යුපුන්ගෙන් තවත් වාර්තාවක්

204

ඉතාලියේ පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා තරගයකට සහභාගි වූ ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 60 ඉසව්වෙහි ජාතික වාර්තාව නැවත වරක් බිඳ හෙලීමට සමත් විය.

එම තරගාවලියේ මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් එම ඉසව්ව තත්පර 6.59ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය එම ඉසව්ව වෙනුවෙන් මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ හොඳම කාලය ලෙස ද සටහන් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

ඒ අනුව 2017 වසරේ දී එම ඉසව්ව තත්පර 6.78ක කාලයකින් අවසන් කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ ජාතික වාර්තාව අලුත් කිරීමට ඔහු හට හැකි විය.

ඉතාලියේ වාසය කරමින් පුහුණුවීම් කටයුතු සිදු කරන යුපුන් පසුගිය වසරේ දී ජර්මනියේ පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කරමින් එහි ජාතික මෙන්ම දකුණු ආසියානු වාර්තාව පිහිටුවීමට ද සමත් විය.

එම ජයග්‍රහණයෙන් පසු ස්විස්ටර්ලන්තයේ පැවති තරගයකට ද සහභාගි වූ යුපුන් ලෝක ශූර ක්‍රීඩකයන් රැසක් අභිබවමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<