Home Sinhala චන්දිමාල් සහ ප්‍රභාත්ගේ දස්කම් මැද දෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

චන්දිමාල් සහ ප්‍රභාත්ගේ දස්කම් මැද දෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

386
Dinesh Chandimal

සංචාරක ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 39ක ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා. ඒ සමඟ දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය නිමා වුනේ 1-1ක් ලෙසයි.

තරගය තෙවැනි දිනයට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 431ක් රැස් කරගෙන සිටියා.

හත්වැනි කඩුල්ල සඳහා දිනේෂ් චන්දිමාල් සමඟ එක්ව ලකුණු 68ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 29ක් ලබා සිටි රමේෂ් මෙන්ඩිස් අද (11) පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

ඉන්පසු පිටියට පිවිසි මහීෂ් තීක්ෂණ ලකුණු 10කට සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු නොලබාම දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි වුනේ චන්දිමාල් පිටියේ හුදකලා කරමිනුයි.

එම දැවී යාම් වලින් අනතුරුව සිය ද්විත්ව ශතකය තරමක් අවිනිශ්චිත මට්ටමකට පැමිණියත්, Mitchell Starc යොමු කළ පන්දු තුනකට නොකඩවා හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල කරමින් සිය මංගල ද්විත්වය ශතකය සම්පූර්ණ කිරීමට චන්දිමාල්ට හැකි වුනා.

ඒ සමඟ ඕස්ට්‍රේලියාවට එරෙහිව කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 192කa අභිබවා යමින් ඔවුන්ට එරෙහිව ටෙස්ට් තරගයක දී ද්විත්ව ශතකයක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වීමට චන්දිමාල්ට හැකි වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස කසුන් රාජිත ලකුණු නොලබා දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 554කට සීමා වූ අතර නොදැවී ක්‍රීඩා කරමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 206ක් රැස් කර සිටියා.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිමක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර දෙරට අතර ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක දී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වීම ද විශේෂත්වයක්.

එම කැපී පෙනෙන පිතිකරණය නිසාවෙන් මෙම තරගයේ ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා ලකුණු 190ක් පෙරමුණේ සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.

ලකුණු 190ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වීමෙන් පසු David Warner ලකුණු 24කට දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේයි.

පළමු ඉනිමේ ලැබූ රිද්මයෙන් මෙම ඉනිමේත් ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය විසින් Usman Khawaja ලකුණු 29කට සහ Steven Smith ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කළේ එක් පන්දුවාරයක් තුළයි.

Travis Head හට ද සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් රමේෂ් මෙන්ඩිස් ඔහුව පිටියෙන් ඉවත් කරන විට ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 74ක් ලෙසයි.

පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 38ක සම්බන්ධතාවක් පිහිටුවමින් ඉනිම ගොඩනැගීමට Marnus Labuschagne සහ Cameron Green උත්සහ කළත්, නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රභාත් Labuschagneව ලකුණු 32කට දවා ගත්තා.

ඒ සමඟම Cameron Green ලකුණු 23කට සහ Mitchell Starc ලකුණු නොලබාම දවා ගන්නට ප්‍රභාත් සමත් වුනේ සිය මංගල ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේත් කඩුලු පහේ සීමාව පසු කරමිනුයි.

වේගවත් ඉනිමකට උත්සහ කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ නංවාලීමට උත්සහ කළ ඕස්ට්‍රේලියානු නායක Pat Cummins ලකුණු 16කට සහ Nathan Lyon ලකුණු 5කට දවා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයට සමීප කිරීමට මහීෂ් තීක්ෂණට හැකි වුනා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස Mitchell Swepson ලකුණු නොලබාම දවා ගනිමින් තරගයේ ලබා ගත් 11 වැනි කඩුල්ල සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට ප්‍රභාත්ට හැකි වූ අතර මංගල ටෙස්ට් තරගයක දී වැඩිම කඩුලු දවා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වුනා.

ඒ සමඟින් මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 39කින් ජයග්‍රහණය කරමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා. මේ සමඟින් සියලු ආකෘතිවලින් සමන්විත වූ ඕස්ට්‍රේලියා තරග සංචාරය ද නිමාවට පත්වනවා.

