2022 ආසියානු කුසලානය එළි දැක්වීම අබුඩාබි හිදී

Asia Cup 2022 Trophy

259

ඊයේ (19) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමය සහ සහජීවනය පිළිබඳ ඇමති මෙන්ම එරට ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වන, අති උතුම් Sheik Nhayan Mabarak Al Nahayan විසින් 2022 ආසියානු කුසලානය එළිදක්වනු ලැබුවා.

ඔහුට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන ලේකම් Mubashshir Usmani, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක අධ්‍යක්ෂ ඈෂ්ලි ද සිල්වා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් මණ්ඩලයේ උපදේශක Subhan Ahmed, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ මෙහෙයුම් කළමනාකරු තුසිත් පෙරේරා, සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ඉසව් සහ වාණිජ ප්‍රධානී Prabhakaran Thanraj යන අය කුසලානය එළිදැක්වීමේ අවස්ථාවට එක් වී සිටියා.

2022 ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වඩාත්ම වැදගත් ඉසව්ව නැවත පැමිණෙන්නේ වසර 4ක විරාමයකට පසුව, 2022 පිරිමි ආසියානු කුසලානයත් සමඟයි.

පන්දුවාර විස්සයි විස්ස ක්‍රමයට පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ දෙකක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවසන් මහා තරගය ඇතුළුව තරග නවයකට සත්කාරකත්වය සපයන අතර, අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා තෙක් තරග 4ක් Sharjah ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

2022 ආසියා කුසලානයේ කාලසටහන

කණ්ඩායම් දිනය කාණ්ඩය ස්ථානය
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අගෝස්තු 27 B ඩුබායි
ඉන්දියාව සහ පාකිස්තානය අගෝස්තු 28 A ඩුබායි
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අගෝස්තු 30 B Sharjah
ඉන්දියාව සහ සුදුසුකම් ලබන්නා කණ්ඩායම (Qualifier) අගෝස්තු 31 A ඩුබායි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සැප්තැම්බර් 1 B ඩුබායි
පාකිස්තානය සහ Qualifier සැප්තැම්බර් 2 A සාජා
B1 vs B2 සැප්තැම්බර් 3 Super 4 සාජා
A1 vs A2 සැප්තැම්බර් 4 Super 4 ඩුබායි
A1 vs B1 සැප්තැම්බර් 6 Super 4 ඩුබායි
A2 vs B2 සැප්තැම්බර් 7 Super 4 ඩුබායි
A1 vs B2 සැප්තැම්බර් 8 Super 4 ඩුබායි
B1 vs A2 සැප්තැම්බර් 9 Super 4 ඩුබායි
අවසන් මහා තරගය (1st Super 4 vs 2nd Super 4) සැප්තැම්බර් 11 ඩුබායි

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<