පුහුණුවීම් අතරතුර යුද හමුදා රග්බි ක්‍රීඩකයෙකුට අවාසනාවන්ත ඉරණමක්

390

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු වූ ගයාන් ශානික අද (7) උදෑසන පැවති පුහුණුවීම් කටයුතුවල දී හෘදයාබාධයක් නිසාවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

33 හැවිරිදි ගයාන් ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත ක්‍රීඩකයෙකු වන අතර ඔහු සිය පුහුණුවීම් කටයුතු අතරතුර දී පපුවේ වේදනාවක් සම්බන්ධයෙන් පවසා ඇති අතර පසුව ඔහු පුහුණුවීම් අතරතුර පිටිය මත ඇදවැටී තිබෙනවා.

යුද හමුදාවේ සමීපතම ආරංචි මාර්ග සනාථ කර සිටින්නේ ඔහුගේ අකල් මරණය හා කොරෝනා වසංගතය අතර සම්බන්ධතාවයක් නොමැති බවත්, පසුව සිදු කරන ලද PCR ප්‍රතිඵල ද සෘනාත්මක බවයි.

ගයාන්, වේළුවන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු යුද හමුදා රග්බි කණ්ඩායම වෙනුවෙන් සැලකිය යුතු සේවයක් දැක්වූ ක්‍රීඩකයෙකු ද වනවා. ඔහු නිමා වූ 17/18 සහ 18/19 Dialog අන්තර් සමාජ රග්බි තරගවාරවල දී යුද හමුදාව වෙනුවෙන් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දක්වා තිබෙනවා.

ඔහුගේ අකල් වියෝව සම්බන්ධයෙන් ThePapare.com අප මෙන්ම රග්බි ප්‍රජාව ද සාතිශ්‍ය සංවේගය ප්‍රකාශ කර සිටිනවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<