යුපුන්ට ඉතාලියේ දී සිව්වැනි ස්ථානය

Roma Sprint Festival 2024

124

ඉතාලියේ පැවැත්වුණු Roma Sprint Festival 2024 ධාවන තරගාවලියේ දී පිරිමි මීටර් 100 ඉසව්වෙන් සිව්වැනි ස්ථානය කර ගැනීමට යුපුන් අබේකෝන් අද (18) සමත් වුනා.

මෙවර තරගවාරයේ ආරම්භයේ පටන් ම 2024 ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා සිය උපරිමය ලබා දෙමින් සිටින යුපුන් අබේකෝන් අද දිනයේ ද එවන් අවස්ථාවක් උරගා බලමින්  ධාවන පිටියට අවතීර්ණ වුනා.

මෙහි දී ඔහු සමඟින් වත්මන් ඔලිම්පික් ශූර Marcel Jacobs ද ධාවනයේ යෙදීමට සූදානමින් පසු වූ අතර, තරගයට සහභාගී වන ක්‍රීඩකයින් අතුරින් Jacobsට පමණක් දෙවැනි වෙමින් තත්පර 9.96ක පෞද්ගලික හොඳම කාලයක් සටහන් වී තිබුණේ ද යුපුන්ගේ නම ඉදිරියෙනුයි.

කෙසේ වෙතත් අද පැවැත්වුණු තරගය නිම කිරීමට යුපුන් විසින් තත්පර 10.21ක කාලයක් වාර්තා කළ අතර, එහි දී ඔහුට හිමි වුනේ තරගයේ සිව්වැනි ස්ථානයයි. Jacobs විසින් තත්පර 10.07ක කාලයක් වාර්තා කරමින් අද තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එහි දෙවැනි ස්ථානය ALI Chituru හට හිමි වුනා.

යුපුන්ගේ තරගය නිමි කාලය සඳහා ඔහු ලබා ගත් තරමක් මන්දගාමී ආරම්භය හේතු වූ බවත් විශ්වාස කළ හැකි. කෙසේ වෙතත් යුපුන්ගේ ඔලිම්පික් බලාපොරොත්තු මෙතෙකින් නිමා නොවන අතර, ඉදිරියේ දී ඔළිම්පික් සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ඔහුට තවත් අවස්ථා ඉතිරිව පවතිනවා.

ඒ පිළිබඳව ද සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<