ලෝක කුසලාන දිනූ ඉන්දියානු ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටියෙන් සමුගනී

121

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක Yusuf Pathan ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ඊයේ (26) නිවේදනය කළා.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් Yusuf Pathan සිය තීරණය පිළිබඳව දැනුවත් කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් සියලූම ක්‍රිකට් ආකෘතීන්ගෙන් නිල වශයෙන් සමුගැනීමට තීරණය කළ බවත්, තමන් හට සහයෝගය දැක්වූ පවුලේ සාමාජිකයින්, ප්‍රේක්ෂකයන්, මිතුරන්, කණ්ඩායම් සගයන් සහ සිය දේශයේ සියල්ලන් හට සිය ස්තුතිය පුද කර සිටින බවයි.

2001/02 තරග වාරයේ දී ඉන්දියානු පළමු පෙළ වරම් දිනා ගත් Yusuf Pathan පළමු පෙළ තරග පිටියේ දී ලකුණු 4008ක් සහ කඩුලු 201ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

එම දස්කම් නිසාවෙන් ඉන්දියානු ජාතික කණ්ඩායමට තේරී පත් වීමට සමත් වූ ඔහු එක්දින තරග 57කට සහ පන්දුවාර 20 තරග 22ක් සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූ අතර ඔහු 2007 සහ 2011 වසරවල දී එක්දින සහ පන්දුවාර 20 ලෝක කුසලාන දිනා ගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙක් ද විය.

එමෙන්ම වසර 12ක කාලයක් ලොව ප්‍රමුඛතම ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඔහු ලකුණු 3204ක් රැස්කරමින් කඩුලු 42ක් දවා ගැනීමට සමත් වූ අතර Rajasthan Royals සහ Kolkata Knight Riders කණ්ඩායම් නියෝජනය කරමින් එහි ශූරතා දිනා ගැනීමට ද ඔහු සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<