තිරිමාන්නට කොදෙව් ටෙස්ට් තරගාවලිය මගහැරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

173
Lahiru Thirimanne to miss West Indies Tests

පෞද්ගලික හේතුවක් නිසාවෙන් ශ්‍රි ලංකා ආරම්භක ටෙස්ට් පිතිකරුවෙකු වන ලහිරු තිරිමාන්න හට ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අහිමි වී යනවා.

තරගාවලිය සඳහා වන තේරීම් කටයුතුවලින් ඉවත් වීමට තිරිමාන්න තීරණය කර තිබෙන්නේ ඔහු පිය පදවිය අපේක්ෂාවෙන් පසුවන නිසාවෙනුයි.

තිරිමාන්න මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින අතර ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා බවට රාවයක් පසුගිය කාලය පුරා සංසරණය වූ නමුත්, ඔහු ඒ සියලු කටකතා ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ පවසා සිටියේ ක්‍රීඩාවෙන් සමුගැනීමේ සැලැස්මක් ඔහුට තවමත් නොමැති බවයි.

32 හැවිරිදි වියේ පසුවන තිරිමාන්න මේ වන විට ටෙස්ට් ආකෘතියේ කැපී පෙනෙන දක්ෂතා අතර සිටින ක්‍රීඩකයෙකු වන අතර ඔහු නිමා වූ ටෙස්ට් තරග 7ක දී ලකුණු 659ක් රැස්කරගෙන සිටින අතර ඊට බංග්ලාදේශය සහ එංගලන්තය හමුවේ වාර්තා කළ ශතක දෙකක් ද ඇතුළත් වනවා. ඔහු 2021 වසරේ ටෙස්ට් ක්‍රිකට් ආකෘතියේ ඉහළම ලකුණුලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවුනා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත මේ ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. පළමු තරගය 21 වැනිදා සිට 25 වැනිදා තෙක් සහ දෙවැනි ටෙස්ට් තරගය 29 වැනිදා සිට දෙසැම්බර් 3 වැනිදා තෙක් ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි

තරගාවලියේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<