මේක හීනයක් සැබෑ වුනා වගේ – ජීවන් මෙන්ඩිස්

494

මීට වසර 9කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක්දින වරම් දිනා ගත් පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ජීවන් මෙන්ඩිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම යනු එක්තරා සිහිනයක් සැබෑවීමක් යැයි පවසා තිබේ.

දිමුත්ගේ සහ ඇන්ජලෝගේ මහන්සිය ෆෙලුක්වායෝ අපතේ යවයි

ෆෆ් ඩු ප්ලෙසිස් සහ හෂීම් අම්ලාගේ අර්ධ ශතකවලින් හැඩවුනු දකුණු අප්‍රිකා ලකුණු පුවරුව පසුකර යෑමට…

වයස අවුරුදු 36ක් වන ජීවන් මෙන්ඩිස් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කිරීමට වරම් දිනා ගැනීමට පෙර අවසන් වරට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර තිබෙන්නේ 2017 වසරේ දීයි.  

“මම මගේ ශාරීරික යෝග්‍යතාවය සෑමවිටම හොඳ මට්ටමක පවත්වා ගත්තා. ඒ සඳහා මගේ ක්‍රීඩා සමාජය වන ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය ලොකු සවියක් වුනා. ඒ කාලයේ දී ලොකුවට ක්‍රිකට් එක්ක හිටියේ නැහැ.” යැයි 2017 වසරේ එංගලන්තයේ පැවැත්වුණු ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක දී ඩාර්බිෂර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ මෙන්ඩිස් පැවසීය.

“මම මේ වතාවේ ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තබාගෙන හිටියේ, කොහොම හරි ඒ බලාපොරොත්තුව ඉටු වුනා. ඒක මගේ ක්‍රිකට් ජීවිතේ එක් ලොකු හීනයක් හැබෑ වුනා වගේ.”

ජීවන් මෙන්ඩිස් නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි නමුත් ඔහුට එම තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරග දෙකක් පමණි. ඒ සඳහා හේතු වූයේ තරගාවලිය අතරතුර දී  ඔහුගේ පාදයේ කලව ආශ්‍රිතව මතු වූ ආබාධයකි.

“එංගලන්තය වගේ රටවල් වල දේශගුණය හා තණතීරු වල ක්‍රීඩා කරලා තියෙන අත්දැකීම් ලෝක කුසලානයේ දී මට ලොකු වාසියක් වෙයි කියලා හිතෙනවා. මම එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරන කොට ඒ වගේ තත්ත්ව වලට ඇබ්බැහි වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම මේ වගේ තණතීරු වල පන්දුව දඟ කවන විදිහත් හොඳට ඉගෙන ගෙන තියෙනවා.”

යකඩ පොල්ලෙන් පහර කා පැමිණි අවසන් මහා තරගයේ වීරයා

1979 වසරේ දෙවැනි වරට පැවැත්වුණ ක්‍රිකට් ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දුන්නේ…

“දඟපන්දු යවන්නට මේ වගේ තණතීරු වල පන්දුව එක තැනක දාගෙන ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඉදිරි තරග ක්‍රීඩා කරන කොට මගේ තිබෙන අත්දැකීම් සහෝදර ක්‍රීඩකයින් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපේ කණ්ඩායමට තරගාවලිය සාර්ථකව අවසන් කරන්න ලොකු හයියක් වෙයි කියලා මම හිතනවා.”

නිමා වූ පුහුණු තරගයේ දී ජීවන් මෙන්ඩිස්ගේ ප්‍රධාන සහායක දඟපන්දු යවන්නා ලෙස ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩර්සේ ද ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට පැමිණියේ වසර දෙකකට ආසන්න කාලයකට පසුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස නව නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් හා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හඳුන්වා දීමට හැකිය.

පසුගිය දා පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 87ක් ලබා ගැනීමට නායක කරුණාරත්න සමත් විය. ඊට අමතරව මැදපෙළ පිතිකරුවෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක් ලබා ගත්තේ ලෝක කුසලානයට පෙර හොඳ පෙර පුහුණු වීමක් ලබා ගනිමිනි.

“මට නැවත වතාවක් ජාතික කණ්ඩායමට එන්න පුළුවන් වුනා. අපි මාසයක පමණ කාලයක් තිස්සේ එකට ඉඳලා හොඳට පුහුණු වීම් වල නිරත වුනා. අපිට අත්දැකීම් තිබෙන තරුණ කණ්ඩායමක් ඉන්නවා” යැයි තවදුරටත් අදහස් දැක්වූ මෙන්ඩිස් පැවසීය.

“අපි පහුගිය දවස් ටිකේම එංගලන්ත තණතීරු වල හා ඊට සමාන තණතීරු වල පුහුණු වීම් වෙමින් ලොකු අත්දැකීම් ලබාගත්තා. පසුගිය සතියේ දී අපි ස්කොට්ලන්තයත් එක්කත් තරග වැදිලා සාර්ථක තරගයක් අවසන් කළා.”

“ලෝක කුසලානයේ පළමු තරග දෙක ඉතාමත් වැදගත්, ඒ තරග දෙකේ ප්‍රතිඵල තරගාවලියේ ඉදිරියට යනකොට ලොකු බලපෑමක් කරයි කියලා හිතෙනවා.”

“අපි හැම තරගයක දී ම වැරදි අඩුවෙන් කළොත් සාර්ථක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.” යැයි ජීවන් මෙන්ඩිස් මාධ්‍ය හමුවේ දී අවසන් වරට පැවසීය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<