ICC, CID හා ශ්‍රී ලංකා ක්‍රිකට් තුනෙන් ම විශේෂ පරීක්ෂණ

460

ක්‍රිකට් ලෝකය කලඹමින් අල්ජසීරා මාධ්‍ය ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ තරග පාවාදීමේ වාර්තාව පිළිබඳව ලෝ පුරා කතාබහක් ඇති වී තිබේ. ඒ වීඩියෝ පටයේ සිටින තරග පාවාදීම් වලට සම්බන්ධ වූ සියලු දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කර ඇතැයි වාර්තා වේ.

ගාලු පිටියේ මහා ක්‍රිකට් වංචාවක් හෙළි වේ; ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්

මෙම වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා..

දිවයිනේ සියලු දෙනා ආදරය කරන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ නාමය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස ගරු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් හට දැනුම් දී තිබේ.

“ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ තණතිල්ල වෙනස් කිරීම පිළිබඳ අල්ජසීරා මාධ්‍ය ආයතනය කළ හෙළිදරව්ව දුටු විට මා පුදුමයටත්, කනගාටුවටත් පත්වුනා. ඔබ දන්නා පරිදි ක්‍රිකට් ක්‍රීඩාව ජනතාවගේ ආදරය දිනා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩාවක්. තණතිලි වෙනස් කර තරග පාවා දුන් සියල්ලන් පිළිබඳ දැඩි පියවර ගත යුතුයි.” අමාත්‍ය මුස්තාෆා සිය ලිපියේ සඳහන් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉරිදා (27) රැස්වුණු අතර ඉතා වැදගත් තීරණ හතරක් එම රැස්වීමේ දී ගෙන තිබේ.

  1. අල්ජසීරා මාධ්‍ය ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ තණතිලි වෙනස් කරමින් තරග පාවා දීමේ සිද්ධිය පිළිබඳ හෙළිදරව්වට අදාළ සියලුම පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ ආයතනයට (CID) පැමිණිලි කිරීම.
  2. මේ සිද්ධියට සම්බන්ධ පිළිබඳ ICCය පරීක්ෂණ පවත්වන, සියලුම පුද්ගලයින්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන වැඩ තහනමක් ක්‍රියාත්මක කිරීම.  
  3. අල්ජසීරා හෙළිදරව්ව පිළිබඳව ICCය පවත්වන පරීක්ෂණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපරිම සහයෝගය ලබා දීම.
  4. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ ක්‍රීඩාංගණවල සිටින කළමනාකරුවන් හා එහි සේවකයින් හට බලපාන නීති සංග්‍රහය නැවත සලකා බලා එහි සිදු විය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට මොහාන් ද සිල්වා, ගුවන් කොමදෝරු රොෂාන් බියන්වල සහ චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීම.

සුබවාදී ආකල්ප සමඟින් සිංහයින් කොදෙව් දේශයට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග 3කින්..

මේ සති අන්තයේ අල්ජසීරාවේ විකාශය වූ ‘ක්‍රිකට් තරග පාවාදීම්’ වැඩසටහනේ දී ජාත්‍යන්තර තරග දෙකක දී තණතිල්ල වෙනස් කිරීමට ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරංග ඉන්දික පියවර ගත් බව හෙළි වූ අතර 2016 ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයේ දී හා 2017 ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගවල තරග පාවා දෙන්නන්, බුකීකරුවන්ගේ උවමනාවට අනුව මෙසේ තණතිල්ල වෙනස් කළ බවත් හෙළි විය. මෙම වැඩසටහනේ වැදගත්ම හෙළිදරව්වක් වූයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත එංගලන්තයේ ශ්‍රී ලංකා සංචරයේදීත් මෙම තණතිලි වෙනස් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටි බවයි.  

ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ දිස්ත්‍රික් පුහුණුකරුවෙකු ද වන තරිඳු මෙන්ඩිස් ද මෙම සිද්ධියට සම්බන්ධ අතර ඔහු 2016/17 තරග වාරයේ මුවර්ස් කණ්ඩයම නියෝජනය කර 2017 දී ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩයමේ නායකයා ලෙස ද ක්‍රීඩා කරන ලදි.  

ධනංජයගේ තැනට කිසිවෙකු නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ධනංජය ද සිල්වාගෙන් හිස්වන ශ්‍රී ලංකා සංචිතයේ පුරප්පාඩුවට..

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ ද තණතිලි වෙනස් කරමින් තරග පාවාදීමේ ක්‍රියාවලියට කැමැත්ත පළකරනු මේ වීඩියෝවේ දී හෙළි වූ අතර කුලතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ දිස්ත්‍රික් පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කරයි. ලොකුහෙට්ටිගේ පළමු පෙළ තරගවලින් විශ්‍රාම ගත්තේ 2016 දීය.    

චෝදනාවට ලක්වී සිටින ක්‍රීඩකයින් සිව්දෙනාම මේ සිද්ධිය පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය සියලු සාමාජික රටවල සහයෝගයෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වයි.

“ICCය මේ ක්‍රිකට් තරග පාවාදීම් සම්බන්ධ වීඩියෝව හොඳින් අධ්‍යනය කරන අතර මා පෙරත් පැවසූ ලෙස මේ වැඩසටහනේ සඳහන් කරුණු සියල්ල අප ඉතා බරපතළ ලෙස සලකනවා, අපි මේ වැඩසටහනේ විකාශකයින් සමඟ සාකච්ඡා කරන අතර තවමත් ඔවුන් අප සමඟ කටයුතු කරන්න එකඟතාවකට පැමිණ නැහැ. මේ වැඩසටහනේ වීඩියෝ පටය අපේ පරීක්ෂණයට ඉතා වැදගත්, කිසිදු වෙනස් කිරීමකින් තොරව මුල් අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝ පටය අප වෙත ලබා දිය හැකි නම් පරීක්ෂණයට එය ඉතා වැදගත්.” ICCයේ දූෂණ මර්දන ඒකකයේ කළමනාකරු ඇලෙක්ස් මාර්ෂල් මහතා පැවසිය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<