ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුත් IPL වලින් ඉවත් වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

177

පෞද්ගලික හේතූන් නිසාවෙන් මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන Adam Zampa සහ Kane Richardson තීරණය කර ඇත.

ඔවුන් දෙදෙනා මෙවර තරගාවලියේ දී Royal Challengers Bangalore නියෝජනය කිරීමට සිටි අතර ඔවුන්ගේ ඉවත් වීම පිළිබඳව තහවුරු කරමින් Royal Challengers Bangalore විසින් අද (26) නිවේදනයක් නිකුත් කර තිබුණා.

“Adam Zampa සහ Kane Richardson පෞද්ගලික හේතු නිසාවෙන් නැවත ඕස්ට්‍රේලියාවට යන අතර ඔවුන් ඉදිරි IPL තරග සඳහා සහභාගී නොවේ. අපට (Royal Challengers Bangalore) හැකි සෑම ආකාරයෙන්ම ඔවුන්ට සහයෝගය ලබා දෙනවා” යැයි එහි සඳහන් වුනා.

එමෙන්ම Rajasthan Royals නියෝජනය කිරීමට සිටි ඕස්ට්‍රේලියානු Andrew Tye ද මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබූ අතර පවතින කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින් සිය පවුලේ සාමාජිකයන් හා එක්වීමට ඉන්දීය ක්‍රීඩක R Ashwin ද තරගාවලියෙන් ඉවත්ව ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

Kane Richardson මෙවර මේ දක්වා එක් තරගයකට පමණක් Royal Challengers Bangalore නියෝජනය කළ අතර Adam Zampa හට කිසිදු තරගයකට සහභාගි වීමේ අවස්ථාව හිමි වුනේ නැහැ.

මේ දක්වා සහභාගී වූ තරග 5න් හතරක් ජය ගැනීමට සමත් වූ Royal Challengers Bangalore ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවේ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<