආසියානු පදක්කමක් නූලෙන් අහිමි වේ
මාස කිහිපයක සූදානමකින් පසුව ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වයෙන් ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේ ආසියානු පදක්කමක් අපේක්ෂාවෙනි.
ඔවුන් සිය පළමු වටයේ පළමු තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පහසුවෙන් පරාජය කළ අතර දෙවන තරගයේ දී කොරියාව හමුවේ පරාජය විය. ඔවුන් සිය තෙවන වටයේ දී ඇෆ්ගනිස්ථානය ද පහසුවෙන් පරාජය කළේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙමිනි.
අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඔවුන් තරග කළේ චීනය සමඟයි. චීනය ලකුණු 17-12ක් ලෙස තියුණු තරගයකින් පසු පරාජය කළ ඔවුන්ට අවසන් පූර්ව වටයේ දී හමු වූයේ ප්‍රබල ජපන් කණ්ඩායමයි.
කලකට අමතක නොවන තරගයක් ප්‍රබල ජපන් කණ්ඩායම හමුවේ දියත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. ලකුණු 12-10ක් ලෙස අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ජපානය හිමි කර ගත්තත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා කළ විලාසයට කලකට මතකයෙන් මැකී නොයනු ඇත.
ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේ දී ශ්‍රී ලංකාවට හමු වූයේ කලක සිය අපට හිසරදයක් වූ කොරියාවයි. එහි දී ලකුණු 14-36ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජය කළ කොරියානුවෝ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ශ්‍රී ලංකාවෙන් උදුරා ගන්නට සමත් විය.
7. ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී කබලෙන් ලිපට වැටේ
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට 2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අදියර තුනේ දී ම බලාපොරොත්තු කඩ කර ගන්නට සිදු විය.
පළමු අදියර හොංකොං හිදී පැවැත්වුණු අතර හොංකොං අතින් අවසන් පූර්ව තරගයේ දී පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන ස්ථානය දිනා ගත්තේ පිලිපීනය පරාජය කරමිනි.
ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම ආබාධ සිදුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීළඟ අදියර දෙකේ දී ම සිතූ තරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. දකුණු කොරියාවේ පැවැත්වුණු දෙවන අදියරේ දී වාර්තාගත ලෙස පහළට ඇද වැටුණු ඔවුන් වසර පහකට පසු තරගාවලියේ හයවැනි ස්ථානයට ඇද වැටුණේ පිලිපීනය හමුවේ 5-6 ස්ථාන සඳහා වූ තරගය පරාජය වූ නිසයි.
තෙවන අදියර පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ දීයි. එම අදියර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වුණේ ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පිවිසීමට මෙම අදියර ඉතා වැදගත් වූ නිසයි. ඒ වන විට ඔවුන් ආසියානු ශ්‍රේණිගත කිරීම් වල රැඳී සිටියේ පස්වැනි ස්ථානයේයි.
තෙවන අදියර තුරඟ තරග පිටියේ දී ආරම්භ වූ අතර අවාසනාවන්ත ලෙස නැවත වතාවක් පිලිපීනයෙන් පහර කෑ ඔවුන් අදියර අවසන් කළේ සිව්වැනි ස්ථානයේ. ඒ අනුව ශ්‍රී ලංකාවට ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබීමේ වරම් ද අහිමි විය.
8. යොවුන් රග්බි ක්‍රීඩකයෝ පහළටම ඇද වැටේ
ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවය පැවැත්වුණේ තායිවානයේ දීයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමිවී තිබුණේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය හටයි.
කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස තමන් සහභාගී වූ තරග තුනම පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වූයේ සුපිරි කාණ්ඩයේ සිට පළමු කාණ්ඩය දක්වා පල්ලම් බැසීමටයි.
පළමු තරගයේ දී හොංකොං, දෙවන තරගයේ දී චීන තායිපේ හා තෙවන තරගයේ දී කොරියාව හමුවේ ඔවුන්ට පරාජයට පත් වීමට සිදු විය.
දුක සතුට දෙකම පිරුණු 2018 වසරේ මෙන්ම එළඹෙන 2019 වසරේදීත් ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com රග්බි පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න නව වසරේදීත් ක්‍රීඩාවේ ප්‍රමුඛයා සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<

