Result


Sri Lanka
554/10 (180)

Australia
364/10 (110) & 151/10 (41)

Batsmen R B 4s 6s SR
Usman Khawaja b Ramesh Mendis 37 77 4 0 48.05
David Warner b Kasun Rajitha 5 13 1 0 38.46
Marnus Labuschagne st Niroshan Dickwella b Prabath Jayasuriya 104 156 12 0 66.67
Steve Smith not out 145 227 16 0 63.88
Travis Head b Prabath Jayasuriya 12 36 0 0 33.33
Cameron Green lbw b Prabath Jayasuriya 4 14 0 0 28.57
Alex Carey c Ramesh Mendis b Prabath Jayasuriya 28 61 4 0 45.90
Mitchell Starc c Kusal Mendis b Prabath Jayasuriya 1 8 0 0 12.50
Pat Cummins lbw b Kasun Rajitha 5 6 1 0 83.33
Nathan Lyon lbw b Prabath Jayasuriya 5 6 1 0 83.33
Mitchell Swepson lbw b Maheesh Theekshana 3 14 0 0 21.43


Extras 15 (b 5 , lb 6 , nb 3, w 1, pen 0)
Total 364/10 (110 Overs, RR: 3.31)
Bowling O M R W Econ
Kasun Rajitha 25 4 70 2 2.80
Ramesh Mendis 33 1 117 1 3.55
Maheesh Theekshana 16 2 48 1 3.00
Prabath Jayasuriya 36 3 118 6 3.28
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Mitchell Starc b Cameron Green 6 25 0 0 24.00
Dimuth Karunaratne lbw b Mitchell Swepson 86 165 10 0 52.12
Kusal Mendis lbw b Nathan Lyon 85 161 9 0 52.80
Angelo Mathews c Marnus Labuschagne b Mitchell Starc 52 117 4 0 44.44
Dinesh Chandimal not out 206 326 16 5 63.19
Kamindu Mendis b Mitchell Swepson 61 137 7 0 44.53
Niroshan Dickwella c Pat Cummins b Nathan Lyon 5 13 0 0 38.46
Ramesh Mendis lbw b Mitchell Starc 29 98 0 0 29.59
Maheesh Theekshana b Pat Cummins 10 27 2 0 37.04
Prabath Jayasuriya b Mitchell Starc 0 9 0 0 0.00
Kasun Rajitha lbw b Mitchell Swepson 0 9 0 0 0.00


Extras 14 (b 4 , lb 6 , nb 1, w 3, pen 0)
Total 554/10 (180 Overs, RR: 3.08)
Bowling O M R W Econ
Mitchell Starc 29 3 89 4 3.07
Pat Cummins 30 5 95 1 3.17
Nathan Lyon 64 5 194 2 3.03
Cameron Green 6 0 20 0 3.33
Mitchell Swepson 37 2 100 3 2.70
Travis Head 8 0 27 0 3.38
Marnus Labuschagne 6 0 16 0 2.67


Batsmen R B 4s 6s SR
David Warner lbw b Ramesh Mendis 24 44 4 0 54.55
Usman Khawaja c Oshada Fernando b Prabath Jayasuriya 29 47 4 0 61.70
Marnus Labuschagne lbw b Prabath Jayasuriya 32 59 3 0 54.24
Steve Smith lbw b Prabath Jayasuriya 0 4 0 0 0.00
Travis Head b Ramesh Mendis 5 4 1 0 125.00
Cameron Green st Niroshan Dickwella b Prabath Jayasuriya 23 32 2 0 71.88
Alex Carey not out 16 28 0 0 57.14
Mitchell Starc c Prabath Jayasuriya b Kusal Mendis 0 2 0 0 0.00
Pat Cummins lbw b Maheesh Theekshana 16 18 1 0 88.89
Nathan Lyon lbw b Maheesh Theekshana 5 3 1 0 166.67
Mitchell Swepson b Prabath Jayasuriya 0 5 0 0 0.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 151/10 (41 Overs, RR: 3.68)
Bowling O M R W Econ
Kasun Rajitha 5 1 16 0 3.20
Maheesh Theekshana 5 0 28 2 5.60
Ramesh Mendis 15 2 47 2 3.13
Prabath Jayasuriya 16 2 59 6 3.69



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<