Home Sinhala ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

995

සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුත් වන බව පළමු තරගයට පසුව අද (25) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටියා. 

ඒ අනුව පළමු ටෙස්ට් තරගය අතරතුර ආබාධයකට ලක්වූ දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර සහ පළමු ටෙස්ට් තරගාවලියට පෙර පැවති පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වුණු ඩිල්ශාන් මදුසංක වෙනුවට, දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් සහ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචිතය වෙත කැඳවන බව දිමුත් එහි දී පවසා සිටියා.

“දෙවැනි ටෙස්ට් තරගයේ දී අපේ කණ්ඩායමේ ස්ථාන දෙකක් වගේ වෙනස් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ලහිරු කුමාරට දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්න වෙන්නෙත් නැහැ. ඒ වෙනුවෙන් ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න අපි සංචිතයට කැඳවන්න තීරණය කරලා තියෙනවා. හැබැයි අපි ඉන්නේ Bio Bubble එකක නිසා ඔවුන්ව එක පාරම අපේ සංචිතයට ගේන්න බැහැ. PCR කිහිපයක් කරලා බලලා කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඔවුන්ව සංචිතයට ආරක්ෂාකාරීව ගන්න ඕන කටයුතු සූදානම් කරයි” යැයි නායක දිමුත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්: 

පසුගිය 21 වැනිදා පල්ලෙකැලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය තුල ලහිරු කුමාර පන්දු යැවීම වෙනුවෙන් පිටියට පැමිණියේ නැහැ. ඒ දෙවැනි දිනය අවසානයේ දී ඔහුගේ පාදයේ කලව ආශ්‍රිතව ඇති වූ මාංශ පේශි ඇදීමක් නිසාවෙනි. වමතින් වේගපන්දු යවන 20 හැවිරිදි ඩිල්ශාන් මදුසංක ද කලව ආශ්‍රිතව ඇතිව තිබෙන මාංශ පේශි ඇදීමක් නිසා ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොමැති බවයි වාර්තා වන්නේ.

තවමත් එක් ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කර තිබෙන චාමික කරුණාරත්න NCC වෙනුවෙන් පළමු පෙළ තරග 39ක් සඳහා ක්‍රීඩා කරමින් කඩුලු 73ක් දවාගෙන තිබෙන්නේ 35.76ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

සඳකැන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් ක්‍රීඩා කරමින් කඩුලු 37ක් දවාගෙන තිබෙන අතර සංචිතය තුල අත්දැකීම් තිබෙන නිත්‍ය දඟපන්දු යවන්නෙක් නොමැති නිසාවෙන් සඳකැන්ගේ ආදේශය ශ්‍රී ලංකාවට විශාල සවියක් වනු නිසැකය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනු අතර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ මංගල ද්විත්ව ශතකය ලබා ගත් දිමුත් කරුණාරත්න තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 29 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වෙන අතර තරගාවලියේ සියලු තරග තොරතුරු JAT සහ NDB අනුග්‍රහය ඇතිව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<