තුන්කොන් සටනට යන ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ වෙනස්කම් රැසක්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය

75

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට පසුව කොදෙව් දේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නිකුත් වී තිබේ. 

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම්වලට අමතරව එංගලන්ත 19න් පහළ කණ්ඩායමත් සහභාගී වේ. 

ස්මිත් තමන්ටම දඬුවම් කර ගනියි

දැනට ලොව සිටින අංක 1 ටෙස්ට් පිතිකරුවා වන ………

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මේ සංචිතය මෙහෙයවීමේ වගකීම සුපුරුදු ලෙස වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය වෙත ලබා දී තිබෙන අතර තරගාවලිය දෙසැම්බර් මස 6 වැනිදා සිට 21 දක්වා ඇන්ටිගුවා හිදී පැවැත්වේ.  

මේ සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පසුගිය නොවැම්බර් 29 දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් සංචිතයේ සිටි ක්‍රීඩකයින් 7 දෙනෙකුට  ඇතිවූ වීසා ගැටලුවක් නිසාවෙන් එය නියමිත පරිදි සිදු නොවීය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පරිපාලනය මේ සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීම නිසාවෙන් මේ සංචාරය නියමිත පරිදිම සිදු කරගැනීමට අවස්ථාව උදා වී ඇත.

විනය විරෝධී හැසිරීම නිසාවෙන් තරග තහනමකට ලක්ව සිටි දක්ෂ කඩුලු රකින පිතිකරුවෙක් වන කමිල් මිශාර සහ අහන් වික්‍රමසිංහ, අශේන් ඩැනියල් යන ක්‍රීඩකයින් තිදෙනා නැවතත් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ ඔවුන්ගේ අසුන් දිනා ගැනීමට සමත් වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා මුල්පෙළ සවිමත් කිරීම වෙනුවෙන් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ චමිඳු වික්‍රමසිංහ සහ සාන්ත ජෝසප් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක ලක්ෂාන් ගමගේ සංචිතයට ඇතුළත් කර තිබීම සුවිශේෂී වේ. 

>>Photos: Departure of the U19 Team to West Indies<<

එසේම පසුගිය දින වල පැවති පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සිටින වමතින් වේගපන්දු යවන දක්ෂ ක්‍රීඩකයෙක් වන ඩිල්ශාන් මදුසංක දකුණු පාදය ආශ්‍රිතව යම් ආබාධයකට ලක්ව ඇත. ඒ නිසාවෙන් ඔහු වෙනුවට මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක නවීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

සංචිතයට පැමිණි ක්‍රීඩකයින් – කමිල් මිශාර, අහන් වික්‍රමසිංහ, අශේන් ඩැනියල්, චමිඳු වික්‍රමසිංහ, ලක්ෂාන් ගමගේ, නවීන් ප්‍රනාන්දු

සංචිතයෙන් ඉවතට ගිය ක්‍රීඩකයින් – මොහොමඩ් ශමාස්, තවීෂ අභිෂේක්, අවිශ්ක තරිඳු, චිහාන් කළිඳු, සඳුන් මෙන්ඩිස්, රොහාන් සංජය, ඩිල්ශාන් මදුසංක  

දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයින් තිදෙනෙක් වන අම්ෂි  ද සිල්වා, නවීන් ප්‍රනාන්දු සහ යසිරු රොද්‍රිගෝ කොදෙව් දේශයේ තිබෙන වේගවත් තණතීරු මත යම් කැපී පෙනෙන දෙයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය. ඊට අමතරව චමිඳු විජේසිංහ සහ ලක්ෂාන් ගමගේ තුන් ඉරියව් වේගපන්දු යවන්නන් ලෙස මේ සංචිතය තුල සිටියි.  

වමතින් දඟපන්දු යවන සොනාල් දිනූෂ, දිලුම් සුධීර, පා දඟපන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් සහ පිට දඟපන්දු යවන ක්‍රීඩක අශේන් ඩැනියල් මේ සංචිතයේ සිටින ප්‍රධාන දඟපන්දු යවන්නන් වන අතර අමතරව නායක ධනංජයට සහ කමිල් මිශාරට ද දඟපන්දු යැවීමට හැකිය. 

ලෝක කුසලානයක් අත ළඟ; 19න් පහළ කණ්ඩායම ලොකු ගැටලුවක

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන……………….

අවසන් වරට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ තරුණ ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, තරුණ එක්දින තරග 5කින් සමන්විත තරගාවලිය 4-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු විය.  එහි පළමු තරගය වර්ෂාවෙන් එල්ල වූ බාධා නිසා පැවැත්වීමට හැකි වූයේ නොමැත. 

මේ තරග සංචාරය තුල ද ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්න මහතා කටයුතු කරන අතර, කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ හිටපු හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ෆර්වීස් මහරූෆ් මහතායි. 

එළඹෙන වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන අතර එයට පෙර ශ්‍රී ලංකාවට සිය දස්කම් තව තවත් ප්‍රගුණ කරගැනීම සඳහා තිබෙන මේ අවසන් අවස්ථාව ඉතාමත් අගනේය. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට මතු වූ වීසා ගැටලුව නොවන්නට ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ මේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 6 (අද) ආරම්භ වීමට කටයුතු යොදා තිබූ නමුත් තරග ආරම්භ කරන දිනය වෙනස් නොකොට තරගාවලියේ තරග කාලසටහන තරමක් වෙනස් කිරීමට කොදෙව් ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

කොදෙව් තුන්කොන් තරගාවලියට යන ශ්‍රී ලංකා 19න්  පහළ සංචිතය, 

නිපුන් ධනංජය (නායක – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), අහන් වික්‍රමසිංහ (කොළඹ රාජකීය විද්‍යාලය), රවිඳු ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාලය), ලක්ෂාන් ගමගේ (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), දිලුම් සුධීර (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), අමිෂි ද සිල්වා (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), කවිඳු නදීෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය).

තරග කාලසටහන  

  • දෙසැම්බර් 6 – බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය  
  • දෙසැම්බර් 8 – බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය  
  • දෙසැම්බර් 10 – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් 
  • දෙසැම්බර් 11 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය  
  • දෙසැම්බර් 12 – බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය 
  • දෙසැම්බර් 14 – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් 
  • දෙසැම්බර් 15 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය  
  • දෙසැම්බර් 17 – ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් 
  • දෙසැම්බර් 19 – ශ්‍රී ලංකාව සහ එංගලන්තය  
  • දෙසැම්බර් 21 – අවසන් මහා තරගය  

(දෙසැම්බර් 6 සිට 21 දක්වා පැවැත්වෙන තරග ඇන්ටිගුවා හි සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන අතර අනෙක් තරග සියල්ලම කූලිජ් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.) 

තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම අද (6) රාත්‍රියේ දිවයිනෙන් පිටව යාමට නියමිතය.

 තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<