කෝලි එක්ක වැඩ කරන්න ලැබීම ගැන සතුටු වන නව පුහුණුකරු

425
Vickram Solanki

සරේ ප්‍රාන්තයේ නව පුහුණුකරු ලෙස පත්වීම් ලැබූ වික්‍රම් සෝලන්කි පවසා සිටින්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී විරාත් කෝලි සමඟ ඉතා ළඟින් වැඩ කිරීමෙන් තමන් බොහෝ දේවල් උගත් බවයි.

හිටපු එංගලන්ත පිතිකරුවෙකු වන සෝලන්කි ද සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ඕස්ට්‍රේලියාවේ Michael Di Venutoට පසුව ඔහු සරේ ප්‍රාන්තයේ පුහුණුකරු ලෙස වැඩ භාරගත්තා.

බංග්ලාදේශ සුපිරි ක්‍රීඩකයෙකුත් කොරෝනා දැලේ පැටලේ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන Mashrafe Mortaza හට කොරෝනා වයිරසය ආසාදනය

එළඹෙන සතියේ දී කණ්ඩායම් පුහුණුවීම් ආරම්භ වීමෙන් පසුව ඔහු පළමු වතාවට සරේ කණ්ඩායම පුහුණු කරවීමට නියමිතයි. පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය හමුවේ එංගලන්ත දේශීය ක්‍රිකට් තරගාවලියේ ආරම්භය අගෝස්තු දක්වා කල් ගොස් තිබෙනවා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ සෝලන්කි එහි දී විරාත් කෝලි සමඟ ඉතා සමිපව කටයුතු කළා.

සරේ ප්‍රාන්තය කණ්ඩායමට ප්‍රබල එංගලන්ත ක්‍රීඩකයින් වන රෝරි බර්න්ස්, ඔලී පොප්, බෙන් ෆෝකස් හා කරන් සහෝදරයින් ක්‍රීඩා කරන අතර සෝලන්කි පවසා සිටියේ කෝලි සමඟ කටයුතු කිරීම නිසා තමන් මෙවැනි තරු ක්‍රීඩකයින් පීඩනය හසුරුවන අන්දම හොඳින් දන්නා බවයි. 

සෝලන්කි සිය ක්‍රීඩා දිවිය ආරම්භ කළේ Worcestershire කණ්ඩායමෙන්.

“විරාත් නිසා මම තරුණ ක්‍රීඩකයින් පීඩනය හසුරුවන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා” සෝලන්කි පවසා සිටියා. ඉන්දියාවේ උපන් සෝලන්කි පසුව එංගලන්තයට සංක්‍රමණය වුණු අතර එංගලන්ත පළමු පෙළ කවුන්ටි කණ්ඩායමක් පුහුණු කරන පළමු ආසියානු සම්භවයක් සහිත පුහුණුකරු ඔහුයි. 

ලොව පුරා Black Lives Matter විරෝධතා පැතිරෙන මේ කාලයේ එංගලන්තය ක්‍රිකට් ක්‍රීඩාව තුළ ද සුදු ජාතික නොවන පුහුණුකරුවන් හා ක්‍රීඩකයින් ඉතා අඩු වීම මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා.

“තවමත් ලෝකයේ බොහෝ දෙනෙක් මේ වෙන් කිරීම නැති කරන්නට අරගල කරනවා” එංගලන්තය වෙනුවෙන් එක්දින ක්‍රිකට් තරග 54ක් ක්‍රීඩා කර ඇති සෝලන්කි පවසා සිටියා.

ලෝක කුසලානය පාවා දුන්නා යැයි පැවසෙන ප්‍රකාශයට පැමිණිල්ලක්

2011 වසරේ ඉන්දියාවේ දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව

එංගලන්තයේ කවුන්ටි ක්‍රීඩා සමාජ 18ක පුහුණුකරුවන් අතරින් පළමු ආසියානු සම්භවයක් ඇති පුහුණුකරු බවට පත් වීම පිළිබඳව විමසූ විට සෝලන්කි අදහස් දක්වන්නට අකමැති වුනා.

“මම ඒකට උත්තර දෙන්නේ නැහැ, මම පුහුණුකරුවන් පත් කිරීම ගැන කිසිවක් දන්නේ නැහැ.”

“සරේ ප්‍රාන්තයේ නම් විවිධ පසුබිම්වලින් එන විවිධ පුද්ගලයින් දිරිගන්වන්නට විශේෂ වැඩසටහන් තිබෙනවා. තවමත් ඒවා මූලික අදියරේ තමයි තියෙන්නේ. මගේ පත්වීම එම වැඩ පිළිවෙළවල්වලට වැදගත් වෙනවා නම් හොඳයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<