ගෙවුනු දවස ජුලි 01 – මුල් පුටුව මාරු වෙයි

243

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

හොකි –

රතු සහ නිල් ජය ගනි

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කළ 49 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 19 න් පහළ හොකී තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීමට කොළඹ දිස්ත්‍රික් ‘රතු’ කණ්ඩායම සමත්වු අතර බාලිකා ශූරතාවය දිනා ගැනීමට මහනුවර දිස්ත්‍රික් ‘නිල්’ කණ්ඩායම සමත් විය.

තරගය කොළඹ රීඩ් මාවතේ කෘතීම හොකි ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගය ගියවර ශුරයින් වු මාතලේ රතු කණ්ඩායම 2-1 ලෙස පරදවමින් කොළඹ රතු කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

බාලක –

දක්ෂතම ක්‍රීඩකයා – ධනංජය බණ්ඩාර ( මාතලේ රන් කණ්ඩායම )

දක්ෂතම ගෝල රකින්නා – චාරුක මධුෂංක ( කොළඹ රතු කණ්ඩායම )

බාලිකා –

දක්ෂතම ක්‍රීඩිකාව – වත්සලා ජයසිංහ ( මහනුවර නිල් කණ්ඩායම )

දක්ෂතම ගෝල රකින්නිය – තරුෂි හිමානි ( මහනුවර නිල් කණ්ඩායම )

දැල් පන්දු –

ගයනිට ගිය දැල්පන්දුව

අාසියානු දැල්පන්දු ශූරතාවලියට යන කණ්ඩායමට නායිකාව ලෙස ගයනි දිසානායක නම් කර අැති අතර උප නායිකාව ලෙස දර්ශීකා අබේවික්‍රම නම් කර අැත. ක්‍රීඩාකවන් දෙදෙනාම දක්ෂතා අතින් ඉදිරියට පැමිණි ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන අතර තරගාවලි කිහිපයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභිගී වුවන් වේ.

අද දින පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

මලල ක්‍රීඩා –
කුරේ කෙන්යා ගිහින් රියෝ වලට

කුරේ 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික්‌ උළෙලේ මැරතන් තරගය අවසන් කිරීමෙන් පසු. තම තෙවෙනි ඔලිම්පික්‌ මැරතන් තරගය සඳහා සූදානම් වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ මේ වන විට කෙන්යාවේ පුහුණුවීම් සිදුකරන අතර එළැඹෙන රියෝ ඔලිම්පික්‌ උළෙලේදී ඉහළ දක්‍ෂතාවයක්‌ පෙන්නුම් කිරීමට ඔහුට එහිදී ලැබෙන පුහුණුව ඉවහල් වනු ඇති බව මලල ක්‍රීඩා විචාරක මතයයි.

සම්පූර්ණ ලිපිය: රියෝ යන්නට පෙර කුරේ කෙන්යාවට යයි