19න් පහල ආසියානු යොවුන් කුසලාන තරඟාවලිය තුළ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය මැලේසියාවට එරෙහිව අද (16) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. එහිදී කඩුළු 8ක පහසු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය.

ශ්‍රී ලංකාවට එක් ලකුණක ජයක්

19න් පහල ආසියානු යොවුන් කුසලාන තරඟාවලිය ආරම්භ කරමින්, එහි “A” කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අද (15) කොළඹ NCC පිටියේදී.

අද කාසියේ වාසිය හිමිවූයේ ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් හටයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව මැලේසියානු කණ්ඩායමට ලබාදීමට ඔහු තීරණය කළේය.

ඊයේ (15) නේපාලයට එරෙහිව පැවති තරඟය තුළදී තම සම්පූර්ණ දක්ෂතාවන් ප්‍රදර්ශනය නොකර, අවසන් මොහොතේ ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මේ තරඟයේදී සනාථ කරන්නට යමක් ඉතිරිව තිබිණි. ඒ තමන් ටෙස්ට් රාජ්‍යයක් ලෙස ගෞරවයක් ලබා සිටින කණ්ඩායමක යොවුන් ක්‍රීඩකයන් බවයි.

ඡායාරූප ඇල්බමය

ඒ වගකීම ඉතා හොඳින් අවබෝධ කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරඟයේ මුල සිටම මැලේසියානු පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය. ඒ අනුව ලකුණු 60කදී මැලේසියානු කඩුළු 4ක් දවාලන්නට ඔවුන් සමත් විය.

අයිනුල් හකීම් පමණක් මැලේසියාව වෙනුවෙන් ලකුණු 41ක් වාර්තා කරන්නට සමත් විය. කමිඳු මෙන්ඩිස් සහ අශේන් බණ්ඩාර කඩුළු 3 බැගින් වාර්තා කළේය. මැලේසියානු ඉනිම පන්දු ඕවර 38.2ක් තුළ ලකුණු 104ක් පමණක් ලබාදෙමින් නවතාලන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බල ඇණිය සමත් විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයට අදත් එතරම් සාර්ථක වන්නට නොහැකි විය. ලකුණු 16දී පළමු ශ්‍රී ලංකා කඩුල්ල බිඳ වැටිණි. එනමුත් විශ්ව චතුරංග ආරම්භයේ සිට අවසානය දක්වාම ශ්‍රී ලංකා ඉනිමට ලකුණු එක්කරමින් නොදැවී ලකුණු 68ක් රැස්කළේය. කඩුළු 2ක් පමණක් දැවී තිබියදී ඉලක්කය සම්පුර්ණ කරගන්නට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟ පන්දු ඕවර 18ක් තුළදී පහසු ජයක සැමරුම් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ මැවිණි.

මැලේසියාව – 104 (38.2) – අයිනුල් හකීම් 41, කමිඳු මෙන්ඩිස් 3/10, අශේන් බණ්ඩාර 3/11.

ශ්‍රී ලංකාව – 108-2 (18) – විශ්ව චතුරංග 68*, අශේන් බණ්ඩාර 16*, විරන්දීප් සිං 1/30.

දිනයේ පැවති අනෙකුත් තරඟවල ප්‍රතිඵල.

  • සිංගප්පූරුව – 70 (25.5)
  • බංගලාදේශය – 71-3 (5) බංගලාදේශයට කඩුළු 7ක ජයක්.
  • නේපාලය – 172-9 (50)
  • ඉන්දියාව – 174-4 (33.3) ඉන්දියාවට කඩුළු 6 ක ජයක්.
  • ඇෆ්ඝනිස්තානය – 273-3 (50)
  • පාකිස්තානය – 252 (49) ඇෆ්ඝනිස්තානයට ලකුණු 21ක ජයක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට

MATCH REPLAY