CR&FC ක්‍රීඩකයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

706

වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු මෙන්ම වර්තමාන CR&FC කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන කෝකිල සම්මන්දපෙරුම පිළිබඳ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික රග්බිලෝලී හදවත් කම්පා කරවන පුවතක් ඊයේ (28) දිනයේ දී අසන්නට ලැබුණි.

කෝකිල ඊයේ රාත්‍රියේ දී සිදු වූ හදිසි අනතුරක් නිසාවෙන් සිය ජීවිතයෙන් සමුගෙන ඇති බව පුවත රග්බි ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාගේම දෑස් කඳුලින් තෙත් කරන්නට සමත් විය.

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග කාලසටහන නිකුත් වෙයි

පසුගිය සති අන්තයේ දී (23) සාර්ථකව නිමාවට පත්වූ ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග එළඹෙන 2019 වසරේ ජනවාරි 04 වැනිදා යුධ හමුදා ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි. එහි දී…

ඔහු ගමන් ගත් විදුලි සෝපානයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසාවෙන් එහි පාලනය ක්‍රියාකරුවන් අතින් ගිලිහී යාමෙන් ඇති වූ ගැටීමකින් මෙම අභාග්‍යසම්පන්න ඉරණමට ඔහු මුහුණ පාන්නට විය.

තවත් තම ජීවිතයේ සුන්දරම කාලය ගෙවා දමමින් සිටි 25 හැවිරිදි සැමගේ ආදරය දිනා ගත් මෙම රග්බි ක්‍රීඩකයා තම රග්බි ජීවිතයේ ආරම්භයේ සිට අවසන් මොහොත දක්වා සිය නිවහන බවට පත් කරගත්තේ ලොන්ග්ඩන් පෙදෙස ක්‍රීඩා සමාජයයි. ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ තරග පසුගිය සතියේ නිමාව දැකීමත් සමඟම සියලුම ක්‍රීඩකයින් ඇතුළුව ක්‍රීඩා සමාජවලට සති දෙකක පමණ විවේක කාලයක් ලැබුණු අතර ඉදිරි දින කිහිපයේ දී නැවතත් පුහුණු වීම් අරඹමින් දෙවන වටයට සූදානම් වීමට සෑම කණ්ඩායමක් සූදානමින් සිටී.

ඔහු CR&FC කණ්ඩායම නියෝජනය කළ එමෙන්ම කලක් එහි නායකත්වය ද දැරූ ෂේන් සම්මන්දපෙරුමගේ බාලම සොහොයුරා වන අතර කෝකිල කණ්ඩායම තුල මෙන්ම සමස්ත රග්බි ප්‍රජාවේම හිත දිනා ගත් නිහතමානී ක්‍රීඩකයෙකු  ලෙසින් සැවොම අතර ප්‍රකට චරිතයකි.

ඉතින් මෙම දුක්බර මොහොතේ දී ඔහුගේ නෑදෑ හිතමිත්‍රාදීන් ඇතුළුව ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ThePapare.com අපගේ හදපිරි සංවේගය පළ කරන අතර යළිත් කිසිදා මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා යනුවෙන් ප්‍රාර්ථනය කරන්නෙමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<