ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට ඉනෝකා රණවීර

267
Inoka Ranaweera

එළඹෙන 9 වැනිදා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ 4කින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර පත්කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය ලිපි: වසර 20කට පසු BRC සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය නැවතත්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නව පුහුණුකරු හේමන්ත දේවප්‍රිය යටතේ වෙනස්කම් කිහිපයකට භාජනය වූ කණ්ඩායමට, පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා සංචිතය නියෝජනය නොකළ ඕෂදී රණසිංහ සහ ශ්‍රීපාලි වීරක්කොඩි යන ක්‍රීඩිකාවන් ද ඇතුලත් කර ඇත.

පසුගිය මාසයේදී පැවති අන්තර් පළාත් විස්සයි විස්ස තරඟාවලියේදී ඉහල දස්කම් පෑ හන්සිමා කරුණාරත්න ද සංචිතය වෙත කැඳවා තිබේ.

සංචිතයෙන් ඉවත් කර ඇති ක්‍රීඩිකාවන් අතර තුන් ඉරියව් ක්‍රීඩිකා එශානි ලොකුසූරිය සහ උදේශිකා ප්‍රබෝදනී යන ක්‍රීඩිකාවන් ද සිටින අතර නවක ක්‍රීඩිකා හර්ශිතා මාධවීටද අවාසනාවන්ත ලෙස සංචිතයෙන් ඉවත්වීමට සිදුව ඇත්තේ පළාත් තරඟාවලියේදීත්, පාසල් මට්ටමේදීත් දැක්වූ දක්ෂතා සැලකිය යුතු මට්ටමක තිබියදීය.

චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟ හතරේදී පිට පිටම පරාජයන් ලද ශ්‍රී ලංකා කණ්ඩායමට, විස්සයි විස්ස තරඟයෙන්ද දරුණු ලෙස පරාජය වන්නට සිදුවිය. කණ්ඩායමේ නිත්‍ය නායිකා ශෂිකලා සිරිවර්ධන, යළිත් ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

සංචිතය

ඉනෝකා රණවීර (නායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි (උප නායිකා), ඩිනාලි මනෝධාරා, නිලක්ෂි සිල්වා, අමා කාංචනා, හසිනි පෙරේරා, චමරි පොල්ගම්පොල, චමරි අතපත්තු, නිපුනි හංසිකා, ශ්‍රීපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, ඕෂදී රණසිංහ, හන්සිමා කරුණාරත්න, අචිනි කුලසූරිය

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට