ක්‍රිකට් මහගෙදරට තවදුරටත් බාලගිරි දෝ‍ෂය

74

මෙතෙක් කලක් පැවති අවදානම් සහගත තත්වයෙහි කිසිඳු වෙනසක් දැකගත නොහැකි නිසාවෙන් ජූලි මස 01 වනදා තෙක් කිසිඳු වෘත්තීමය ක්‍රිකට් තරගයක් එංගලන්ත භූමිය තුළ නොපැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය අද (24) දින තීරණය කර තිබේ. 

“ඔහුට එංගලන්තයේ සචින් ටෙන්ඩුල්කාර් වෙන්න තිබුණා” – Andrew Flintoff

එංගලන්තයේ හිටපු පාපන්දු ක්‍රීඩක Phil Neville ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූවා නම් ඔහු ඉතා සාර්ථක ක්‍රීඩකයෙක්…..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ද ඇතුළුව එරට දී පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලි රැසක්ම දින නියමයකින් තොරව කල් දැමීමට තරගාවලි සංවිධායකවරුන් හට සිදුවූයේ ක්‍රීඩකයින් ඇතුළු සියලුදෙනාගේම ආරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු නිසාවෙනි. 

කෙසේනමුත් යම් හෙයකින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු, සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් ජූලි මස ආරම්භයේ දී නිර්මාණය වුවහොත් පසුගිය කාලසමයේ දී මඟහැරී ගිය සියලුම ක්‍රිකට් තරග එම කාලසමය තුළදී නැවත සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුනි. 

එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකින් සැදුම්ලත් ඉන්දීය කාන්තා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ද පෙර සැලසුම් කළ දින වකවානුවල දී ක්‍රියාත්මක කිරීම අපහසු බැවින් එම තරග සියල්ලම ද ජූලි මාසයෙන් පසුව පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ. 

තරග වට ක්‍රමයට දියත් කෙරෙන එංගලන්ත ප්‍රාන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වට 9ක තරග සියල්ලම එකඳු තරගයක් හෝ ක්‍රීඩා නොකර අතහැර දැමීමට කටයුතු කර ඇත. නමුත් එම තරගාවලිය යටතේ පැවැත්වීමට ඉතිරිව ඇති තරග සියල්ල සහ ප්‍රාන්ත එක්දින තරගාවලිය නැවත සකස් කරන ලද නව කාලසටහනකට අනුව ක්‍රියාත්මක කිරීමට සූදානමින් පසුවේ. 

T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත. ලොව පුරා සියලු ක්‍රීඩා තරග හා තරගාවලි….

සුප්‍රසිද්ධ ‘නැට්වෙස්ට් T20 බ්ලාස්ට් තරගාවලිය’ ප්‍රමාද කර තරගවාරයේ අවසාන භාගයේ දී දියත් කිරීමට හැකි නම් වඩාත් යෝග්‍ය බව සඳහන් කර සිටි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් මහාතා ප්‍රකාශ කර සිටියේ එම තරගාවලිය යටතේ ජුනි මාසයේ දී ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ සියලුම තරග සැප්තැම්බර් මස අග භාගය දක්වා කල්දැමීමට සාකච්ඡාවන්ගෙන් අනතුරුව පියවර ගත් බවයි. 

තවද ඉතිහාසයේ පළමු වරට සංවිධානය කෙරෙන ‘The Hundred’ ක්‍රිකට් තරගාවලියේ මංගල තරගවාරය සඳහා ඉහත සඳහන් කළ සියලුම තරගාවලි පැවැත්වීමෙන් අනතුරුව වෙනමම කාලසීමාවක් වෙන් කිරීමේ අදහසක් තමන් සතුව ඇති බවත් ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයකට එළැඹෙන බවත් ඒ මහතා සඳහන් කර සිටියේය. 

ක්‍රිකට් ක්‍රීඩා කරන්න තරම් ආරක්ෂිත, සුදුසු පරිසරයක් නිර්මාණය වනතෙක් අපි කිසිම අවදානමක් ගන්න කැමති නැහැ. අපේ මේ ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ රජයේ පූර්ණ අනුදැනුම ඇතිව ලැබෙන විශේෂ අවසරය යටතේ පමණක් බව මේ වෙලාවේ දී මම මතක් කරලා දෙන්න කැමතියි.” 

“අපි ඉදිරියේ තියෙන විශාලතම අභියෝගය තමයි අනෙක් ක්‍රීඩාවනුත් එක්ක සංසන්දනය කරද්දී ක්‍රීඩකයින්ගේ සහ අනෙක් සියලුම පාර්ශවයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියන එක. ඒ සඳහා මොන ආකාරයේ ජෛව ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන ද කියන එක ගැන අපි මේ දිනවල කථිකාවක නිරත වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<